නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැබිනට් අමාත්‍ය ධුර හා වෙනත් අමාත්‍ය ධුර ලබාගෙන ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට එක්වීමෙන් කර ඇත්තේ තමන්ට ඡන්දය දුන් ජන බලවේගයන් පාවාදීමක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරනවා.
බත්තරමුල්ලේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි විමල් වීරවංශ මහතා මෙම අදහස් පළකළේ.
"ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමාත්‍ය ධුර පිරිනමමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදු කරන්නේ කුමක්ද? වෙන කිසිවක් නොවෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, පවතින එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවේ ‘වලිගය’ බවට පත් කිරීමයි‘‘
මේක හරි පුදුම වැඩක්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, අමාත්‍ය ධුර ලබා ගන්නවා. ඒ අතරේ විපක්‍ෂ නායකකමත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය විසින් තබා ගෙන ඉන්නවා. අමාත්‍ය ධුර බර ගණනක් අරගෙන, විපක්‍ෂ නායක කමත් තමන් ළඟ තබාගෙන ආණ්ඩුවත් තමන්ගේ, විපක්‍ෂයත් තමන්ගේ කියන තත්ත්වයක් හදා ගන්නවා.
ශ්‍රී