Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Feb
27
‘‘ඒයි මූ අපිව දැක්කා. මූ හෙට පොලිසියට කියන්න පුළුවන්. මූට වැඩක් දෙමු...’’ - සල්ලි ගන්නයි සාක්කි වහන්නයි දෙන්නෙක් මරපු අපරාධායේ සුළ මුළ හෙළි වෙයි

- ‘‘ඒයි මූ අපිව දැක්කා. මූ හෙට පොලිසියට කියන්න පුළුවන්. මූට වැඩක් දෙමු...’’ - සල්ලි ගන්නයි සාක්කි වහන්නයි දෙන්නෙක් මරපු අපරාධායේ සුළ මුළ හෙළි වෙයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

13,419 Views
ඒක එදාම සරත් අරගෙන ගියා සර්..
 
රුපීවල කෝවිලවත්තේ මිනිහෙක්ව කපලා කපලා මරලා තියෙනවා..
 
ඉකුත් දිනයක රත්ගම පොලිස් වසමෙන් මිනිස් ඝාතන දෙකක් වාර්තා විය. එක ඝාතනයක් කාන්තාවකගේය. අනෙක පිරිමියකුගේය. කාන්තාව ගෙල සිරකොට මරාදමා තිබුණු අතර පිරිමියා තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබිණි. මේ ද්විත්ව ඝාතනය පොලිසියට ප්‍රහේලිකාවක් විය.
 
මිනිස් ඝාතන දෙකම සිදුකර තිබුණේ මීටර් දෙතුන් සියයක පරතරයක් ඇති දුරකය. කාන්තාව මරා දමා තිබුණේ ඇගේ නිවෙස තුළය. පිරිමියා මරා දමා ඇත්තේ පාරක් කෙළවරය. 

රත්ගම පොලිස් ස්ථානාධිපතිවරයාට පමණක් නොව එම පොලිසියට සම්බන්ධ ජේ‍යෂ්ඨ නිලධාරීන්ටද මෙම ඝාතන දෙක පිළිබඳව ඇති වූයේ දැඩි කුතුහලයකි. ඝාතන දෙකම කළේ එක් අයෙක්ද? නැතහොත් මේවා එකිනෙකට වෙනස් ඝාතන දෙකක්ද? පොලිසිය හමුවේ නැඟුණු ගැටළුවකි.
 
ඉකුත් හයවැනිදා රත්ගම පොලිසියට දුරකථන ඇමැතුමක් ලැබිණි.
 
‘සර්... රුපීවල කෝවිලවත්තේ මිනිහෙක්ව කපලා කපලා මරලා තියෙනවා.’
 
සිද්ධිය සැලවූ වහාම නිලධාරීහු කෝවිලවත්තට ගියහ. රත්ගම පොලිසියේ සිට කිලෝමීටර් දෙකහමාරක් ගාල්ල දෙසට යන විට පන්සල හන්දියද එතැන් සිට කරතුර මාර්ගයේ තවත් කිලෝමීටර් දෙකක් ගිය තැන කෝවිලවත්තද හමුවේ. එතැනින් වමට හැරී තව මීටර් සියයක් පමණ ගිය පසු පාළු ගෙයක් ඉදිරිපිට මිදුලේ පුද්ගලයෙක් කැපුම් තුවාල සහිතව වැටී සිටියේය. සිද්ධිය සැලවීමත් සමඟ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රභාත් විතානගේ, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ගයාන් පුෂ්පකුමාර ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ  ස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කළ අතර ස්ථානාධිපතිවරයාගේ උපදෙස් මත ගාල්ල නිල සුනඛයාද, ඇඟිලි සලකුණු නිලධාරීන්ද, සොකෝ කණ්ඩායම්ද සිද්ධිය වූ ස්ථානයට කැඳවිණි.
 
පසුව මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත්වරයා පැමිණ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණය පැවැත්වීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියෝග කෙරිණි.
 
ඒ සඳහා අධිකරණ වෛද්‍ය නිලධාරීන් වන එස්.ඒ.බී. ඩයස්, පී.ආර්.පී. විජේනායක හා චිත්‍රානි යන කණ්ඩායමද සිද්ධිය වූ ස්ථානයට පැමිණ සිටියහ.
 
