Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Feb
21
‘‘තමුසේ අපිට බබා පෙන්නන්න හදන්න එපා ඇත්ත කියනවා’’ - හොරකමටම උපන් අමුතු වර්ගයේ ග්‍රීස් යකා සියල්ල වමාරයි

- ‘‘තමුසේ අපිට බබා පෙන්නන්න හදන්න එපා ඇත්ත කියනවා’’ - හොරකමටම උපන් අමුතු වර්ගයේ ග්‍රීස් යකා සියල්ල වමාරයිHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

3 Views

හොර රහසේ නිවෙස් තුළට ඇතුළු වී සොරකමේ නිරතවන පුද්ගලයන් ඒ සඳහා විවිධ වූ ක්‍රමෝපායන් භාවිතා කරමින් සිය ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරයි.
 
වර්තමානයේ එ වැනි පුද්ගලයන් රාත්‍රී කාලයේ නිරුවතින් නිවෙස් තුළට ඇතුළු වී සොරකම් කිරීමට යොමු වී තිබේ. නිවෙස් තුළ සවිකර ඇති ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන් වූ දර්ශනවලින් එම උපක්‍රමය හෙළිවිය.
 
නිරුවතින් යන විට අදාළ සිද්ධිය බොහෝවිට අන්තර්ජාලය හරහා සංසරණය නොවීම, එලෙස පැමිණෙන්නන් දැක නිවැසියන් තැතිගෙන බිය වැදීම හා ඇඳුම් ඇඳ ගමන් කිරීමේදී සිදු වන්නා වූ චලන නිවැසියන්ට ඇසීම වළක්වා ගැනීම මීට ප්‍රධාන හේතූන් බව පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මීට ආසන්නම සිදුවීම වාර්තා වන්නේ වෙන්නප්පුව පොලිස් වසමින්ය. ඒ ඉකුත් 6 වන දින නිරුවතින් නිවෙස් තුළට පැන සොරකමේ නිරත වූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමත් සමගය.
 
අත්අඩංගුවට පත් පුද්ගලයා හලාවත විල්පොත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක අයෙකි.
 
වෙන්නප්පුව පොලිස් වසම තුළ මෙලෙස සිදුකළ සොරකම් ගණනාවක් සම්බන්ධව ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන්ව තිබූ වීඩියෝ දර්ශන සමග ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබුණි. ඒ අනුව එම සිද්ධීන් සම්බන්ධව දීර්ඝ ලෙස සිදු කළ විමර්ශනවලින් මීට සම්බන්ධ පුද්ගලයා හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට හැකි විය.
 
අත්අඩංගුවට පත් සැකකරු හිටපු යුද හමුදා සෙබළෙකි. විවාහකයකු වූ ඔහුගේ නොමනා හැසිරීම් රටාව හේතුවෙන් නිත්‍යානුකූල විවාහක බිරිඳ වෙන්වී ජීවත් වේ. ඇය අනුරාධපුරය කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ පදිංචි අයෙකි. ඇය හා එකම පිරිමි දරුවාද තනිකරදා හලාවත විල්පොත ප්‍රදේශයේ දැන හඳුනාගත් කාන්තාවක් සමග සැකකරු එකම වහලක් යට ජීවත් වන්නේ මීට වසර කිහිපයකට පමණ පෙරය. ඇයද සිය විවාහක ස්වාමිපුරුෂයා සහ වයස අවුරුදු 18 ක සහ 14 ක දියණියන් දෙදෙනා අතහැර හිටපු යුද හමුදා සෙබළාගේ රැකවරණයට පැමිණෙන්නේය.
 
