කුරුළු උණ මනුෂ්‍යයින්ට සම්ප්‍රේෂණය වන බව රුසියානු වෛද්‍යවරුන් පිරිසක් පවසනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කියා සිටියේ, දකුණු දිග රුසියාවේ ගොවිපලක් ආශ්‍රීතව සිදු කළ පරීක්ෂණයකින් මෙය අනාවරණ කරගෙන ඇති බවයි.
අදාළ ගොවිපලේ, සේවකයින් හත් දෙනෙකු හට සිදු කරනු ලැබු ජානමය පරීක්ෂණයක් මෙය තහවුරු කරගෙන ඇති බව සඳහන්.
පසුගිය දෙසැම්බර් මාසයේදී කුරුළු උණ රෝගය පැතිරී යාමේ සිදුවීමක් වාර්තා වුණා.
ඒ අනුවයි අදාළ ජානමය පරීක්ෂණය සිදු කරනු ලැබුවේ.
රුසියානු සෞඛ්‍ය අංශ විදෙස් මාධ්‍ය වෙත වැඩිදුරටත් කියා ඇත්තේ, අදාළ පරීක්ෂණ වාර්තාව ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි.