අසනීප තත්ත්වයක් හේතුවෙන් එංගලන්තයේ පිලිප් කුමරු රෝහල් ගත කළ බව බකිංහැම් මාළිගාවේ ප්‍රකාශකයෙක් පැවසී යයි එංගලන්තයේ ගාර්ඩියන් පුවත් පත වාර්තා කර තිබෙනවා.
එඩින්බරෝහි අදිපාදවරයා ලෙසින් හැඳින්වෙන පිලිප් කුමරු බ්‍රිතාන්‍ය දෙවැනි එළිසබෙත් මහරැජිනගේ ස්වාමියායි.
මේ වන විට 99 වැනි වියේ පසුවන එඩින්බරෝහි අදිපාදවරයා රෝහල්ගත කර ඇත්තේ සුළු අසනීප තත්ත්වයක් හේතුවෙන් බවත් සඳහන් වෙනවා. ඔහු ලන්ඩන් නුවර II වැනි එඩ්වඩ් රෝහලට ඇතුළත් කර ඇති අතර එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුන්ගේ පියා වන්නේද එඩින්බරෝහි අදිපාදවරයායි.
මාළිගාවේ ප්‍රකාශකයා තිබෙන්නේ පිලිප් කුමාරයාගේ වෛද්‍යවරයාගේ උපදෙස් පරිදි මෙම රෝහල්ගත කිරීම “පූර්වාරක්ෂාව” වෙනුවෙන් කළ දෙයක් බවයි. මෙම ජ්‍යෙෂ්ඨ රාජකීයයා දින කිහිපයක් වෛද්‍යවරුන්ගේ නිරීක්ෂණය යටතේ රෝහලේ විවේක සුවයෙන් රැඳී සිටින බවත් පැවසෙනවා.
සාමාන්‍ය මෝටර් රියකින් රෝහල වෙත ගිය එඩින්බරෝහි අදිපාදවරයා කිසිවකුගේ ආධාරයකින් තොරව රෝහල තුළට ඇවිදගෙන ගිය බවද ගාර්ඩියන් පුවත් වාර්තාවේ සඳහන්. ඔහුගේ අසනීපය කෝවිඩ් - 19 වයිරසයට අදාළ නොවන බවද සඳහන්.