Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
28
ජීවිතයම තල් පත් ඉරුවක ලියන අරුම පුදුම අනාවැකි කියන නාඩි ශාස්ත්‍රය ගැනයි මේ...

- ජීවිතයම තල් පත් ඉරුවක ලියන අරුම පුදුම අනාවැකි කියන නාඩි ශාස්ත්‍රය ගැනයි මේ...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

57 Views

නාඩි ජ්‍යෝතිෂ්‍ය ආරම්භ වී තිබෙන්නේ දකුණු ඉන්දියාවේ චෝල ප්‍රදේශයේ මීට වසර 1000කට පමණ පෙර දී. එතෙක් අපේ රටේ පැවැතියේ ලග්න 12 ආශ්‍රයෙන් පලාපල කීමයි.



කවුරුත් දන්නා පරිදි මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන යනාදී ලෙසින් ලග්න 12ක් තිබෙනවා. එම ලග්න 12න් ග්‍රහයන් ගමන් කරන අහසේ පථයක් වශයෙන් අපිට පෙනෙන වෘත්තාකාර අහස කොටස් 12කට බෙදා වෙන්කිරීම සිදු වෙනවා. අපිට පෙනෙන්නේ දිනකට මෙම කොටස් 12 කරකැවෙනවා කියායි. නමුත් ඒවා කරකැවෙන්නේ නැහැ. මේ කොටස් 12 ග්‍රහයන් ගමන් කරන, චන්ද්‍රයා ගමන් කරන සහ සූර්යයා ගමන් කරන පථය පසුබිම වශයෙන් පෙනෙන්නේ ඒ නිසායි.

යම්කිසි පුද්ගලයකු උපදින වේලාවෙදී නැඟෙනහිර අහසේ පැවැතුණු කොටස් 12න් එක් කොටසක නම තමයි ඒ අයගේ ලග්නය වශයෙන් ලබාදෙන්නේ. ඉන්පසුව එම වෙලාවේ විවිධ කොටස් පසුබිම් කරගෙන සිටිය ග්‍රහයන් මොනවාද කියා ගණනය කරන්න පුළුවන්. ඒවා එම ස්ථානවලට යොදා කේන්දර කොපියක් සාදා ලග්නය මැදට දමා වටේට කොටු 12ක් ඇඳ 1, 2, 3, 4 යනාදී ලෙස අංක යොදා හිටපු ග්‍රහයන්ගේ නමේ මුල් අකුර ලියනවා. ඒ ආශ්‍රයෙන් තමයි කේන්දරය කියන එක සාදා පලාපල කියන්නේ.

ඒ වගේම තව කොටුවක් තිබෙනවා නව අංශක කොටුව කියලා. එක ලග්නයක් තිබෙන කාලය සාමාන්‍යයෙන් පැය 2ක් ගතවෙනවා. ඒ ආකාරයෙන් ලග්න 12ට පැය 24ක් ගතවෙනවා. ලග්නය තව කුඩා කොටස් 9කට නව අංශක යනුවෙන් බෙදා වෙන් කරනවා. ලග්නයෙන් ගතවන කාලයෙන් දශම 9ක කොටසක් තරම් කුඩා කාලයකට මෙම ග්‍රහයන්ගේ වෙනස්කම් දැක්වෙන චක්‍රයකුත් සාදා තිබෙනවා. එය ලග්නයට පමණක් තිබෙන චක්‍රයට වඩා කුඩා බෙදීමක්. ඒ නිසා ග්‍රහයන් සිටින ස්ථානය ලග්නය කියනවාට වඩා නව අංශකය කොටස් 9න් පංගුවෙන් කොහෙද ඉන්නෙ කියලා කියන්න පුළුවන්. ඒ අනුව සූක්ෂ්ම ලෙස පලාපල කියනවා යැයි කියා කියනවා. ඒ වගේම චන්ද්‍රයා ගමන් කරන්නේ හරිම හෙමින්. චන්ද්‍රයා වටයක් ගමන් කරන්න මාසයක් වැනි කාලයක් ගතවෙනවා.

ලග්න 12කට වඩා කුඩා කොටස්වලට චන්ද්‍රයා ගමන් කරන මාර්ගයේම ජ්‍යෝතිෂ්‍යෙයෙන් කොටස් 27කට බෙදා වෙන්කර තිබෙනවා. එම 27 බෙදුවේ චන්ද්‍රයා සිටින කොටස් නිවැරැදිව කියන්න. එය තමයි නැකැත් 27 ලෙස හඳුන්වන්නේ. එලෙස පලාපල කියන ක්‍රමයට වඩා සූක්ෂ්ම වේලාවකට ලග්න බෙදලා පලාපල කියන ක්‍රමය නාඩි ශාස්ත්‍රය ලෙස හඳුන්වනවා. ඒ අය එක රාශියක් කොටස් එකසිය පනහකට බෙදලා තිබෙනවා. විනාඩියෙන් දශම අටකට තරම් පොඩි කාලෙකට ග්‍රහයන්ගේ වෙනස් වීමේ ක්‍රමය නාඩි ජ්‍යෝතිෂ්‍යය ලෙස හඳුන්වනවා. ඔවුන් පවසන්නේ සාමාන්‍ය ජ්‍යෝතිෂ්‍යයට වඩා නාඩි ජ්‍යෝතිෂ්‍යය වඩා නිවරැදි බව. ඒ අනුව ජ්‍යෝතිෂ්‍ය අනුව පලාපල කියන ක්‍රමය තමයි නාඩි ජ්‍යෝතිෂ්‍යය වශයෙන් ඒ කාලයේ ප්‍රචාරය වී තිබෙන්නේ.

මේ අයගේ මතය වන්නේ නාඩි ජ්‍යෝතිෂ්‍ය උගන්වන තුන් කල් පෙනෙන සෘෂිවරු පලාපල පුස්කොළපොත්වල පත්‍රිකාවල ලියලා තිබෙනවා කියලා. එම පත්‍රවල තිබෙන්නේ අනාගතයේ උපදින අයගෙත් වර්තමාන ජීවත්වන අයගේ සහ මීට පෙර ඉපදුණු අයගේ යන ඒ සියල්ලගේම පලාපල බවයි. එක්කෙනකුට එක පත්‍රිකාව බැගින් පත්‍රිකාවල සෘෂිවරු ලියා තිබෙනවා. එම පත්‍රිකා බලා පලාපල කීම ජ්‍යෝතිෂ්‍යයේදී සිදුවේ.

ඉතිහාසයේ සඳහන් වන පරිදි මුල්ම තල් පත්‍රිකාවලට සිදු වී තිබෙන්නේ එම පත්‍රිකා ඉන්දියාව තුළ පවතින යුගයේදී ඉන්දියාව බ්‍රිතාන්‍යයන් විසින් යටත් කර ගත් පසු මෙම පත්‍රිකා ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කිරීමට උදවු කරන්න යැයි දකුණු ඉන්දියාවේ අයට පැවැසුවත් ඔවුන් එයට අකැමැති වූ නිසා ඒවා බ්‍රිතානයට ගෙන ගොස් රාජසන්තක කොට තිබෙනවා. මේවා විශේෂ තොග වශයෙන් වෙන්කොට තබා තිබෙනවා. පසුකාලීනව මේවා වෙන්දේසි කළාට පසුව ඒවා මිලදී ගත් අය විසින් කුඩා දේවාලයන් වැනි ආයතනයක් සාදාගෙන මෙම ශාස්ත්‍රය ආශ්‍රයෙන් ජ්‍යෝතිෂ්‍ය හරහා අනාවැකි කීම ආරම්භ කොට තිබෙනවා.

