ඔහු බළන්ගොඩ, කල්තොට ප්‍රදේශයේ සිවිල් ආරක්ෂක බළකා නිලධාරියකු ලෙස 2019 වසරේ සේවය කර ඇති අතර එම ප්‍රදේශයේ විවාහක කාන්තාවක් සමඟ අනියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එම කාන්තාවට හොරෙන් එම කාන්තාවගේ 14 හැවිරිදි බාල වයස්කාර දැරිය සමඟද ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් දෙදෙනාම කාලයක් තිස්සේ වරින් වර ලිංගික අතවරයට ලක් කර ඇතැයි පොලිසිය පවසයි.
ඒ අතර තුර එම දැරිය බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ හිතවතුන් කිහිපදෙනකු ලවා බාල වයස්කාර දැරිය ලිංගික අතවරයකට ලක් කර ඇතැයි ද කල්තොට පොලිසියට 2019 වර්ෂයේ පැමිණිල්ලක් ලැබී තිබේ.
පසුව ඔහු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර බළන්ගොඩ ප්‍රදේශයේ පදිංචි එම දැරිය ලිංගික අතවරයට ලක් කළ එම සිවිල් ආරක්ෂක බළකා නිලධාරියාගේ හිතවතා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහු අදාළ සිද්ධිය පොලිසියට වමාරා තිබේ.
ඒ අනුව බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී. එම්. ආර්. බී. කේ. බාලසූරිය මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා අංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක පාලිකා රාජපක්ෂ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වසර දෙකක කාලයක් පුළුල් පරීක්ෂණයක් සිදු කළ බව පොලිසිය පවසයි.
එම සිවිල් ආරක්ෂක බළකා නිලධාරියාගේ දුරකථන අංකය එම දැරිය සන්තකයේ තිබී ඇති අතර උපාය දූතයකු යොදා ඔහුට දුරකථන ඇමතුමක් ලබා දී රත්නපුර නගරයට එන ලෙස ඇමතුමක් ලබාදීමට පොලිසිය කටයුතු කර තිබේ.
එම බාලවයස්කාර දැරිය දුරකථන ඇමතුම ලබා දුන්නා යැයි සිතා ඔහු ඊයේ (23දා) රත්නපුර නගරයට පැමිණ ඇති අතර එහිදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවැසීය. ඔහු ඒ වන විට කොළඹ ප්‍රදේශයේ පෙදරේරුවකු ලෙස කටයුතු කර ඇති බවට පොලිසිය විසින් සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහු ඊයේ (23දා) බළන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
බළන්ගොඩ පොලිසියේ පොලිස් සැරයන් දයානන්ද (53427), පොලිස් කොස්තාපල් පුෂ්පකුමාර (67971) යන නිලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සැරයන් නුවන් (43921), සැරයන් ආරියසේන (32186) යන නිලධාරීහූ විසින් මේ සම්බන්ධයෙන් අධිකරණ කටයුතු මෙහෙයවනු ලබති.
බළන්ගොඩ - නලින්ද වලේබොඩ
මෙම ලිපියේ සම්පූර්ණ උපුටා ගැනීම "මව්බිම" පුවත්පත...