ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට සහභාගි වන බටහිර ඉන්දීය කොදෙව් සංචිත මේවන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
කොදෙව් එක්දින සහ පන්දුවාර 20 කණ්ඩායම් වල සුක්කානම හිමිව තිබෙන්නේ කිරන් පොලාඩ්ටයි.
එමෙන්ම කොදෙව් පන්දුවාර 20 සංචිතය සදහා වසර 2කට පසු සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් ද කැඳවා තිබෙනවා.
මීට අමතරව වසර නවයකට පසු වේග පන්දු යවන ක්‍රීඩක ෆිඩෙල් එඩ්වඩ්ස් කොදෙව් සංචිතයට කැදවන්නට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබීමත් කැපී පෙනෙනවා.
14 දෙනෙකුගෙන් සමන්විත කොදෙව් පන්දුවාර 20 සංචිතය වන්නේ කිරන් පොලාඩ් ,නිකලස් පූරන්, ෆේබියන් ඇලන්, ඩුවයින් බ්රාවෝ, ෆිඩෙල් එඩ්වඩ්ස්,අන්ඩ්‍රේ ෆ්ලෙචර්, ක්‍රිස් ගේල්,ජේසන් හෝල්ඩර්,අකීල් හුසේන්,එර්වින් ලුවිස්,ඕබෙඩ් මැකෝයි,රොව්මන් පවෙල්, ලෙන්ඩ්ල් සිමන්ස් සහ කෙවින් සින්ක්ලෙයාර්.
මේ අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියට නම් කළ කොදෙව් සංචිතයට ක්‍රීඩකයින් 13 දෙනෙක් ඇතුළත්.
කොදෙව් එක්දින සංචිතය වන්නේ කිරන් පොලාඩ්,ශයි හෝප්,ෆේබියන් ඇලන්,ඩැරන් බ්රාවෝ,ජේසන් හෝල්ඩර්,අකීල් හුසේන්,අල්සාරි ජෝෂප්,එර්වින් ලුවිස්,කයිල් මේයර්ස්,ජේසන් මොහොමඩ්,නිකලස් පූරන්,රොමාරියෝ ෂෙපර්ඩ් සහ කෙවින් සින්ක්ලෙයාර්.
මේ අතර ශ්‍රී ලංකා පන්දුවාර 20 නායක දසුන් ශානකගේ මුහුණ දී සිටින වීසා ගැටලුව හේතුවේන් බටහිර ඉන්දීය කොදෙව්වන් සමග පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් මගහැරීමේ අවදානමකට මුහුණ දී සිටිනවා.
ශානකට තවමත් මෙරට රැදීසිටින අතර ඔහුට කොදෙව් දේශය බලා පිටත්ව යන්නට අමෙරිකාවේ සිට අතරමැදි වීසා තවමත් ලැබී නැහැ.
එම ගැටලුව නිරාකරණය කර ශානකට වීසා ලැබුණත්, කොදෙව් දේශයේ තිබෙන නිරෝධායන නිතී රිතීන්ට අනුව විදෙස් රටක සිට පැමිණෙන්නට දින 3ක කාළයක් නිරෝධායන සදහා යොමුවීම අනිවාර්ය වනවා.
මේ හේතුවේන් ඔහුට බොහෝ දුරට පන්දුවාර 20 තරගාවලියේ මුල් තරග කිහිපය මගහැරෙනු ඇති.
එසේ වුවහොත්, පන්දුවාර 20 ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන නායකත්වය ටෙස්ට් සහ එක්දින නායක දිමුත් කරුණාරත්නට ලබා දීම කෙරෙහිත් කණ්ඩායම් කළමනාකාරීත්වයේ අවධානය යොමු වී තිබෙනවා.
කෙසේ වෙතත් දිමුත් තවමත් ජාත්‍යන්තර පන්දුවාර 20 තරගයක් ක්‍රීඩා කර නොමැති වීමත් කැපී පෙනෙනවා.