ඒ අතරට කුසල් ජනිත් පෙරේරා, තිසර පෙරේරා ,කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්,වනිඳු හසරංග, දුෂ්මන්ත චමීර, දසුන් ශානක
සහ ඉසුරු උදාන යන ක්‍රීඩකයින් ඊට ඇතුළත්.
කෙවින් කොත්තිගොඩ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත් IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වනු ඇති.
මෙවර IPL ක්‍රීඩක වෙන්දේසියට ඉදිරිපත් කරන ක්‍රීඩකයින් අතරින් ඉන්දීය රුපියල් කෝටි දෙකක වැඩිම මූලිකලංසුවක් ඉදිරිපත් කර ඇති ක්‍රීඩකයින් 10 දෙනා අතර
කිසිදු ශ්‍රී ලංකා ක්‍රීඩකයකු ඇතුළත් වන්නේ නැහැ.
ඊට ඇතුළත් ක්‍රීඩකයින් වන්නේ ග්ලේන් මැක්ස්වෙල්, ස්ටීවන් ස්මිත්, ශකිබ් අල් හසන්, මොයීන් අලී, සෑම් බිලින්ග්ස්, ලියම් ප්ලන්කට්, ජේසන් රෝයි ,මාර්ක් වුඩ්
හර්බජාන් සිං සහ කේදර් ජාදෙව්.
මේ අතර මහේල ජයවර්ධන මුම්බායි ඉන්දියන්ස් ප්‍රධාන පුහුණුකරු ලෙසින් මෙන්ම කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් නව ක්‍රිකට් අධ්‍යක්ෂක ලෙසින් සිය
කණ්ඩායම් සමඟින් අද වෙන්දේසියේදී ක්‍රීඩකයින් වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීමට එක්වනු ඇති.
එමෙන්ම, තුන් ඉරියව් ක්‍රීඩකයින් පස් දෙනෙකු සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
තිසර පෙරේරා, ක්‍රිස් මොරිස්, ක්යිල් ජමිසන්, ග්ලේන් මැක්ස්වෙල් සහ ශකිබ් අල් හසන් යන ක්‍රීඩකයින් ඒ අතර සිටින බවයි ඉන්දිය මාධ්‍ය වාර්තා කළේ.