දකුණු ඉන්දියාවේ සිදන්බරම් නගරය අසල එක් ප්‍රදේශයක පැවැති වෛකීශ්වරී නම් දේවාලයක ශිව ස්වාමි නමින් අයෙක් සිට තිබෙනවා. ඔහු තමයි නාඩි වාක්‍ය පිළිබඳව වඩාත් හොඳින් කියන කෙනා බවට වඩාත් ප්‍රසිද්ධ වී තිබෙන්නේ. තවදුරටත් තොරතුරු සොයා බැලීමේදී අන්තර්ජාලය හරහාත් නාඩි වාක්‍ය කියන ස්ථාන පිළිබඳව තොරතුරු සොයාගන්න පුළුවන්. ඉන්දියාවේ එවැනි නගර 4ක් තිබෙනවා. චෙන්නායිවල මධ්‍යස්ථාන හතරකුත්, මුම්බායිවල තුනකුත්, බැංගලෝර්වල එකකුත් සහ චන්දිබාර්වල එක් මධ්‍යස්ථානකුත් තිබෙනවා. ඉන්දියාව පුරාවටම නාඩි වාක්‍යය තුළින් පලාපල කීම විශාල වශයෙන් පැතිරී ගොස් තිබෙනවා. මුල් පත්‍රිකා අධ්‍යයනය කළ අයට අනාවරණය වී ඇත්තේ මුල් පත්‍රිකා ලියා ඇත්තේ ආදි දෙමළ භාෂාවේ භාවිත කරන ලද වචන අනුව කාව්‍යයක් ලෙස බවයි. එනම් දෙමළ අධ්‍යයනයෙන් බවයි. ඒවා තේරුම් ගත හැක්කේ එම භාෂාව හැදෑරූ අයට පමණක් යැයිද පවසනවා.

අපි මේ පිළිබඳ සිතුවොත් ඇත්තටම මෙය වෙන්න පුළුවන් දෙයක්ද? ඒ අය කියන විධියට මේ ලෝකයේ ඉපදුණු සෑම කෙනෙක්ගෙම හඳහන් ඔවුන් ළඟ තිබෙනවා. මීට කලින් ඉපදුණු අය සහ අනාගතයේදී ඉපදෙන්න සිටින කෙනෙක්ගෙත් හඳහන සහ දැනට ජීවත්වන අයගෙත් හඳහනුත් තිබෙනවා. දැනට සිටින ලෝක ජනගහනය බිලියන 8කට ආසන්නයි. එම බිලියන 8ක පමණ තල් පත්‍රිකා තැන්පත් කරන්න කොතරම් විශාල ගොඩනැඟිල්ලක් අවශ්‍යද? කෙසේ වෙතත් ඒවා ඉන්දියාවේ තිබෙන්නේ කුඩා කාමරවල. ඒවා ඒ අය ආරක්ෂිතව අල්මාරිවලට දමා තිබෙනවා. මීට පෙර උපත ලැබූ අය, අනාගතයේ ඉපදෙන අය සහ වර්තමානයේ ජීවත්වන අයගේ යන, සියලු දෙනාගේම තල් පත්‍රිකා තිබෙන බව ඔවුන් පැවැසුවත් අපි සිතා බැලුවොත් විනාඩියකට නව උපත් 250ක් පමණ ලෝකය පුරා සිදුවෙති.

තල්පත් මේ තරම් අතිවිශාල ප්‍රමාණයක් අනාගතයේදී උපදින අයගෙත් ලිව්වා කියන එක පුදුම සහගත කාරණාවක්. මේ දේවල් ගබඩා කරලා තිබෙනවා කියන එක පුදුම හිතෙන කාරණාවක්. ලංකාවේ පවතින මෙවැනි මධ්‍යස්ථානයකට පරීක්ෂණ කටයුතු සඳහා ගියපු අය පවසන්නේ ඇඟිලි සලකුණ සහ උපන් වේලාවක් දුන්පසු සෘෂිවරු ලියපු ඔවුන්ගේ තල් පත්‍රිකාව ඉන්දියාවේ සිට ගෙන්වාගෙන දෙන බවට පවසා ගාස්තු ලබාගෙන යම් දිනයකදී නැවත පැමිණෙන ලෙස පවසනවා. මෙලෙස ඉතා කෙටි කලකින් යම් කෙනකුගේ තොරතුරු ඉන්දියාවේ සිට ගෙන්වා දෙන එක පුදුම සහගත දෙයක්. පරිගණකයකින් පවා යම්කිසි දත්තයක් සොයා ගැනීමට නම් යම්කිසි කාලයක් ගත වෙනවා.

