ඒ තමන්ගේ ජීවිතයේ සුදුම සුදු බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු වයස අවුරුදු 16ක් සහ 17ක් වන යොවුන් වියේ පසුවූ ආදරණීය තරුණයින් දෙදෙනෙකු දියේ ගිලී අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්වීමත් සමඟයි.
මෙම ඛේදවාචකය සිදුව ඇත්තේ කොස්ගම, තාවල්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඇල මාර්ගයකදීයි.ලැබෙන තොරතුරුවලට අනුව, ඊයේ දිනයේ මෙම තරුණයෙකුගේ උපන්දිනය යෙදී තිබී ඇත. තමන්ගේ උපන්දිනය යාළුවන් එක්ක එකතු වෙලා සතුටින් සමරන්න හිතපු මේ යොවුන් තරුණයින්, ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව ද නොතකා තාවල්ගොඩ ඇල මාර්ගයට ගොස් ඇත්තේ දිය නෑමේ අරමුණින්.
නමුත් සොබාදහම ඔවුන්ට එතරම් හිතකර වී නැහැ. අධික වැසි හේතුවෙන් ඇලේ ජල මට්ටම සහ සැඩ පහර සැඟවුණු අනතුරක්ව තිබියදී, දිය නෑමට ගිය මේ තරුණයින් දෙදෙනා එකවරම දියේ ගිලී අතුරුදන් වී තිබෙනවා. පසුව ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ එක්ව සිදුකළ දැඩි වෙහෙසකර සෙවීම්වලින් අනතුරුවයි ඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත්තේ.
මියගිය තරුණයින් දෙදෙනාගේ දේහයන් මේ වන විට කොස්ගම සාලාව ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වන හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලේදී සිදු කිරීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.
තමන්ගේ දරුවා උපන්දිනය සමරන්න ගිහින් ආපසු මළසිරුරක් වී නිවසට පැමිණීම දරාගත නොහැකිව මියගිය දරුවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් හඬා වැටෙන දර්ශන දැකීමෙන් මුළු රෝහල් පරිශ්‍රයම දැඩි සංවේදී ස්වභාවයක් ගෙන තිබුණා.
කොස්ගම පොලිස් ස්ථානය මගින් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කරනු ලබනවා.