මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත්වූ සිසුවකු සොරකමේ ගිය පුවතක් ගම්පොළ ප්‍රදේශයෙන් වාර්තා වනවා.
16 හැවිරිදි මෙම පාසල් සිසුවා අසල්වැසි නිවෙසක වයස්ගත යුවළක් සතුව තිබූ රන් මාලයක්, මුද්දක් සහ රුපියල් 80,000ක් සොරා ගෙන ඇති බවයි පොලිසිය හිරු ගොසිප් වෙත සඳහන් කළේ.
මෙම සොරකම සිදුකර ඇත්තේ වයස්ගත යුවළක් පදිංචිව සිටි නිවසකයි.
අල්මාරියක තිබූ මුදල් නැතිවී ඇති බවට ගම්පොළ පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව නිවෙසට නිතර පැමිණි මෙම සිසුවා පිළිබඳව කළ විමර්ෂණයක දී මේ බව අනාවරණය වී තිබෙනවා.
මෙම සිසුවා සොරාගත් මුදලින් රුපියල් 11,000ක ජංගම දුරකතනයක් හා ගීත ඇසීමට භාවිත කරන උපාංගයක් මිළට ගත් බව පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන් වනවා.
ඉතිරි මුදල් සහ රන් භාණ්ඩ ගෙවත්තේ සඟවා තිබියදී පොලිසිය විසින් සොයාගනු ලැබුවා.
ගම්පොළ මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතාගේ නියෝග පරිදි මෙම සිසුවා වෙහෙරගල ළමා නිවාසයට යොමු කර තිබෙනවා.