නමුත් නාඩි වාක්‍යය හරහා පලාපල දැන ගන්නා අයට මේවා ප්‍රශ්නය නොවෙයි. ඒවා පිළිබඳව විමසන්නේ ඒවා පිළිනොගන්න අයයි. කෙටි කාලයකින් මෙතරම් තල්පත් සංඛ්‍යාවක් රට රටවල්වලට යැවීමට තරම් ක්‍රමයක් තිබේද යන්න සොයා බැලීමේදී අවබෝධ වන්නේ මේවා අසත්‍ය දේවල් බවයි. මෙය විශාල වෙළෙඳ ව්‍යාපාරයක්. ඉන්දියාවේ කදිරමංගලම් සහ කඩගසාලෙ කියන ස්ථානවල ග්‍රාමීයව තල්පත් නිෂ්පාදනය කරනවා. ඒ ග්‍රාම කර්මාන්තයක් වශයෙන් දෙමළ ලියන්න පුළුවන් අය ලවා දෙමළෙන් මොනවා හෝ ලියාගෙන තල්පත් සැකසීම සිදු කරනවා. ඒ ආකාරයට තල්පත් සකස්කොට දුන්නට පසුව ඒවා පරණ කරන්න දුම් ගැස්සවීම සිදු කරනවා. එම තල්පත් ඉන්දියාවෙන් ලංකාවට එවන්නේ ඒ ආකාරයටයි.

අපේ රටේ සිටින ඇතැම් අනුවණ මිනිස්සු තමන්ගේ තල්පත ලැබුණා යැයි කියනවා. එම මධ්‍යස්ථානවල සිටින අයගෙන් තල්පතේ තිබෙන දේවල් අහනවා. මෙයින් සිදුවන්නේ මිනිසුන්ව රවටා මුදල් ගසා කන එකයි. සිතන්නේ ඇත්ත කියනවා කියලා. මගේ තාත්තාගේ නම කිව්වා, මගේ බිරියගේ නම කිව්වා යනාදී වශයෙන් පුදුම දේවල් කිව්වා කියලා ප්‍රචාරණය කරනවා. ඒවා අහන පුද්ගලයන් මේවාට රැවටිලා මේ අය ළඟට යනවා. කෙනෙක්ගේ දේවල් තල් පතක ලියලා තබන්නේ කොහොමද කියන දේ පිළිබඳ මිනිසුන් ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ අය සිතන්නේ එම පත්‍රිකාවේ තමන්ගේ අනාගතය පිළිබඳව සියලුම දේවල් ලියලා තිබෙනවා කියලයි. ඒ වුණත් මෙතැනට පරීක්ෂණ සඳහා ගිය අය ඒ පිළිබඳව මෙසේ පවසයි.

“ඇඟිලි සලකුණකුත්, උපන් දිනයත් ලබාගෙන ඔබගේ තල්පත සොයා ගැනීමට අපි ඔබගෙන් යම් ප්‍රශ්න කිහිපයක් අසනවා. ඒවාට උත්තර දෙන්න” යනුවෙන් ඔවුන් පවසනවා. ඉන්පසුව ඒ අය අපෙන් මෙසේ අසනවා. “ඔබගෙ නමේ මුල් අකුර නැත්නම් අම්මාගේ නමේ මුල් අකුර මොකක්ද?” කියලා. ඒ වගේ එක එක ප්‍රශ්නවලින් නොදැනුවත්වම ඔබගේ තොරතුරු විශාල ප්‍රමාණයක් ඔවුන් රැස්කර ගන්නවා. මේගොල්ලෝ පලාපල කියන එක විධියක් තමයි ඒ. ඒ අනුව විනාඩි තිහක් හතළිහක් ඒ විධියට ප්‍රශ්න කරනවා. ඇතැම් විට ඒ අනුව උත්තර දීපු කෙනාට මුලින්ම අහපු ප්‍රශ්නේ මොකක්ද කියලා අවසානයේදී මතක නැහැ. ඔයාගේ ලග්නය මොකක්ද කියලා ඇහුවොත් ලග්නය මොකක්ද කියලා කිව්වම සාමාන්‍ය කෙනෙක් හිතන්නේ තමන්ගේ උපන් දිනය මඟින් තම ග්‍රහචාරය ගැන කිසිම දෙයක් සොයාගන්න බැරිවෙයි කියලයි. නමුත් තමන්ගේ ලග්නය කිව්වාම ජේ‍යාතිෂය කරන කෙනෙක්ට පුළුවන් අදාළ පුද්ගලයාගේ උපන් වේලාවේ කේන්දර සටහන පැවැතියේ කොහොමද කියලාත්, සේරම ග්‍රහයන් ස්ථාන සටහන් කරගන්න.

මෙය එක්තරා විධියක ගණිත ක්‍රමයක්. එක දවසකදී ග්‍රහයන් එහා මෙහා වෙන්නේ බොහෝ විට කලාතුරකින්. ලග්නය මොකක්ද කියලා කිව්වම ග්‍රහයන්ගේ ස්ථාන ඉබේම කියන්න පුළුවන්. ලග්නය දැනගත්තාම ග්‍රහයන්ගේ ස්ථාන කොටු 12 දාලා හදලා තබාගන්නවා. මේ අනුව මිනිස්සු ගිය පසුව “මේක නේද ඔයාගේ කේන්දර සටහන” කියලා ඔවුනට පෙන්වනවා. පලාපල අහගන්න ආව අයගෙන්ම ලබාගත් තොරතුරු අනුව තමයි ඒවා සකසනු ලබන්නේ. වැඩි වශයෙන් භාවිත කරනවා නම් පොඩි පොඩි වෙනස්කම් කරලා සාස්තර කියන අය සාස්තර විධියට කියනවා. පලාපල අහන්න එන අයට පුදුම සිතෙන දේවල් කියනවා.

තවත් සමහරු සිතනවා මේ අයට තැරැව්කාරයෝ ඉන්නවා කියලා. ඒ මොකද මෙතැනට ඇතුළු වෙද්දී ඒ කෙනාගේ ජාතික හැඳුනුම්පත් අංකය ඉල්ලාගෙන තැරැව්කරුවෝ හරහා තොරතුරු ලබාගන්න පුළුවන් කියලා අනුමාන කරනවා. නූතනයේදී බොහොම පහසුවෙන් කරන්න පුළුවන් දෙයක් තමයි මුදල් ලබා දී මේ අයගේ තොරතුරු ලබාගන්න එක. මේ වගේ සැමතැනම තොරතුරු ලබාගන්න පුළුවන් අය ඉන්නවා. ID number එක පෙන්නුවාම මේ අයට හොයාගන්න පුළුවන් මේ කවුද කියලා. හැඳුනුම්පත් සකසන තැනක කෙනෙක් යාළු කරගත්තම හැඳුනුම්පත් අංකය අයිතිකරුගේ නම, ගම විස්තර අම්මාගේ නම උපන්දිනය ඇතුළු සියලුම විස්තර ලබාගන්න පුළුවන්. එවැනි තොරතුරු ලබාගෙන පලාපල කියන එක තව මේ අයට ලේසියි. මේ විධියට කපටිකමක් තමයි මේ අය කරන්නේ. මේවා තනිකරම මිනිස්සු රවටා මුදල් හම්බ කරන ව්‍යාපාරයක් පමණයි. නමුත් මේවා මිනිසුන් අතර ඉතාමත් ප්‍රසිද්ධයි.

