විල්ගමුව - මීවාඔබේ - නුගගොල්ල ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට වෙළඳසැලක් තුළදී අඹු සැමි යුවලක් ගිනි තබාගෙන සියදිවි හානි කරගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඊයේ රාත්‍රි 10 ට පමණ මොවුන් ගිනි තබාගෙන ඇති බවට සැක කරන බවයි.
මියගිය සැමියාගේ වයස අවුරුදු 27 වන අතර බිරිඳ විසි තුන් හැවිරිදි වියේ පසුවනවා.
මෘත ශරීර පොලිස් ආරක්ෂාව යටතේ එම ස්ථානයේම තබා ඇති අතර, අද දිනයේ ඊට අදාළ මහේස්ත්‍රාත් පරික්ෂණ සහ පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.
මෙම සියදිවි හානි කර ගැනීම්වලට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.