විහිළුවක් වෙන අයට මේක විහිළුවක්...
මම තාමත් රහත් වෙලා නෑ.. එහෙම වුණාම මේවා කරන්නේ නෑ...
මං ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ මානසිකත්වය හදනවා...
අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කර නොමැතිවීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා උප සභාපති තනතුර වෙනුවෙන් පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ලබාදුන් නාම යෝජනාව පසුගියදා ප්‍රතික්ෂේප වුණා.
මෙවර ක්‍රිකට් නිලවරණයට අදාළව පූජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමියන් ද උප සභාපති ධුරය සඳහා පසුගියදා නාම යෝජනා භාර දෙනු ලැබුවේ, උතුරු පළාතේ සෙන්ට් ඇන්තනීස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින්.
හිමිනමක් ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණයක් සඳහා නාම යෝජනා භාර දුන් පළමු අවස්ථාව ද එයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය ක්‍රීඩා අමාත්‍යාංශ ඩන්කන්වයිට් ශ්‍රවණාගාරයේදී ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.
කෙසේ වෙතත් අදාළ නාමයෝජනාව ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව උන්වහන්සේ හිරු වෙබ් ටෝක් සමග මෙලෙස අදහස් දක්වා සිටියා.