ලංකාවේ අධ්‍යාපනයෙහි දියුණුව සඳහා ආපු මහාචාර්යවරයකු සමඟ මා වැඩ කළා. ඔහු ෆින්ලන්තයේ සිට පැමිණි කෙනෙක්. ඔහු මාත් සමඟ බොහොම හිතවත් වෙලා, ලංකාවට පැමිණි නාඩි වාක්‍ය හරහා සාස්තර කියනවා කියනදේ ගැන ආරංචි වුණාට පසුව ඒ පිළිබඳ මාගෙන් විමසුවා. එතැනට ගිහිල්ලාම සාස්තරයක් අහන්න. උපන් දිනයත් ඇඟිලි සලකුණක් ගනීවි. පසුව දිනයක් කිව්වම එතැනට යන්න. නමුත් ඔවුන් අහන එක ප්‍රශ්නයකටවත් පිළිතුරු දෙන්න එපා කියලා මම ඔහුට පැවැසුවා. ඔහු ඒ ස්ථානයකට ගියාම ඔහුගෙන් නමේ මුල් අකුර විමසූ විට “මම ඇයි පිළිතුරු දෙන්නේ? ඔයාලා මගේ හඳහනේ තිබෙන දේවල් මට කියන්න එය දැනගන්න තමයි මම ආවේ කියලා” මම කියනවා කියලා ඔහු කිව්වා.

ඒ විධියට ඔහු එතැනට ගිහිල්ලා එයාගේ පත්‍රිකාව තිබෙනවා කිව්වහම පලාපල කියන අය එයාගේ නමේ මුල් අකුරු අසා තිබෙනවා. නමුත් ඔහු ඔවුන්ට තමන් ෆින්ලන්ත ජාතිකයෙක් බව පවසා නැහැ. එහිදී ඔහු පවසා තිබෙන්නේ, මගේ නම ඔබලා මුලින්ම කියන්න. ඔබලා කියන නම වැරැදි නම් වැරැදි කියලත් නිවැරැදියි නම් නිවැරැදියි කියලත් පසුව මම කියන්නම් කියලයි. ඒ අනුව පලාපල කියන අය ඔහුට නම් කිහිපයක්ම පවසා තිබෙනවා. ඒවා පීටර්, එඩ්වඩ්, චාල්ස් යනාදී ලෙස ඉංග්‍රීසි නම් කිහිපයක්. ඒ ආකාරයට ඉංග්‍රීසියෙන් සුලබව ඇති නම් බොහෝමයක් පවසා ඇති නමුත් ඔහු පැවැසුවේ ඔහුගේ නිවැරැදි නම සඳහන් කර නොමැති බවයි. නමවත් හරියට කියාගන්න බැරි වුණුු නිසාම මගේ නමවත් හරියට කියන්න බැරි වුණා කියලා” ඔහු නැවතත් ඔහුගේ මුදල් ලබාගෙන ආපසු පැමිණ තිබෙනවා.

ඉතින් මෙවැනි දේවල්වලට රැවටෙන්න එපා. මේ අය මෙය නක්‍ෂ ත්‍ර ලෙස හැඳින්වුවත් එය සූක්ෂ්මව ලග්නවල කොටස්වලට බෙදා ඒ කොටස්වලත් ග්‍රහයන් ඉන්නවා කියන්න ඒ අය ළඟ ක්‍රමයක් නෑ. ඒ අය පලාපල කියනවා කියලා සිදුකරන්නේ බොරුවක්. එය නාඩි ශාස්ත්‍රය නොවේ. ඔවුන් භාවිත කරන්නේ ජේ‍යාතිෂයයි. එය සාමාන්‍ය ජේ‍යාතිෂයට සමානයි. යම් කෙනකුගේ අනාගතය දකින්න පුළුවන් ක්‍රමයක් නෙවෙයි. මේ වගේ කෙනෙකුගේ අනාගතය දකින්න පුළුවන් ශාස්ත්‍රයක් හෝ මේ අනාගතය ගැන කියන්න පුළුවන් කෙනෙක් හෝ විශ්වයේ කිසිම හැකියාවක් තිබෙන කෙනෙක් නෑ. එහෙම අනාගතය ගැන කියන දේවල් පිළිගෙන ඒවා පසුපසින් යන අයට සිදුවන්නේ කාලයත් ධනයත් දියුණුවට අවශ්‍ය විද්‍යාත්මක වැඩ කටයුතුත් නවතින එක පමණයි. මෙයින් සිදු වන්නේ තමන්ගේ දියුණුවට බාධාවක් ඇති වීම පමණයි.

රමෝද් ජයවර්ධන
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top