කොළඹ - වේල්ල වීදිය ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී හිස කදින්වෙන් කළ කාන්තා මළ සිරුරක් හමු වුණේ ඊයේ පස්වරු 1ට පමණ.
සැක කටයුතු ගමන් බෑගයක් දුටු ප්‍රදේශවාසින් විසින් ඒ පිළිබඳව වේල්ල වීදිය පොලිසිය දැනුවත් කිරීමෙන් පසු පොලිස් නිළ සුනඛයින් යොදා ගනිමින් පොලිසිය පරීක්ෂණ ආරම්භ කළා.
කාන්තා මළ සිරුර සහිත ගමන් බෑගය වේල්ල වීදිය ප්‍රදේශයට රැගෙන ආ ආකාරය දැක්වෙන CCTV දර්ශන ද නිකුත් වී තිබුණා.
කෙසේ වෙතත් මේ වන තුරු අදාළ කාන්තාවගේ අනන්‍යතාවය තහවුරු කරගෙන නොමැති අතර කාන්තාව ගමන් බෑගයේ දමා 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල පිටකොටුව බස් රථයක රැගෙන විත් ඇති බවටයි තොරතුරු වාර්තා වි තිබෙන්නේ.
ඒ අනුව අදාළ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර බස් රථයේ රියදුරුගෙන් සහ කොන්දොස්තරවරයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී යම් පුද්ගලයෙක් ගමන් බෑගයක් රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වු බව සනාථ කර ගෙන තිබෙනවා.
අදාළ පුද්ගලයා විසින් මළසිරුර බහාලු බෑගය හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයකට දමා ගෙන රැගෙන එන ආකාරය දැක්වෙන CCTV දර්ශන සහ පිටකොටුව ප්‍රදේශයෙන් බස් රථයෙන් බැස යන ආකාරය දැක්වෙන CCTV දර්ශන ද නිකුත් වුණා.
මීට අමතරව හංවැල්ල නගරයේදී කාන්තා ඇඳුම් සහිත බෑගයක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
මේ අතර.. මෙම ඇඟ කිළිපොලා යන පුවත ගැන, සමාජ මාධ්‍යයෙත් විවිධ සංවේදී සටහන් හුවමාරු වන අයුරු දැක ගත හැකි වුණා. එවන් සටහන් කිහිපයක් පහතින්.....
හිස කඳෙන් වෙන්කොට බෑගයක බහා නන්නාඳුනන නගරයක ප්‍රශ්නාර්ථයක් වූ ලඳුනි. නුඹ සසරේ කල පව කුමක් විය හැකිද..කුරිරු සමාජයේ පාපතරයෙකු අතින් මෙසේ මියැදෙන්නට නුඹ කල වරද කුමක්දැයි නොදනිමි... එහෙත් කාන්තාවක් ලෙස නුඹට අත්වූ කුරිරු ඉරනම ගැන හද පත්ලෙන්ම ශෝක වෙමි..මරණයට කලින් දින නුඹේ සිතුවිලි මෙවන් ආකාරයට මුහුණ දීමට කෙසේ පෙල ගැසෙන්නට ඇතිද නොදනිමි..එහෙත් දරුණු ලෙස වේදනා විඳින්නට නුඹ කල පාපය දරුණු එකක්ම විය යුතු යැයි හැඟේ..කෙසේ වෙතත් අභිරහස් ලෙස මිය ඇදුන නුඹට නිවන්සුව පතනවා හැර සුවහසක් වූ ශ්‍රී ලාංකික කතුන් වන අප කුමක් කරන්නද... කම්ම විපාක ආබාධයක්ද ? විය හැක. යමෙක් ප් රාණඝාත අකුසලයක් කර ඇතොත් එය සසරේ විපාක වශයෙන් මතු වුවහොත් අකල් මරණ 5 උදාවේ..ගර්භය තුළ, බිහිවු සැනින්, ළදරු, ළමා කල මෙන්ම තරැණ කාලයේ වශයෙනි.. එබැවින් ඇය බුදු සසුන පවතින ලොවක බුදු දහම තිබෙන දේශයක නැවත මිනිස් භවයක ඉපිද ,මනුෂ් යයකුට මරණයට පෙර පමණක්ම දහම අවබෝධ කර ලබාගත හැකි දෙව්ලොව, බඹලොව, මිනිස් ලොව අතරින් උතුම් සැප නිවන් සැප විඳිත්වා !!! නැතහොත් සෝවාන් මාර්ග එලයට වත් සිත පත් වේවා !!!කාන්තාවන්ගෙන් වැඩි දෙනෙක් සෝබන කතා වලට හා කපටියන්ගේ කපටි කම් වලට හසු වන අතර අවංක ගුනයහපත් මිනිසුන්ට ගැරහීමද කරයි. එවැනි සිද්දියක අවසානය බොහෝ දුරට එලෙස නිමා වීමට ඉඩ තිබේ...... VIDEO