ESR යනු ආසාදන, පිළිකා සහ ස්වයං ප්රතිශක්තිකරණ රෝග ඇතුළු උග්‍ර සහ නිදන්ගත (එනම් කෙටි හෝ දිගු කාලීන) රෝග තත්වයන් හඳුනා ගැනීමට පහසු, මිල අඩු, පරීක්ෂණයකි.
ESR අගය වැඩි නම් තවදුරත් පරික්ෂණ කර රෝගය නිශ්චිතව හදුනා ගත යුතුයි.
විශේෂයෙන් කාලයක් තිස්සේ ඔබට කැම අරුචිය සහ බර අඩු විම , පවතීනම් මෙම පරික්ෂණය කිරිම තුලින් රෝගයක් ඇත්ද යන්න හදුනා ගත හැක
මෙම පරික්ෂණය සදහා නිරාහාරව සීටිම අවශ්යය නොවේ.
ESR මට්ටම් සඳහා සාමාන්යය පරාසය කුමක්ද?:
වයස අවුරුදු 50 ට අඩු පිරිමින් සඳහා 0 සිට 15 දක්වා
වයස අවුරුදු 50 ට වැඩි පිරිමින්ට 0 සිට 20 දක්වා
වයස අවුරුදු 50 ට අඩු කාන්තාවන්ගේ 0 සිට 20 දක්වා
වයස අවුරුදු 50 ට වැඩි කාන්තාවන් සඳහා 0 සිට 30 දක්වා
කුඩා ලමයින්ගේ 10 ට අඩුයි
මෙම පරික්ෂණය සිදු කරන අවස්තා
කොන්දේ කැක්කුම
හන්දි කැක්කුම
හන්දී ඉදීමිම
දිගු කලක් පවතින කැස්ස
දිගු කලක් පවතින කැම අප්රියතාවය
තෙහෙට්ටුව, සහ රාත්රියට ඇතිවන සුලු උන
මස් පිඩු වේදනාව
කැම අරුචිය සමග බර අඩු විම
දිගු කලක් පවතින බඩ බුරුලට යාම
කුද්දටි ඉදීමිම
ශරිරයේ සැගවුනු ලෙඩක් පවතීද යන්න දල අදහසක් ගැනීමටද ESR යෝදා ගත හැක
ආසාදන (ශරීරයේ ඔනැම අවයවයකට විශබිජයක් යාම)
පිලිකා (ලියුකෙමියා,ලිම්පොමා ,මල්ටිපල් මයෝලොමා ආදී බොහෝ පිලිකා)
ආතරයිටිස්
ක්ෂය රෝගය
ස්වයං ප්රතිශක්තිකරණ රෝග (SLE ,GCA etc).
ආහාර මාර්ගය ආශ්රිත රෝග (අල්සරෙටිවු කොලයිටිස්, ක්රොන්ස්)
වකුගඩු රෝගය
රක්තහීනතාවය
ස්වයං ප්රතිශක්තිකරණ ආබාධයක් යනු ප්රතිශක්තිකරණ පද්ධතිය වැරදි ලෙස පහරදී නිරෝගී ශරීර පටක විනාශ කිරීමයි. ස්වයං ප්රතිශක්තිකරණ ආබාධ සහිත පුද්ගලයින් තුළ ESR බොහෝ විට සාමාන්යයට වඩා වැඩිය.
පොදු ස්වයං ප්රතිශක්තිකරණ ආබාධවලට ඇතුළත් වන්නේ:
ලූපස්
Polymyalgia rheumatica
වැඩිහිටියන් හෝ ළමුන් තුළ රූමැටොයිඩ් ආතරයිටිස්
ආසාත්මික vasculitis
ජයන් සෙල් ආතරයිටිස්
Hyperfibrinogenemia
නෙක්රොටිසින් වස්කියුලයිටිස්
ESR අනුපාතය වැඩි වීම සමහර ආසාදන(විශ බිජ ශරීරයට ඇතුල් විම) නිසා විය හැක:
ශරීරය පුරා (පද්ධතිමය) ආසාදනය
අස්ථි ආසාදන
හෘදයේ හෝ හෘද කපාට ආසාදනය වීම
රූමැටික් උණ
erysipelas වැනි දරුණු සමේ ආසාදන
ක්ෂය රෝගය
ESR අගය ඉහලම අගයක් ගන්නේ නම් (60,70 සමහරවිට 100ටත් වැඩි ) දරුනු රෝගයක් වුවද විය හැක.
01- අවරැදු 60 පුද්ගලයෙකුගේ කොන්දේ වේදනාවක් සදහා ESR කල විට එහී අගය 90ක් වුනා ,වැඩ්දුර පරික්ෂණ වලින් ලේ පිලිකාවක් වන මල්ටිපල් මයෙලොමා රෝගය හදුනා ගත්තා , රෝගය කල්තියා අදුනා ගැනීම නිසා ඔහු අදටත් නිරෝගිව සිට්. මෙවැනී රෝගින් බොහොමයක් හදුනා ගෙන ඇත.
02- අවුරැදු 30 තරැනයෙකුගේ කොන්දේ කැක්කුමට ESR කලවිට එහී අගය 58 විය. වැඩි දුර පරික්ෂණ කිරීමෙදී අර්තරයිටිස් තත්වයක් වන ඇන්කයිලිසින් ස්පොන්ඩිලයිසොසිස් රෝගය හදුනා ගත්තා,මෙවන විට රෝගය කල් තියා හදුනා ගත් නිසා ඔහු නිරොගිව සිටි.
03- කැම අරැචිය සහ බර අඩු විම ඇති රෝගින් කිහිපයකටම ESR කීරීමෙදී 50ට වැඩි අගයක් තිබුනු අතර ඔවුන්ට විවිධ ස්තාන වල පිලිකා සොයා ගත්තා
04- ඇගිලි පුරැක් කැක්කුම සහ උදේට හිර ගතියක් තිබු තරැන කාන්තාවකට ESR කීරීමෙදී එහී අගය 60ක් පමණ වු අතර වැඩි දුර පරික්ෂණ කිරීමෙදී ස්වයං ප්රතිශක්තිකරණ රෝගයක් වන SLE බවට හදුනා ගන්නා ලදී.
05- ඔලුවේ එක් පැත්තක ඉදිරි පස තද හිසරදයක් පැවති වයස 70ක පමණ පුද්ගලයෙකු ගේ ESR අගය 100ක් විය . වැඩි දුර පරික්ෂණ කිරිමෙදී ස්වයං ප්රතිශක්තිකරණ රෝගයක් වන් ජ්යන්ට් සෙල් අටරයිටිස් (JCA) රෝගය හදුනා ගැනිනි
06- මාසයක් කට වඩා තිබු කැස්ස, රැට උන මද උණ ගතිය, බර අඩු විම ඇති රෝගින් කිහිපයකගෙ ESR වැඩි විම (50 ට වැඩි) ක්ෂයරෝගය (TB)හදුනා ගත්තා, නියමිත ප්රතිකාර ගැනීමෙන් ඔවුන් සියල්ලම නිට්ටාවට සුවය ලැබුවා.
07- කැස්ස නොමැතිව රාත්රියට මද උණ, කැම අරැචිය ,බර අඩු විම ඇති රොගින් කිහිපයකගේම ESR වැඩි විම නිසා පෙනහලු වලින් පිටත විවිධ අවයව වල ක්ෂය රෝගය (TB) හදුනා ගත්තා,
කායික රොග පිලිබද විශේෂඥ වෛද්ය
බන්දුල සත්කුමර