කපා කොටා මරා දමා තිබුණේ මිහිඳුකුලසූරිය නුවන් චින්තක යන අය බව හඳුනා ගැනිණි.
 
"අපි ඒ ස්ථානයේ විමර්ශන පටන් අරගෙන ඉන්දැද්දී තවත් පුද්ගලයෙක් පොලිසියට ටෙලිෆෝන් කරලා කියලා තියෙනවා එයාගෙ නංගි ගේ ඇතුළේ මැරිලා වැටිලා ඉන්නවා කියලා. එයා මැරිලා තිබුණෙත් රූපීවල ගෙදරයි. මේ සිද්ධි වුණු ගෙවල් දෙක අතර පරතරය මීටර් 300ක් විතර ඇති. අපි ඒ පාර ඒ ගෙදරටත් 119 පොලිස් ටීම් එකක් යැව්වා. ඉන් පස්සේ මමත් ඕ.අයි.සී. මහත්තයත් ඒ ගෙදරට ගියා."
 
අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපති පුෂ්පකුමාර මහතා විමර්ශන ඇරැඹූ ආකාරය සඳහන් කළේය.
 
එම නිවෙසේ මරා දමා තිබුණේ 72 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක වන කුසුමාවතී ද සිල්වා නමැත්තියකි. ඇගේ සැමියාද විදුහල්පතිවරයෙක් විය. ඔහු මියගොසිනි. හුදෙකලාව ජීවත් වූ ඇයට විශ්‍රාම වැටුප් දෙකක් ලැබේ. ඒ ඇයගේ වැටුප හා සැමියාගේ විශ්‍රාම වැටුපයි. ඊට අමතරව ඇය සතුව යම්කිසි දේපළක්ද තිබිණි.
 
"අපි මේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙනුත් විමර්ශන ආරම්භ කළා. ඒ කාන්තාවගේ මුඛයෙන් ගලාගිය රුධිරයෙන් ඒ අවට තෙත්වෙලා තිබුණා. ඇගේ කටේ දතකුත් බිමට වැටිලා තිබුණා. පස්සේ මෙම මරණයත් මහෙස්ත්‍රාත්වරයාට හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්ට දැන්වූවාට පස්සේ කලින් සිද්ධියට පැමිණි නිලධාරීන්ම මේ සිද්ධියටත් ආවා.
 
පස්සේ තමයි පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූයේ. ඒ මරණ වාර්තාවෙන් හෙළිවුණේ මරා දැමුණු නුවන් නමැත්තා පපුව ප්‍රදේශයට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් අධික ලෙස රුධිරවහනය වීමෙන් මියගොස් ඇති බවයි.
 
ඔහුගේ සිරුර පුරා පිහි ඇනුම් 30ක් පමණ තිබිණි. ඉන් අනතුරුව 72 හැවිරිදි කාන්තාවගේ මරණය පිළිබඳ පැවැති පශ්චාත් මරණයට ලැබුණේ විවෘත තීන්දුවකි. ඇගේ එක් ඉළ ඇටයක් හැරෙන්නට සෙසු ඉළඇට සියල්ලම බිඳී ගොස් තිබිණි. ඇගේ ගෙල මිරිකීම හේතුවෙන් ඇගේ උගුරුදණ්ඩ කැඩී ගොසිනි. මුඛයෙන් ලේ ගලාවිත් ඇත්තේ ඉන්පසුවය. එහෙත් මරණ දෙකම පශ්චාත් මරණ පරීක්‍ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි යූ.සී.පී. පෙරේරා මහතා පොලිසියට දුන්නේ කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් සිදුකර ඊට හේතුවූ කාරණා සොයා බලන ලෙසය.
 
ඒ කෙසේ වෙතත් පොලිසියට අවශ්‍ය වූයේ මෙම ඝාතන දෙකම එක් පුද්ගලයකු හෝ එක් කණ්ඩායමක් විසින් කරන ලද්දක්දැයි දැනගැනීමය. ඒ ඔස්සේ ස්ථානාධිපතිවරයා හා අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපතිවරයා විසින් විමර්ශන අරඹනු ලැබිණි.
 
