මේ කියන්න යන්නේ සමාජ මාධ්‍ය නිසා අපි කවුරුත් හඳුන ගත්ත යුවලක් ගැන කතාවක්...
විදෙස් රටක තනිවෙලා ඉන්න මේ දෙන්නා නිතරම ලංකාවේ හැම කෙනෙක්ගේම අවදානය දිනා ගන්නේ ඒ දෙන්නාගේ සමාජ මාධ්‍ය හරහා නේ...
කොහොම වුණත් කොරොයාවේ ඉඳලා ඒ අත්දැකීම් ලාංකිකයන්ට ගොඩක් ආදරයෙන් සමීප කරන නිසා ඒ හැම දෙයක් එක්කම එකතු වෙලා ඉන්න මේ දෙන්නාට දැන් ගොඩක් දෙනෙක් ආදරය කරනවා..
කොහොම වුණත් දැන් මේ දෙන්නාගේ ආදරය හොරකම් කරන පුංචි පැංචියක් ඒ ඩෙහෙන්නාගේ තුරුලට ඇවිල්ලා.. අම්මා වගේම තාත්තත් දින සති මාස ගැන ගැන තුරුලු කරගන්න බලාගෙන හිටිය මේ පුංචි මැණිකට දැන් මාස තුනක් ලු...
මේ බලන්නකෝ ඒ වෙනුවෙන් , මේ පුංචි පැංචි වෙනුවෙන් samee and sandu එක්කළ අදරණීය සටහන මෙන්න...
"දින සති ගෙවිලා ගිහින් අපිටත් හොරෙන්ම අපේ පුංචි දෝණි මැණිකට මාස 3කුත් ලංවුනා.
ඔයා අම්මිගෙ බන්ඩියට ආපු දවසේ ඉදලම අම්මියි තාත්තියි ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියෙ ඔයාගෙ ඔය ලස්සන මූන දකින්න , ඔය පුංචි දගකාරකම් බලන්න ,
ඇත දුර රටක ,අපේම කියන කිසි කෙනෙක් ලග නැතිව ,දැනෙන හැම වේදනාවක්ම තනියම දරාගෙන ,පැය ගනන් නිදි මරන් ,ගොඩාක් අමාරු කාලයක් ගත කරන් මේ ආපු ගමන කොච්චර වෙහෙසකර උනත් , ඔයාගෙ එක පුංචි සිනහවකින් අම්මිගෙයි තාත්තිගෙයි ඒ වේදනාවන් සේරම නැතිවෙලා යනවා පුංචි පැංචියේ..
දවසින් දවස ලස්සන මතකයන් එකතු කරමින් ඔයා දැන් අපේ මුලු ජීවිතයම ජීවත් කරවනවා...වචනයෙන් කවදාවත් විස්තර කරන්න බැරි අමුතුම හැගීමක් ඔයාව දකින හැම මොහොතකම හදවත ගැඹුරටම දැනෙනවා..ගොඩාක් ස්තුතියි අපි ලගට ආවාට පුංචි දෝණියෝ....
සතුට, ජයග්රහණයන්, හිමිවීම්, වගේම ලෝකයාගෙන් එන හිත් රිදීම්, ගැරහුම්, ප්‍රතික්ෂේපවීම්, පරාජයවීම්, සියල්ල සම සිතින් දරාගනිමින් ජීවිතය ජය ගන්නට, කාගෙත් හිත් වලට සතුට , සිනහව විතරක්ම ගෙන එන , හොද ආදරණීය දියණියක් වෙන්න අපේ දෝණිට පුලුවන් වෙන්න කියලා අම්මියි තාත්තියී හදවතින්ම ප්‍රාර්ථනා කරනවා...
හැමදාමත් ගොඩාක් ආදරෙන් රකින්නම් දෝණි පණ.. ගොඩාක් ආදලෙයි අපේ පුංචි සුරංගනාවියට..."