රංජිත් හරි හොඳයි. එයාට කිසි ප්‍රශ්නයක් නැහැ
සත්‍ය වශයෙන් ම ඇයට කිසිදු අමනුෂ්‍ය බලපෑමක් නෑ
කෙනෙකුගේ සිරුර අභිභවා මනසෙහි සිදුවන වෙනස්කම් පුදුම සහගතය. ඒවා විවිධ ස්වරූප ගනී. බරපතළ විපත්තිදායක සිදුවීමක් මගින් ජීවිතය තුළ සිදුවන පෙරළියක් කල් යෑමේදී එම පුද්ගලයා තුළ විවිධ මානසික ව්‍යාධීන් ඇති කරන අන්දම පිළිබඳ නිදසුන් ඕනෑ තරම් තිබේ.
එවැනි මානසික රෝග මනෝ චිකිත්සක ක්‍රමවේදයන් මගින් සුව කිරීම පිළිබඳ අත්දැකීම් ඇසුරින් මෙම ලිපි පෙළ පළවෙයි.
මේ එවැනි කතාවකි.
මහනුවරට තදාසන්න පෙදෙසක ජීවත් වූ රත්නායක යුවළගේ එක ම දියණිය සුමාලිය. ඇය කුඩා කල පටන් ම ඉගෙනීමෙහි දක්ෂ විනීත ගති පැවැතුම් ඇති ඉතා සංවේදී යුවතියක වූවා ය. ගුරු යුවළක් වූ මවුපියන්ගේ අඩි පාරේ යමින් ඇය ද ඉගෙනීම අවසන් කළ පසු ගුරුවරියක හැටියට රැකියාව ආරම්භ කළාය. මවුපියන්ගේ ආදරය, රැකවරණය මෙන්ම ආශීර්වාදය ද ඇයට නිබඳව ලැබිණි.