මෙසේ කාලය ගත වෙද්දී සැකකාර හිටපු යුද හමුදා සෙබළා විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් නිවෙස් තුළට රිංගා මුදල් හා රන් භාණ්ඩ සොරාකම් කිරීමට කටයුතු කරයි. එලෙස ප්‍රදේශ ගණනාවක නිවෙස් තුළට හොර රහසේ දහවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේ ඔහු ඇතුළු වී සොරකම් කිරීමේ නිරත වන අතර රාත්‍රී කාලයේ නිවෙස් තුළට රිංගා ගැනීමට උපක්‍රමයක් යොදාගන්නේ මීට වසර දෙකකට පමණ පෙරය. ඒ අනුව මාරවිල පොලිස් වසමේ නිවාස ගණනාවකට ඇතුළු වී සොරකම් කිරීමට කටයුතු කරයි. පොලිසියේ ඇස වසමින් සොරකමේ නිරත වන අතර ආරක්ෂිත කැමරා පද්ධතිවල සටහන්වූ දර්ශන විමර්ශනය කළ ද ඔහුව හඳුනා ගැනීමට නොහැකි විය. ඒ හේතුවෙන් රිසිසේ සිය ජාවාරම පවත්වාගෙන යන අතරතුර වෙන්නප්පුව පොලිස් වසමේ නිවෙස් තුළට ඇතුළු වී සොරකම් කිරීමට කටයුතු කරන්නේ මීට දින ගණනාවකට පෙරය. වෙන්නප්පුව ප්‍රදේශය ඔහුට හොඳට හුරු පුරුදුය. ඒ වසර කිහිපයකට පෙර ඔහු වෙන්නප්පුව පොලිස් වසමට අයත් දුම්මලදෙණිය ප්‍රදේශයේ වෙළෙඳසලක් පවත්වා ගෙන යෑම හේතුවෙනි.
 
මේ අනුව ඔහු දහවල් කාලයේ විවිධ ක්‍රමෝපායන් භාවිතා කරමින් නිවෙස්වල වෙසෙන පුද්ගලයන් සම්බන්ධව සොයා බලා රාත්‍රි කාලයේ හොර රහසේ නිරුවතින් ඇතුළුවී රන් භාණ්ඩ සහ මුදල් සොරා ගැනීමට කටයුතු කරයි. විශේෂයෙන් ඔහු එලෙස නිවෙස් තෝරා ගන්නේ තරමක් ලඳු කැලෑ සහිත ප්‍රදේශවල පවතින නිවෙස්ය. ඒ ඔහුගේ කටයුත්ත සඳහා කිසිවකුට නොපෙනෙන අයුරින් සූදානම් වීමට ඇති පහසුව නිසා වෙන්ය. උඩුකයේ ඇඳුමෙන් මුහුණ හඳුනාගැනීමට නොහැකි ලෙස ආවරණය කරගෙන සෙසු ඇඳුම් කුඩා ප්‍රමාණයේ කළු පැහැති බෑගයක දමා කරේ එල්ලාගෙන නිවෙස්වලට ඇතුළුවීමට මොහු කටයුතු කරයි. බොහෝවිට මෙම සොරකමේ නිරත වන්නේ මැදියම් රාත්‍රිය පසුවී අලූයම දෙකත් තුනත් අතර වේලාවන්වලය. ඒ නිවැසියන්ගේ තද නින්ද පවතින්නේ එම කාලය තුළ වීම නිසාය. මෙලෙස සොරාගන්නා රන් ආභරණ සහ මුදල් සිය අනියම් බිරිඳට ලබා දීමට කටයුතු කරයි. ඇය එම මුදල් හා රන් භාණ්ඩ මනා කළමනාකරණය කර තබා ගැනීමට කටයුතු කරන්නීය.
 
මෙලෙස දිගින් දිගටම සිදුකළ සොරකම් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් විසින් පොලිසියට පැමිණිලි සිදුකිරීමෙන් පසුව ආරක්ෂිත කැමරා පද්ධතියේ දර්ශන අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති රනුක වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් දින ගණනාවක් නිරීක්ෂණය කිරීමට කටයුතු කරන අතර එම දර්ශනවලින් සමීප රූප ලබාගෙන ඔහුගේ හැඩරුව සම්බන්ධව හොඳින් නිරීක්ෂණය කර වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතා දැනුවත් කිරීමට කටයුතු කරයි. ඒ අනුව ඔහුගෙන්
 
ලබාගන්නා උපදෙස් මත ඉකුත් 5 වෙනි දින රාත්‍රියේ වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ අපරාධ නිවාරණ මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරයි. ග්‍රාමීය සිවිල් ආරක්ෂක කමිටු සාමාජිකයන් හා ප්‍රදේශවාසීන් මේ සඳහා සහයෝගය ලබාගෙන බුද්ධි අංශ නිලධාරීන් හා පොලිස් නිලධාරීන් සිවිල් ඇඳුමින් මෙහෙයුම ක්‍රියාත්මක කරන අතරතුරදී 06 දින අලූයම 2.00 ට පමණ කොළඹ සිට වව්නියාව බලා ගමන්  ගන්නා මගී ප්‍රවාහන බස් රථයකින් වෙන්නප්පුව  නගරයට ආසන්න ස්ථානයකින් පුද්ගලයෙක් බස් රථයකින් බැස මාර්ගය හරහා ගමන් කිරීමට කටයුතු කරයි.
 
