Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



May
15
ආශ්‍රය කරපු මිනිස්සුන්ගෙන් වෙච්ච දේවල් එක්ක, අද මගේ ළඟ ස්ථීරවම ඉන්නේ මගේම අය විතරයි! උපන්දිනය දවසේ අමන්දා පෙරේරා හදවතින්ම මුදාහළ අදහස..

- ආශ්‍රය කරපු මිනිස්සුන්ගෙන් වෙච්ච දේවල් එක්ක, අද මගේ ළඟ ස්ථීරවම ඉන්නේ මගේම අය විතරයි! උපන්දිනය දවසේ අමන්දා පෙරේරා හදවතින්ම මුදාහළ අදහස..Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

132 Views

හිරු ටීවී "හිරු ස්ටාර්" වේදිකාව හරහා ලංකාවෙම ආදරය දිනාගත්තු, අපිට ඉන්න සුන්දර වගේම දක්ෂතම ගායිකාවක් තමයි අමන්දා පෙරේරා. අද ඇගේ ජීවිතේ විශේෂම දවසක්. ඒ තමයි ඇගේ උපන්දිනය!


ඉතින් මේ විශේෂ දවසේදී හිරු ගොසිප් අපිට ඇගේ අලුත්ම තොරතුරු වගේම මෙතෙක් කවුරුත් නොදන්නා ඇගේ අනාගත හීන ගැනත් කියන්න ඇය අමතක කළේ නෑ.

ඉතින් අමන්දා කොහොමද අද දවස ගෙවෙන්නේ? විශේෂ සප්‍රයිස් (Surprises) එහෙම හම්බුණාද?

"ඔව් සප්‍රයිස් එහෙම නම් ගොඩාක් හම්බුණා. අද ඉතින් මගේ යාළුවෝ මගේ ළඟම හිතවතුන් කට්ටියත් එක්ක ඉතින් මගේ බර්ත්ඩේ එක චාම් විදියට සෙලෙබ්‍රේට් කරනවා. බර්ත්ඩේ එක දවස කියන්නේ ඉතින් අපි අවුරුද්දකින් වයසින් පස්සට යනවා කියන එකනෙ ඉතින් (සිනාසෙමින්)... ඒක නිසා මහා ලොකුවට සතුටු වෙන්න දේකුත් නැහැනේ. ඒ නිසා හරිම චාම් විදියට පොඩියට කේක් එකක් කපලා පාඩුවේ ඉන්නවා ඉතින්."

මේ කී වෙනි බර්ත්ඩේ එකද?

"මේ ලැබුවේ 32 වැනි බර්ත්ඩේ එක..."

ගෙවුණ අවුරුද්ද දිහා බලද්දී ජීවිතේ ලැබුණ ලොකුම ජයග්‍රහණ මොනවාද?

"මගේ ගෙවපු අවුරුදු 31ම මන් ආපස්සට හැරිලා බැලුවම හිතෙන්නේ මට මන් ගැන නිහතමානී සතුටක් තියෙනවා. මොකද ජීවිතේ ගොඩාක් අමාරු තැන් පහුකරලා, ගොඩාක් බාධක වලට මුහුණ දීලා මගේ තිබ්බ ගෝල්ස් (Goals) වලට මන් ගිහින් තියෙනවා.අපිට විවිධ මිනිස්සු ආශ්‍රය කරන්න හම්බෙලා තියෙනවා. විවිධාකාර මිනිස්සුන්ගෙන් සිදුවීම් වෙලා වෙලා... මට ආදරේම කරන පිරිසක් මගේ ළඟ දැන් ඉන්නවා ස්ථීර වශයෙන්ම මට ලං වෙලා. ඉතින් එතකොට මගේ හස්බන්ඩ්, මගේ යාළුවෝ, මගේ අම්මා, තාත්තා මේ හැමෝම එක්ක ලස්සන ගමනක් මන් යනවා. තව ගෝල්ස් තියෙනවා ඇචීව් කරගන්න. ඒවත් එක්ක ආපස්සට හැරිලා බලද්දී හිතෙනවා මට සතුටු වෙන්න පුළුවන් කියලා."

හිරු ස්ටාර් වේදිකාව තමයි අමන්දාගේ ඒ ලස්සන හඬ අඳුරගත්තේ. ඉතින් ඒක මතක් වෙද්දී මොකද හිතෙන්නේ?

"මගේ පොඩි කාලේ ඉඳන් තිබ්බ හීනයක් තමයි හොඳ ගායිකාවක් වෙනවා කියන එක. ඔව්, ඒකට සම්පූර්ණම පාත් (Path) එක හදලා දුන්නේ හිරු. හිරු කිව්වම ඉතින් පවුල වගේ තමයි. ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී හරිම ලස්සන ගමනක් අද වෙද්දී ඇවිල්ලා තියෙනවා හිරු නිසා. මේ හැමදේකටම අඩිපාර හදලා දුන්නේ, අතහිත දුන්නේ හිරු තමයි ඉතින්."

මේ දවස්වල ගොඩාක් කාර්යබහුල ඇති නේද? රසිකයන් වෙනුවෙන් අලුත් ගීතයක් එහෙම දෙන්න බලාපොරොත්තුවක් නැද්ද?

"ගිය අවුරුද්දේ වැඩි කාලයක් රටින් පිටවෙලා හිටියේ අධ්‍යාපනික වැඩකටයුතුවලට. ඉතින් ඒවත් එක්ක මගේ සිංදු 06ක් විතර බ්ලොක් වෙලා තිබ්බා, එළියට දෙන්න විදියක් නැතුව. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේ ඒ මගේම කියන සිංදු 06 ඇතුළුව තව නිර්මාණ ටිකක් එළියට එන්න තියෙනවා. ඉතින් මගේ රසික රසිකාවියෝ හැමෝටම මගේ සිංදු අහන්න, දකින්න ලැබේවි."

අනාගත හීනය මොකක්ද?

"මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ඊට අමතරව කොරියානු භාෂාව හදාරනවා. කොරියාව එක්ක එකතුවෙලා බිස්නස් එකක් කරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ. අධ්‍යාපනය කියන්නේ කොච්චර ඉගෙන ගත්තත් ආභරණයක්නේ, ඉතින් මන් ඒ දේවල් කරනවා."

ඉතින් අධ්‍යාපනය ආභරණයක් කරගනිමින්, ගායිකාවකගේ සීමාවෙන් එහාට ගොස් ව්‍යවසායිකාවක් වීමට සිහින දකින අමන්දා, සැබැවින්ම නූතන පරපුරට අපූරු ආදර්ශයකි. රට වට කර තිබූ ඇගේ ආදරණීය හඬ ළඟදීම අලුත් සින්දු 6කින් අපට අහන්න ලැබෙනකල් අපි හැමෝම ඇඟිලි ගැන ගැන ඉන්නේ පුදුම කුතුහලයකින්.

ඉතින්, උපන්දිනය දවසේ අපිට තමන්ගේ හදවත විවෘත කරපු අමන්දා පෙරේරාට, නිදුක් නීරෝගී, සතුට පිරි සුබම සුබ උපන්දිනයක් වේවා කියලා හිරු ගොසිප් අපි ප්‍රාර්ථනා කරනවා!
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top