පසුගියදා අන්තර්ජාලය පුරා කා අතරත් කතාබහට ලක්වූ වීඩියෝවක් වූයේ උසාවියේදී තමන්ගේ පාසැල් මිතුරාට දඬුවම් නියම කරන්නට වූ එම පන්තියේම වූ සිසුවියක් ලෙස සිටි විනිසුරුවරියකගේ සංවේදී වීඩියෝවයි. මේ වන විට විදෙස් මාධ්‍ය විසින් ඔහුගේ ඥාති සහෝදරියක සම්බන්ධ කරගනිමින් කුඩා කළ ඉගෙනීමට දක්ෂ වූ මෙම පුද්ගලයා අපරාධකරුවෙකු බවට පත්වූයේ කුමක් නිසාද යන වග පිළිබඳව තොරතුරු හෙළිකර තිබෙනවා.
ආතර් බූත් කුඩා කල සිට ගණිතයට හා විද්‍යාවට ඉතා දක්ෂ සිසුවෙකි. කුඩා කල සිට ඔහුගේ අභිප්‍රාය වූයේ ස්නායු හා මනෝ විද්‍යාව පිළිබද විශේෂඥ වෛද්‍යවරයෙකු වීමයි. නමුත් ඔහු සිතු දේ එලෙසම සිදුනොවීය.
කෙසේ වෙතත් ඔහු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සුළු අපරාධවලට වරදකරුවීමෙන් උසාවියට ඉදිරිපත් කෙරිණි. එහිදි දෛවයේ සරදමට ඔහුට තම පන්තියේ ඉගෙනුම ලැබු සිසුවිය විනිසුරුවරිය ලෙස මුණගැසිණි.
ආතර් බූත්ගේ පවුලේ උදවිය නම් පවසන්නේ බූත් ඉගෙනුමට ඉතා දක්ෂ ළමයෙක් බවත් කුඩා කළසිටම සිය දක්කම් පෑ සිසුවෙකු බවත්ය.
දිනෙන් දින තුරුණුවියට පැමිණෙන බූත් ,පාසල අතහැර ගියේ කොකේන් නමැති මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පසුවය. ඒ සදහා මුදල් අවශ්‍ය බැවින් ඔහු සොරකම් කිරීම්වලට හා මංකොල්ලකෑම්වලට ඇබ්බැහි විය.
කෙසේවෙතත් හොඳ අනාගතයක් තිබූ බූත් සිය ජිවීතයට එසේ මුහුණ දුන්නේ තමන් විසින්ම බව පවුලේ ඥාතී සහෝදරියක් මාධ්‍යයට පවසා තිබුණි. නමුත් ඔහු පසුගියදා උසාවියේදී සංවේදී ලෙස හැසිරුණු බවද ඇය කියා සිටියි.කුඩා කල වැරදුණත් ජීවිත කාලයේම වැරදිකරුවකු ලෙස සමාජයට පිළිලයක් නොවන ආකාරයට මුහුණදීමට බූත්ට හැකියාව ඇති බව ඥාතී සහෝදරිය කියාසිටියාය.මෙසේ අපරාධවලට සම්බන්ධවීමට සිදුවූයේ ඔහු කුඩා කල සිටම මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවීමත් සමඟය.
කෙසේ නමුත් මේ ඔවුන් උසාවියේදී හමුවූ සංවේදී කතාවයි.
එකම පන්තියේ ඉගෙනුම ලැබු බූත් සහ අනෙත් සිසුවිය මුණ ගැසිණි.නඩුව විභාග කරන්නට ප්‍රථම මීට පෙර තමන් හොදින් දැක පුරුදු මුහුණක් නිසා විනිසුරුවරිය චුදිතයාට කියාසිටියේ මට පළමුව ඔබගෙන් ප්‍රශ්ණයක් ඇසීමට ඇති බවයි.
ඒ අනුව ඇය චූදිතයාගෙන් , වයස අවුරුදු 49වන ඔබ බූත් නේද? ඔබ පාසල් ගියේ Nautilus Middle පාසලට නේද? යනුවෙන් අසා තිබේ.එවිට විස්මයට පත් බූත් “ඔහ් අනේ දෙවියනි, අනේ දෙවියනි යනුවෙන් කියන්නට විය. පළමුව සිනා සි පසුව සිය හිස අතින් බදාගෙන හඬමින් දුක්විය.