කළු පැහැති කුඩා බෑගයක් ද ඔහු අතැතිව ගමන් කරද්දී සැඟව සිටි පොලිස් නිලධාරීන් ආරක්ෂිත කැමරා පද්ධතියේ සටහන්වී තිබූ දර්ශනවල සිටි පුද්ගලයාගේ හැඩරුවට සමාන බව හා ඔහු අත තිබූ කළු පැහැති කුඩා බෑගයෙන් සිද්ධියට සම්බන්ධ සැකකරු බවට හඳුනා ගැනීමට නිලධාරීන්ට වැඩි වේලාවක්ගත නොවීය. ඒ අනුව වහාම නිලධාරීන් ඔහු සමීපයට යෑමට කටයුතු කළේය. සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරීන් ඔහු ආසන්නයට පැමිණෙන විට ඔහු තරමක් තැති ගත්තද ඒ බව  නොහඟවා ඉදිරියට  ගමන් කරන්නට විය. ‘‘මහත්තයා පොඞ්ඩක් ඉන්න’’ පොලිස් නිලධාරීන් ඔහුව ඇමතීය. ‘‘ඇයි ඔයගොල්ලො කවුද?’’ සැකකාර සෙබළා ප්‍රශ්න කළේය. ‘‘අපි පොලිසියෙන් මේ වෙලාවේ කොහෙද යන්නෙ’’ පොලිස් නිලධාරීන් විමසීය.
 
‘‘අනේ සර් සමාවෙන්න මම හිතුවෙ ගමේ අය කියලා. මට හරි කරදරයක් වුණේ. මට හොඳටම නින්ද ගියා මගේ ගම ආරච්චිකට්ටුවේ. මම හිතුවේ බහින්න ඕන තැන කියලා. ඉතින් මට වැරදුනා. දැන් ඊළඟට එන බස් එකේ යන්න ඕන. කීයට එයිද දන්නේ නෑ සර්.’’ නිලධාරීන්ට සැක නොසිතෙන ලෙස අකරතැබ්බයක් සිදුවූවා සේ එක දිගට කියාගෙන ගියේය. මෙසේ නිලධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔහු පරස්පර ප්‍රකාශ සිදු කෙළේය. ‘‘තමුසේ අපිට බබා පෙන්නන්න හදන්න එපා ඇත්ත කියනවා’’ පොලිස් නිලධාරීන් සැර පරුෂ විය. අනතුරුව සැකකාර සෙබළාට සත්‍ය වසන් කිරීමට නොහැකි තත්ත්වයක් උදාවිය. ඔහුගේ පැටිකිරිය හෙළිවිය. මාරවිල හා වෙන්නප්පුව යන පොලිස් වසම් තුළ ඔහු විසින් නිවෙස් 15 කට ආසන්න ප්‍රමාණයකට ඇතුළු වී සොරකම් සිදුකර ඇති බවට අනාවරණය විය. සොරකම් කළ රන් ආභරණවලින් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමින් යුත් රන් ආභරණ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබුණි. මෙසේ සොරා ගන්නා ලද රන් ආභරණ විශාල ප්‍රමාණයක් උකස් කර ඇති බව සහ විකුණා ඇති බව ද අනාවරණය විය.
 
හලාවත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වයි. එම්. ලීලවංශ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී එරික් පෙරේරා සහ වැඩබලන මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ගාමිණී සිරිවර්ධන යන මහත්වරුන්ගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රනුක වික්‍රමසිංහ, උප පොලිස් පරීක්ෂක සුදුසිංහ, පොලිස් සැරයන්වරුන් වන (43386* සී. රුවන් (54923* සාන්ත, (39024* රත්නායක සහ (55021* ආරියවංශ යන නිලධාරීන් මෙම වැටලීම සිදුකළහ.
 
අමරනන්ද විජේසේකර - මහවැව
දිවයින
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top