සැකකාර මිතුරා (42) සිද්ධියෙන් පසුව ප්‍රදේශයෙන් පලාගොස් සිටියදී පොල්පිතිගම ප්‍රදේශයේ දී අද අලුයම අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.
මියගිය පුද්ගලයා සහ සැකකාර පුද්ගලයා යන දෙදෙනාම එකම ප්‍රාදේශයක පදිංචි විවාහකයන් බවද, ඔවුන් දෙදෙනා මිතුරන් දෙදෙනෙකු බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
මියගිය පුද්ගලයා වැඩ තහනමට ලක් වූ 38 හැවිරිදි පොලිස් නිලධාරියෙකු බවද, මියගිය අයගේ සිරුර පිළිබඳව වූ මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතව ඇති අතර, සිද්ධියට සම්බන්ධ සැකකරු මහව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද පොලිසිය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් මහව මූලස්ථාන පොලිසිය වැඩිදුරටත් පරීක්ෂණ සිදු කරනවා.
ප්‍රියාණි මංගලිකා
ලංකාදීප පුවත්පතෙන්...