පොළොන්නරුව - පුලස්තිපුර ප්‍රදේශයේදී 23 හැවිරිදි තරුණියක් ඝාතනය කර පුළුස්‌සා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරු මේ මස 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ අදාල සැකකරු පොළොන්නරුව මහේස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඇඟලුම් කම්හලක සේවය කර ඇති අදාල තරුණිය දින කිහිපයක පෙර අතුරුදන්ව සිට ඇති අතර පසුගිය 12 වනදා ඇයගේ බවට සැකකරන පිළිස්සූණු අවයව කොටස් පොළොන්නරුව - ලක්ෂ උයන ප්‍රදේශයේ පිහිටි වෙල්යායක තිබී සොයාගනු ලැබුවා.
ඒ අනුව කළ පරීක්ෂණ වලදී අදාළ තරුණිය සේවය කළ පොළොන්නරුව ප්‍රදේශයේ ඇඟළුම් කම්හලක සේවය කර ඇති ඇයගේ පෙම්වතා බව කියන විවාහක පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනුණා.
අනතුරව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ තරුණිය පසුගිය 10 වනදා ඝාතනය කිරීමෙන් අනතුරව පෙට්‍රල් දමා ඇයගේ සිරුරට ගිනි තබා ඇති බවයි.
දෙදෙනා අතර ඇතිවූ ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බවයි පොළොන්නරුව පොලිසිය සඳහන් කළේ.