මේ අතරේ අපේ සොකෝ නිලධාරීන්ට නිරීක්‍ෂණය වෙලා තිබුණා ඒ කාන්තාව මරා දමපු  තැන ගලාගිය ලේ මත පාදයක සලකුණු කිහිපයක් තියෙන බව. ඒ පාදයේ ඇඟිලි හතරක් හොඳටම සටහන් වෙලා තිබුණත් කකුලේ සුළැඟිල්ල ඒ ලේ සටහන්වල තිබුණේ නෑ.
 
ඒ නිසා අපි හිතුවා ඝාතකයාගේ කකුලක අන්තිම ඇඟිල්ල නැති බව. අනික කකුල්වල ඇඟිලි වකුටුයි කොටයි. අපි ඒ ඔස්සේත් විමර්ශනය කළා. කකුල්වල අන්තිම ඇඟිල්ල නැති පුද්ගලයන් සොයමින් රහසිගතව පරීක්‍ෂණයක් කළා. සැක සහිත පුද්ගලයන් ගෙනැල්ලා ප්‍රශ්න කරන ගමන් ඔවුන්ගේ දකුණු කකුලේ ඇඟිල්ලක් නැද්ද කියලා බැලුවා.
 
අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයා කීවේය. එහෙත් කොතෙක් විමර්ශනය කළද සිදුවූ ඝාතන දෙකේම සැකකරුවකු හෝ කණ්ඩායම හොයා ගැනීමට නිලධාරීන්ට හැකියාවක් නොවීය.
 
‘ඔය විධියට විවිධ පැති කිහිපයක් ඔස්සේම විමර්ශන සිදුකළා. මියගිය පිරිමියාගෙ  අනියම් සම්බන්ධයක් නිසා මෙහෙම දෙයක් වුණාද නැත්නම් ඔහුගේ බිරියගේ පැත්තෙන් වුණු එහෙම දෙයක් නිසා මෙහෙම මරලා දැම්මාද කියලා සැකයකුත් ආවා. මොකද පිහිපාර 30ක් ඇනලා මරන්නේ තදබල කේන්තියක් තියෙන නිසා.
 
ඒ වගේම කාන්තාව මරන්න ඇත්තේ එක්කෝ පැන්ෂන් මුදල් ගන්න නැත්නම් ඒ කාන්තාවගේ කිසියම් දේපළක් ගන්න වෙන්න ඇති කියලා. ඔය වගේ පැති කිහිපයක් ඔස්සේ විමර්ශනය කරද්දී අපිට තොරතුරක් ලැබුණා බකල සරත් කියලා කෙනෙක් ගැන. එයාට පොල් සරත් කියලත් කියනවා. ඒත් බකල සරත් නොහොත් පොල් සරත් ඒ වෙනකොටත් ගමේ හිටියේ නැහැ. ඒ නිසා අපි මිනිහව හෙව්වා.
 
වැඩිදුරටත් තොරතුරු හොයද්දී නිලධාරීන්ට අනාවරණය වූයේ බකල සරත් මියගිය කුසුමාවතීගේ නිවෙස පිහිටි වත්තේද පොල් කඩා ඇති බවය.
 
බකල සරත් ගමෙන් අතුරුදන්වීම ගැන තදබල සැකයක් ඇතිකරගත් පොලිස් කණ්ඩායම ඊළඟට ගියේ බකල සරත්ගේ බිරිය සොයාය. 
 
“එයා මාත් එක්ක රණ්ඩුවෙලා ගෙදරින් යන්න ගියා සර්...”
 
“එයාට හෑන්ඩ් ෆෝන් එකක් නැද්ද?”
 
“තිබුණා සර්. මාත් එක්ක රණ්ඩු වෙලා ෆෝන් එකත් කුඩුවෙන්න පොළොවේ ගැහැව්වා.”
 
“ගෙදරින් ගිහින් දවස් කීයක් වෙනවාද?”
 
