මීගහවත්ත, දෙල්ගොඩ කඳුබොඩ ප්‍රදේශයේදී පහරදීමකට ලක්වූ කුඩා දැරියක් මියගොස් තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ 9 හැවිරිදි දැරියක් බවයි පොලිසිය කියාසිටියේ.
මෙම දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට පවසමින් දේවාලයක් පවත්වාගෙන යනු ලබන කාන්තාවක් තෙල් සාත්තුවක් සිදු කිරීමෙන් අනතුරුව වේවැලකින් පහරදී ඇති බවට හෙළිවී තිබෙනවා.
එහිදී දැරිය සිහිසුන්වී ඇති අතර බියගම රෝහලට ඇතුලත් කිරීමේදී හෙළිවී ඇත්තේ ඇය මියගොස් ඇති බවටයි.
දැරියට අමනුෂ්‍ය දෝෂයක් ඇති බවට දැන ගැනීමෙන් පසු අදාළ දේවාලය පවත්වාගෙන යනු ලබන කාන්තාව වෙතට රැගෙන ගොස් ඇත්තේ ඇයගේ මව විසින් බව ද සඳහන්.
සිද්ධියට අදාළව වේවැල් පහරදුන් කාන්තාව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පෙන්වා දෙන්නේ මෙවැනි අවිධිමත් ප්‍රතිකාර ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් මීට පෙර ද කුඩා ළමුන් මෙන්ම වැඩිහිටියන් ද මියයාමේ සිදුවීම් වාර්තා වී ඇති බවයි.
එබැවින් ඒ සම්බන්ධයෙන් සියලුදෙනා අවදානයෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පොලිසිය පෙන්වා දෙනවා.