සිය පියාගේ හදිසි වියෝවත් සමග ජේ ,එම් .සාලිය කුමාර (16) දරුවට පවුලේ සියලු බර කරට ගන්නට විය. සාලිය ට වැඩිමල් අයියා සසරින් එතෙර වන්නට මහන දම් පුරති ,ආදරණිය මව රැකියාවක් නොමැතිව අසනීප තත්වයේ සිටින අතර නිවාස ඉදිරිපිට බඩඉරිගු තම්බා විකුණයි.
සාලියගේ අක්කාලක්මිණි මල්කාන්ති (22) දේවහුව මනප්පෙරිගම ප්‍රදේශයෙන් සරසවි වරම් ලැබූ පළමු සිසුවියයි ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉගනුම ලබන්නිය ,අප්සරා මල්ශානි (12) 07 වැනි වසරේ ත් ලක්ෂිකා කුමාරි (10) 5 වසරේත් ඉගේනුම ලබන්නිය.
මේ සියලු දෙනාගේ සියලු වියදම් සොයනු ලබන්නේ සාලිය කුමාර සිසුවය. ඔහු නිවාස පිටුපස ඇල මගේ වැලි ගොඩදැමීම හා කුලී වැඩ කරයි, ඔහුගේ එකම බලාපොරොත්තුව විශ්වවිද්‍යාලයේ නීති පිඨයේ ඉගෙනුම ලබන අක්කා නිතිවෙදිනියක් කිරීම සහ නගාලා දෙන්න ට හොදට ඉගැන්වීමය.
සාලියලාට තිබී ඇත්තේ කුඩා නිවසකි පියා මිය ගියාට පසු සාලිය විදින දුක දැක ගමේ පිරිස එක්වී ඔවුන්ට කාමර දෙකක් හදා දී ඇත්තේ ගැණු ළමයි තුන් දෙනෙකුම සිටින නිසාය.
එම නිවසේ වැඩද තව ඇත ,සාලිය වැලි ගොඩදමා උපයන මුදල අක්කාට නංගිලාට අධ්‍යාපනයට මදිය ,සාලියගේ මව විමලාවතී තම දරුවා විදින දුක කියා හඩා වැටෙන්නිය.
සාලිය කුමාර දරුවා මේ සමාජයට ආදර්ශයකි ,ඔහුට උදව් කරන්න කැමති කෙනෙකු සිටීනම් 0718955219 අංකයට සාලිය ඇමතිය හැකිය.