“දවස් පහක් විතර වෙනවා සර්. හැබැයි එයා මාත් එක්ක කොච්චර රණ්ඩු වෙලා ගියත් දවස් දෙකකට වඩා පිට ඉන්නේ නැහැ. කොහොම හරි ගෙදර එනවා. මේ පාර තමයි තවම ආවේ නැත්තේ...”
 
ඇය පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ කීවාය.
 
පසුව අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඒ අවට දන්න කියන අයට කීවේ බකල සරත් නිවෙසට පැමිණි සැණින් ඒ බව තමාට දැනුම් දෙන ලෙසය.
 
ගත වූයේ හෝරා කිහිපයකි. අපරාධ විමර්ශන අංශය භාර ස්ථානාධිපතිවරයාට තොරතුරක් ලැබිණි.
 
“සර් බකල සරත් ගමට ඇවිත්. ඔන්න උඩුමුල්ල ‍දොළකන්ද පාරේ යාළුවෙක් එක්ක කතා කරකර ඉන්නවා”
 
ඒ අනුව බකල සරත් අත්අඩංගුවට පත්විණි.
 
පොලිස් නිල කාමරයට රැගෙන යන ලද බකල සරත් දෙස හොඳින් බැලූ ස්ථානාධිපතිවරයාගේ දෑස් නැවතුණේ ඔහුගේ දෙපයෙහිය.
 
මිනිහගේ දකුණු කකුලේ සුළැඟිල්ල බිමට වදින්නේ නෑ. පොළොවට උඩින් තියෙන්නේ. ඒ නිසා තමයි අර ලේ ගොඩේ එක ඇඟිල්ලක් පේන්නේ නැත්තේ. ඒ ඇඟිල්ල පොළොවට ගෑවෙන්නේ නැති නිසා අනිත් ඇඟිලි හතර විතරයි වදින්නේ. ඒ කියන්නේ මෙයා තමයි මිනිහා.
 
ස්ථානාධිපති විතානගේ මහතා සැකකරුගෙන් ප්‍රශ්න කරන හැටියට අපරාධ විමර්ශන කණ්ඩායමට නියෝග කළේය. ඒ අනුව බකල සරත්ගෙන් ප්‍රශ්න කිරීම ඇරැඹිණි. මුලදී ඔහු කිසිත් නොකීවද දක්‍ෂ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු අවසානයේදී මිනිස් ඝාතන දෙකේම සුලමුල වමාරන්නට විය.
 
“අපි ඒ ගෑනු කෙනාගේ ගෙදර ගියේ සල්ලි ටිකක් හොරකම් කරගන්න සර්...”
 
“කාත් එක්කද ගියේ?”
 
“වසන්තත් එක්ක”
 
“කවුද වසන්ත කියන්නේ”
 
“සමීර මහත්තයාගේ වත්තේ කුරුඳු තළන කෙනා”
 
වසන්ත නමැත්තාගේ රස්සාව වතුවල, ගෙවල්වල කුලියට කුරුඳු තැළීමය. බකල සරත්ගේ රැකියාව පොල් කැඩීමය.
 
වසන්ත පසුගිය දවස්වල කුරුඳු තැළුවේ සමීර මහත්තයාගේ වත්තේය. බකල සරත්ද ඒ වත්තට පොල් කැඩීමට ගියේය. ඒ නිසා දෙන්නා මිතුරු වූහ. ඒ නිසා අඩි ගැහැව්වේත්, මලක් ගැහැව්වේත් එකටය.
 
දවසක් ඔය වත්තේ ඉන්දැද්දී සරත් යෝජනාවක් දැම්මා. අතේ සල්ලිත් නැහැනේ බං... කුසුමා නැන්දලාගේ ගෙදර නම් සල්ලි ඇති. පැන්ෂන් පඩි දෙකකුත් හම්බවෙනවනේ. ගිහින් ගේමක් ගහමුද?” කියලා, වසන්තත් ඒකට කැමැති වුණා.
 
ඉන් පස්සේ දෙන්නා රෑ අටට විතර  කුසුමාවතීගේ ගෙදරට ගියා. මේ දෙන්නා ගියේ පිටිපස්ස පැත්තෙන්. 
 
ඒ වෙනකොට කුසුමාවතී සාලයේ රූපවාහිනිය බලබලයි හිටියේ. දෙන්නා කුස්සි ගාව තියෙන ජනේලේ ළඟ කැඩුණු දැලෙන් අතදාලා කුස්සියේ සොයිබෙ ඇරගෙන ගේ ඇතුළට ගියා. 
 
මෙයාලා ගේ ඇතුළට යද්දී කකුලේ මොකක්ද වැදුණා. ඒ සද්දෙට කුසුමාවතී නැඟිටලා කුස්සිය පැත්තට ආවා. එතකොටම සරත් කුසුමාවතීව තල්ලු කෙරුවා. කුසුමාවතී බිම වැටුණා. එක්කම කුසුමාවතී සරත්වයි, වසන්තවයි හඳුනා ගත්තා.
 
“සරත් මොකද උඹ මෙහේ?”
 
ගෑනු කෙනා එහෙම නම කියලා කතා කරන කොට පොලිසියට මේක කියාවි කියලා මුන් සැක කෙරුවා. ඒ හින්දා බිම වැටුණු කුසුමාවතීගේ ඇඟ උඩ නැඟගෙන වසන්තයා බෙල්ල මිරිකුවා. බකල සරත් ගෑනු කෙනාගේ අත්දෙක බිමට තියලා තදකරගෙන අල්ලගෙන හිටියා. දඟලල දඟලල නිශ්ශබ්ද වුණා. මුන් හිතුවේ සිහිය නැති වෙන්න ඇති කියලයි. ඉන් පස්සේ දෙන්නා සල්ලි හොයන්න අල්මාරිය ඇවිස්සුවා.
 
කුසුමාවතීගේ ඇඳුම් පැලඳුම් ඇති කළුවර කබඩ් එක අවුස්සමින් මුදල් හෝ රන් අභරණ සොයන්නට වූ මොවුන්ට අවසානයේ සොයා ගැනීමට හැකිවූයේ ඇය සතු කුඩා මුදල් පසුම්බිය පමණි. එහි තිබුණේ රුපියල් දෙදහසකි. 
 
‘ඒයි මේකත් ගමුද... රත්රන්ද දන්නේ නැහැ...’ වසන්තගේ කීමට රන් පැහැති මංජුසාවක්ද පැහැර ගැනිණි. දෙදෙනා කුසුමාවතීගේ නිවෙසින් පිටට ගියේ ඉන් පසුවය.
 
‘ඉන් පස්සේ මේ දෙන්නා මඟට ඇවිත් රුපියල් දෙදහ දෙකට බෙදා ගෙන හර්ෂ මහත්තයාගේ පොල් වත්තට ආවා. මොකද බකල සරත් පුෂ්බයික් එක එහෙ දාලා තමයි මේ රොබරියට ගිහින් තිබුණේ.
 
ඔය වත්තට යන අතරේ කවුදෝ කෙනෙක් බයිසිකලයක් තල්ලු කරගෙන පාරේ එනවා මේ දෙන්නා දැක්කා. හොඳට බලද්දී ඒ චින්තකයා. දෙගොල්ලෝම හඳුනන අය. චින්තක ගෙදර යමිනුයි හිටියේ. වෙරි වැඩිකමට බයිසිකලේ පැදගන්න බැරුවයි වැනි වැනි ආවේ.
 
‘ඒයි මූ අපිව දැක්කා. මූ හෙට පොලිසියට කියන්න පුළුවන්. මූට වැඩක් දෙමු.’
 
වසන්තට එසේ කියූ සරත් ඉන්පසු චින්තකට ‘වරෙන් බං තව ටිකක් ගහමු’ යැයි කියමින් ඉදිරියට කැඳවාගෙන ගියේය. ඒ, ඒ අවට සී.සී.ටී.වී. කැමරාවක් ඇති බව සරත් හොඳින් දැන සිටි නිසාය. මෙලෙස කිසිවකු නැති පාළු නිවෙසක් අසලට කැඳවාගෙන යන ලද චින්තකට අත්වුයේද මරණ යයි.
 
