මේ අතර සැක කටයුතු පුද්ගලයන් සහ අවි ආයුධ සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් අඛන්ඩව සිදුකරන බව පොලීසිය ප්‍රකාශ කළා.
ඒ සඳහා ත්‍රිවිධ හමුදාවේ ද සහය තවදුරටත් ලබා ගන්නා බවයි පොලීසිය කියා සිටියේ.
විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද ගිනි අවි දෙකක් සමඟ සැකකරුවෙකු ඊයේ (03) නාත්තන්ඩිය - අශෝකපුර ගම්මානයේදී පොලීසිය අත්අඩංගුවට ගත්තා.
එසේම, බොරලැස්ගමුව - පාසල් මාවතේ නිවසක් වටලා ව්‍යාජ රබර් මුද්‍රා පවා ගොඩනැගිලි සැලසුම් සමඟ මුස්ලිම් ජාතික ගෘහ නිර්මාණ ශිල්පියෙකු අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය හා එක්ව සිදුකළ මෙම මෙහෙයුමේදී ගොඩනැගිලි සැලසුම් අනුමත කිරීමට යොදා ගන්නා ව්‍යාජ මුද්‍රා හා ව්‍යාජ ලෙස අනුමත කළ නිවාස සැලසුම් ඇතුළු ලියකියවිලි රැසක් සොයා ගෙන තිබුණා.
මීට අමතරව, මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බ 03 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (03) පස්වරුවේ පොලීසිය අත්අඩංගුවට ගත්තේ වැලිපැන්න - ගල්අස්සගොඩ මුස්ලිම් පල්ලිය අසල පාලු ඉඩමක වලදමා තිබියදීයි.