‘කොවිඞ් 19’ ආසාදිතව මාස හතරක වයසැති බිලිඳකු පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී මරණයට පත්ව තිබෙනවා.
මියගොස් ඇත්තේ මහනුවර නුගවෙල පදිංචි අමෝද්‍ය සන්දීප කරුණාසිංහ නමැති බිලිඳකු බව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක අමල් ජයවර්ධන මහතා පවසයි.
පසුගිය 12 වැනිදා මෙම දරුවාට මාස හතරේදී ලබා දෙන එන්නත තිත්තපජ්ජල රෝහලේදී ලබා දී තිබෙනවා. ඉන්පසු උණ සමග හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවීම නිසා පසුදින පෙරවරුවේ දරුවා පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දීමට මව පියවර ගෙන තිබෙනවා.
එම ප්‍රතිකාරවලින් සුව නොවීම නිසා එදින දහවල් පේරාදෙණිය සිරිමාවෝ බණ්ඩාරනායක රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දරුවා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කර තිබෙන අතර එහි ප්‍රතිඵලය අනුව ඔහුට ‘කොවිඞ් 19’ ආසාදනය වී නොමැති බව තහවුරුව තිබෙනවා. පසුව පී.සී.ආර් පරීක්ෂණයක් සිදුකර ඇති අතර එදිනම රාත්‍රියේ දරුවා මියගිය ගොස් තිබෙන බවයි සඳහන් වන්නේ. අනතුරුව පීසීආර් පරීක්ෂණයේ වාර්තාව ලැබී ඇති අතර එහිදී දරුවාට ‘කොවිඞ් 19’ ආසාදනය වී ඇති බව තහවුරු වූ බව අමල් ජයවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
ඉතාලියේ රැකියාවක් කරන මෙම දරුවාගේ පියා විදේශ ගතව ඇත්තේ දරුවා උපදින්නට මාස කිහිපයකට පෙර බවත් දරුවා මියයන විට පියා එම දරුවාව දැක නොතිබූ බවත් මරණ පරීක්ෂකවරයා පවසනවා.
‘කොවිඞ් 19’ ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු නොකරන නමුත් මෙම දරුවා එන්නතක් ලබාදීමෙන් පසු හදිසියේ මරණයට පත්වීම නිසා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස තමන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධිකරණ වෛද්‍ය විශේෂඥ මහාචාර්ය සරත්චන්ද්‍ර කොඩිකාර මහතාගෙන් ඉල්ලීමක් කළ බවත් ඒ අනුව එම වාර්තාව ලැබෙන තෙක් ආදාහන කටයුතු සිදු කිරීම තාවකාලිකව නතර කළ බවත් මරණ පරීක්ෂකවරයා පවසනවා.