රටට යමක් සිදුවෙමින් පවතී. දූෂණ, මරණ රට වටින්ම වාර්තා වෙමින් පවතී. හඳුනානොගත් සිරුරු ගංඟාවලින් හමුවෙද්දී අභිරහස් ලෙසින් මියගිය අයගැන තවමත් පරීක්ෂණ කරමින් සිටී. මේ සියල්ල අතරේ මහනුවර දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක කළමනාකාර සහායකවරියක් වශයෙන් සේවය කරන 35 හැවිරිදි කාන්තාවක් බහලත්කාරයෙන් පැහැරගෙන ගොස් සමූහ ආකාරයෙන් දූෂණය කර තිබේ.
අමානුෂික අයුරින් ඇයව දූෂණය කර ඇත්තේ ත්‍රී රෝද රථයක දමාගෙන ගොස් බවට මේ වන විට තොරතුරු වාර්තා වී ඇත. වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය. මෙම රාජ්‍ය සේවිකාව තම මිතුරකු පැමිණෙනතුරු පසුගිය 12 වනදා මහනුවර තැන්නකුඹුර පාලම අසල රැදී සිට ඇත.
මිතුරා පැමිණෙන්නට ටිකක් ප්‍රමාද වූ අවස්ථාවේදී එම ස්ථානය තරුණයින් කිහිපදෙනෙක් ත්‍රී රෝද රථයකින් පැමිණ ඇත්තේ මෙම කාන්තාව තනිවම එම ස්ථානයේ සිටිනු දැකීම නිසාය.
පසුව ඔවුන් එකවරම ත්‍රී රෝද රථයෙන් බැස තරුණියට බලහත්කාරයෙන් එයට නංවාගෙන කුණ්ඩසාලය ප්‍රදේශයට ගොස් තිබේ. එහි 4 දෙනෙකු පමණ සිටි බවට වාර්තාවන අතර පාළු ප්‍රදේශයකට ඇයව රැගෙන ගොස් මොවුන් 4 දෙනා ඇයව වරින්වර අමානුෂික ලෙසින් සමූහ දූෂණයට ලක්කර තිබේ.
එදින රාත්‍රී 12 වන තෙක් මෙලෙස ඇයව දූෂණය කිරීමෙන් අනතුරුව කාන්තාවගේ නිවස පිළිබඳව විමසා මහනුවර නගරයේ තිබූ ඇයගේ නිවසේ මිදුලට ගෙනවිත් දමා පලාගොස් තිබේ. සිද්ධිය සම්බන්දයෙන් ඇය නිවසේ අය දැනුවත් කිරීමෙන් අනතුරුව වහාම ඇයව රෝහල් ගතිකිරීමට කටයුතු කර තිබේ.
ඇය සතුව රුපියල් ලක්ෂයකට අධික වටිනා රන් බඩුද තිබී ඇති අතර දූෂණය කරන අවස්ථාවේ ඒවා සොරාගෙන ඇති බවටද වාර්තා වේ. මහනුවර මූලස්ථාන පොලිසිය සිද්ධිය සම්බන්දයෙන් පරීක්ෂණ පවත්වන අතර සැකකරුවන් කිසිවෙකු මේ වන විටත් අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී නැත...