දහම් පාසල් නිමාවීමෙන් අනතුරුව තරිඳු පැමිණි බස් රිය නතර කළේ අම්බලන්තොට, මයුරපුර මහවැලි කාර්යාලය ඉදිරිපිට කහ ඉරට ඉදිරිපසින්. බස් එකනේ බැහැපු තරිඳු බස් එක ඉස්සරහින් ගිහිල්ලා කහ ඉරෙන් පාර පනින්න හැදුවා.
ඒ වෙලාවේ තරිඳු කහ ඉර හරහා යමින් සිටි නිසා පසුපසින් පැමිණෙන ටිපර් රථය දුටු බස් රියේ රියැදුරා සංඥා කර තිබුණේ ටිපර් රථය නවතන ලෙසයි. නමුත් මුදලට ලොබ වී තවත් ගමන් වාරයක් වැඩි කර ගන්නට පියඹා ගිය ටිපර් රථයේ රියැදුරාට එම සංඥාවට අවනත වන්නට තරම් සිතක් තිබුණේ නැහැ.
ඇසිල්ලකින් සියල්ල සිදුවී අවසන් විය.
ආරක්ෂිතව මාර්ගය හරහා යෑමට ඇති කහ ඉර මතදීම තරිඳුගේ ඉරණම අවසානාවන්ත ලෙස විසඳී අවසන් විය. අනතුරින් පසුවත් වේගය පාලනය කරගත නොහැකි වූ ටිපර් රථය නවතාගෙන තිබුණේ කහඉර පසුකර මීටර් 100 ක් පමණ ධාවනය කිරීමෙන් අනතුරුවයි. ඉන් පසුව අදාළ මිනිමරු ටිපර් රථ රියදුරා පලා ගොස් තිබුණා.
මේ සමග ප්‍රකෝපකාරී වූ ප්‍රදේශවාසින් වන්නේ අනතුර සම්බන්ධයෙන් අම්බන්තොට පොලිසිය සාධාරණ පරීක්ෂණයක් සිදු කිරීමට උත්සාහ නොකරන බවට චෝදනා කරමින් දැඩි විරෝධතාවක නිරත වුණා. පසුව සිද්ධියෙන් කෝපයට පත් ප්‍රදේශවාසින් විසින් ටිපර් රථයට ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.
මේ අතර ප්‍රකෝපකාරී වී සිටි ප්‍රදේශවාසීන් විසින් හම්බන්තොට - සූරියවැව ප්‍රධාන මාර්ගයද අවහිර කළා. අනතුර සිදුකළ ටිපර් රථය එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසියට හැකි වූයේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදු කරන බවට ප්‍රදේශවාසීන්ට ලබාදෙන පොරොන්දුවකින් පසුවයි.
ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ මෙම මාර්ගයේ දිනපතා ගමන් ගන්නා වැලි ටිපර් අධික වේගයෙන් ගමන් ගන්නා කරන බවයි.
මෙරට මාර්ග පද්ධතියේ ඇති වී තිබෙන සංවර්ධනයෙන් ඒ අයුරින් රිය පදවන්නන්ට නොලැබීම හේතුවෙන් මහ මග අවසන් වන ජීවිත සම්බන්ධයෙන් තොරතුරු නිරන්තරයෙන් වාර්තා වීම අවාසනාවන්ත තත්ත්වයක්. පොලිසිය පැවසුවේ මේ වන විටත් ටිපර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බවයි. වීඩියෝව පහතින්..
VIDEO