ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ දියණිය නව ක්‍රිකට් වාර්තාවක් තැබීමට සමත්ව ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා පවසනවා.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ, Premier Level ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කළ ලාබාලතම ක්‍රීඩිකාව ලෙස ඇය වාර්තා පොත් අතරට එක් වූ බවයි.
Pakenhamහි 6 ශ්‍රේණියේ සිසුවියක වන ලිමන්සා ඩිල්ෂාන් මෙල්බර්න් කණ්ඩායම නියෝජන කිරීමේ අවස්ථාව උදා කරගෙන ඇති බව ද සඳහන්.
වසර 18ක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ අතර වරක් එම කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කළා.