සමාජ මාධ්‍ය හරහා හඳුනාගත් තරුණියකට මත්ද්‍රව්‍ය ලබාදී ලිංගික අපයෝජනය කළ තරුණයින් හත් දෙනෙකුගේ දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඉන්දියාවේ, කේරළයේ පදිංචි දෙදෙනෙකු බවයි, එරට මාධ්‍ය වාර්තා කළේ.
සෙසු තරුණයින් පස් දෙනෙකු සොයා පොලිස් මෙහෙයුම් ආරම්භ කර ඇති බව ද සඳහන්.
14 හැවිරිදි තරුණියක සමඟ ඉන්ටර්ග්‍රෑම් සමාජ මාධ්‍ය ඔස්සේ, සැකකරුවන් මිත්‍රත්වය පත්වාගෙන ඇති අතර එහිදී ඇති වූ හඳුනා ගැනීම් මත කේරළ ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය ඇයට ලබාදී ඇති බවටයි වාර්තා වන්නේ.
අනතුරුව ඇයව ලිංගික අපයෝජනයට ලක් කර ඇති බව ද සඳහන්.
සිද්ධිය සම්බන්ධයෙන් කේරළ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති බවයි ඉන්දිය මාධ්‍ය වැඩිදුරටත් පවසන්නේ.