දෙදෙනා ළඟම පිහි දෙකක් තිබුණා.
 
ඒ දෙකෙන්ම මුන් චින්තකට ඇන්නා. ඇඟේ හැම තැනටම ඇන්නා. පිහිතල චින්තකගේ පපුව, පෙණහැල්ල කපාගෙන ඇතුළට බැස්සා. ලේ පැන්නා. පස්සේ චින්තකව ඇදගෙන ගිහින් පාරට දාලා මුං දෙන්නා හර්ෂ මහත්තයාගේ වත්තට ගියා. කුරුඳු මිටියක් අස්සේ සරත් තමන්ගේ පිහිය හැංගුවා. 
 
පොලිස් කණ්ඩායම සරත්ගේ ප්‍රකාශය සටහන් කර ගත්හ. සරත්ගේ කුරුඳු මිටිය තුළ සඟවා තැබූ උල් පිහියද පොලිස් නිලධාරීන්ට දුන්නේය. 
 
මිනිස් ඝාතන දෙක සිදුකරද්දී බකල සරත් හැඳ සිටි ඇඳුම් ඔහුගේ නිවෙසේ සඟවා තිබියදී සොයා ගැනීමට නිලධාරීන්ට හැකි විය. ඒවායේ රුධිරය තැවරී තිබිණි.
 
අපි වසන්ත ගැන හොයලා බලද්දී දැනගත්තා මිනිහා මුහුදු ගිහින් කියලා. පස්සේ අපි මිනිහා ගොඩට එනකල් විමසිල්ලෙන් සිටියා.
 
‘ඔය අතරේ තොරතුරක් ලැබුණා වසන්ත ගිය බෝට්ටුව ගොඩට ඇවිත් කියලා. පොලිස් පරීක්‍ෂක හෙට්ටිආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් හික්කඩුව පියර් එකට ගිහින් වසන්ත ගොඩට එනකොටම අල්ල ගත්තා.
 
එලෙස අල්ල ගත් වසන්ත රත්ගම පොලිසියට ගෙන ඒමෙන් අනතුරුව ප්‍රශ්න කොට ප්‍රකාශයක් ලබගන්නා විටත් බකල සරත් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ තිබිණි.
 
‘කෝ උඹ චින්තකට ඇනපු පිහිය?’ නිලධාරීහු ඔහුගෙන් ඇසූහ.
 
‘ඒක එදාම සරත් අරගෙන ගියා සර්...’
 
වසන්ත පොලිසියට කීවේ ඇත්තක්ද නැද්ද යන්න මෙතෙක් අනාවරණය කර ගත නොහැකි විය.
 
සැකකරු ගාල්ල අතිරේක මහෙස්ත්‍රාත් ලලිත් පතිරණ මහතාගේ නිල මැදිරියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාර්තු 4 දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරිණි.
 
දකුණු පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ද සිල්වා මහතාගේ අධීක්‍ෂණය මත ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නුවන් වෙදසිංහ, ගාල්ල කොට්ඨාස භාර ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි විකුම් ගිනිගේ, ගාල්ල ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි දුල්ෂාන් නාගහවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් යටතේ රත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රභාත් විතානගේ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් පරීක්‍ෂක හෙට්ටිආරච්චි, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක ගයාන් පුෂ්පකුමාර ප්‍රමුඛ උප පොලිස් පරීක්‍ෂකවරුන් වන රංජිත් ජයසිංහ, සැරයන් ප්‍රියන්ත (13443) හා කොස්තාපල්වරුන් වන නවරත්න (85210), දළුගොඩ (66651) හා උසාවි කටයුතු භාර උප පොලිස් පරීක්‍ෂක දේවසිංහ ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳ පැවැත්වූ විමර්ශනවලට එක්ව සිටියහ.
 
පොලිස් පරීක්‍ෂණ ඇසුරෙනි.
කීර්ති මෙන්ඩිස්
Make a Comment
Make a Comment


මෙන්න බලන්න තවත් ගොසිප්




Recent Gossip Post




Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Top