Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
27
"මට ඔවුන්ගේ ජීවිතවල වෙනසක් කරන්න බැරි වුණා..." - වසර 16ක් නොනවත්වා උපවාසයේ යෙදුණු කාන්තාව ඒ ගැන කියන කතාව - Photos

- "මට ඔවුන්ගේ ජීවිතවල වෙනසක් කරන්න බැරි වුණා..." - වසර 16ක් නොනවත්වා උපවාසයේ යෙදුණු කාන්තාව ඒ ගැන කියන කතාව - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා ගිහින් තිබෙනවා
 
මට තනිව මේ වෙනස සිදු කරන්න බැහැ
 
යුද හමුදාවට විශේෂ බලයක් ලබා දෙන පනතකට එරෙහිව 16 වසරක් උපවාසයේ යෙදුණු ඉරෝම් ශර්මිලා, එක් අරමුණක් වෙනුවෙන් ලොව දීර්ඝතම කාලයක් උපවාසයේ යෙදී සිටි පුද්ගලයා ලෙස හඳුන්වනු ලබනවා. මනිපූර්හි යකඩ කාන්තාව ලෙස හඳුන්වන ඇය පසු කලෙක ප්‍රාදේශීය සභා මැතිවරණය සඳහා තරග වැදුනත් දැඩි පරාජයකට මුහුණ දුන්නා. ඉන් අනතුරුව ඇය ප්‍රධාන පුවත් අතර දක්නට ලැබුණේ නැහැ. කලකට පසුව ඉරෝම් ශාමිලා හමු වී සිදු කළ සංවාදයකට අනුව බීබීසී හින්දි අංශයේ දිව්‍යා ආර්යා සකස් කළ ලිපියකි මේ:
 
ඉරෝම් තවදුරටත් මනිපූර්හි වාසය නොකරන අතර, ඇය ආරම්භ කළ දේශපාලන පක්ෂයේ සාමාජිකයන් සමග ද කිසිදු සම්බන්ධතාවක් පවත්වන්නේද නැහැ.


දැන් ඇය සිය පෙම්වතා වූ බ්‍රිතාන්‍ය ජාතික ඩෙස්මන්ඩ් කූටින්හෝ සමග විවාහ වී බෙන්ගලුරු ප්‍රදේශයේ වාසය කරනවා.
 
ඉතා සෙමින් කතා බහේ යෙදෙන ඇය විටෙක සිනාසෙනවා. නමුත් බොහෝ විට ඇය සිය ඇහි බැමි රැලි කරගෙන සිටින්නේ සිය හදවත ගැඹුරේ යම් ගැටලුවක් ඇති බව හැඟවීමටයි.
 
කාලය සෙමෙන් ගතවෙද්දී ඇය සිය ජීවන ගමනේ විස්තර එකිනෙක හෙළි කළා.
 
"නිම නොකළ මගේ සටන සහ ඒ ගැන මිනිස්සු දක්වපු ප්‍රතිචාරය නිසා මට කාශ්මීරයේ ජීවත්වෙන්න ඕනෙ වුණා. මට එහි කරන්න පුළුවන් දේ ගැන සොයා බලන්න ඕනෙ වුණා,"
 
යුද හමුදාවට විශේෂ බලයක් ලබා දෙමින් සම්මත වූ පනතට එරෙහිව උපවාසයක් ආරම්භ කරන විට ඉරෝම් 28 හැවිදිරි වියේ පසුවුණා.
 
යුද හමුදාවට විශේෂ බලයක් ලබා දෙන මෙම පනත මනිපූර්වල අහෝසි කරන්නැයි ඇය ඉල්ලා සිටියා. පනතෙන් බලාත්මක වන නීතිය ක්‍රියාත්මක කිරීමෙන් සාමාන්‍ය වැසියන් බොහෝ දෙනෙකු ඝාතනයට ලක් වීම මෙයට හේතුව වුණා.
 
මෙම සටනේ දී ඇය හුදෙකලා වුණේ නැහැ. 1979 සිට 2012 දක්වා කාලය අතරතුර යුද හමුදාව සහ පොලිසිය විසින් සිදු කරන ලදැයි සැකකරන ඝාතන 1,528ක් පිළිබඳ වන 'Extra Judicial Victim Family Association' මානව හිමිකම් සංවිධානය ඉදිරිපත් කළ වාර්තාවකට අනුව පරීක්ෂණ පවත්වන්නැයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලැබුවා.
 
2000 වසරේ දී ඉරෝම් ආරම්භ කළ උපවාසය සිය දිවි තොර කරගැනීමට දරණ උත්සාහයක් ලෙස සැලකුණු අතර, අධිකරණ නියෝගයක් යටතේ ඇය ඉම්ෆාල් රෝහලේ රඳවා තැබුණා.
 
රෝහලේ පිහිටි අඩි 15x10 ප්‍රමාණයේ කාමරයක ඇය සිර ගත කර සිටිද්දී පිටත ලෝකය තුළ හමුදාවට විශේෂ බලයක් ලබා දුන් නීතිය ක්‍රියාත්මක වන්නට වුණා.
 
2014 දී පැවැත් වූ මහ මැතිවරණයට පෙර රෝහල් කාමරය තුළ සිටි ඇය මුණගැසීමට මට කොන්දේසි කිහිපයකට යටත් වෙමින් දැඩි උත්සාහයක් දැරීමට සිදු වුණා.
 
දෙවියන්ගේ සහ තපස් රකින කාන්තාවන්ගේ පිළිම තමන්ට අවශ්‍ය නැති බව එදින ඇය පැවසුවා.
 
මෙම දීර්ඝ කාලය ඇතුළත තමන්ට අහිමිව ඇත්තේ මිනිස් සබඳතා බව ඇය තවදුරටත් කියනවා. වසර 16ක් පුරා උපවාසයේ යෙදීමෙන් පසු 2016 වසරේ එක් දිනක සිය සටන අත් හැරීමට ඇය ගත් තීරණයට එය එක් හේතුවක් වූවා විය හැකියි.
 
හමුදාවට විශේෂ බලයක් ලබා දුන් නීතිය දැනටත් ක්‍රියාත්මකයි. නමුත්, මේ සියල්ලෙන්ම ඉරෝම් දැඩි වෙහෙසට පත් වී තිබෙනවා.
 
මී පැණි බිඳු කිහිපයක් ආහාරයට ගත් ඇය යම් දෙයක රස වින්දේ වසර 16කට පසුවයි.
 
"මට නිදහස් වන්න අවශ්‍යයි, නැත්නම් මිනිස්සුන්ට මාව සාමාන්‍ය පුද්ගලයෙකු හැටියට පෙනෙන එකක් නැහැ" යැයි ඇය පැවසුවා.
 
උපවාසය අත්හැරීමට ගත් තීරණය ගැන මනිපූර්හි සාමාන්‍ය වැසියන් සහ ඇයට සහය පළකරන්නන් සිය නොසතුට පළ කළා. ඇයට නවාතැන් ගැනීමට ස්ථානයක් ලබා දීමට පවා කිසිවෙකුත් ඉදිරිපත් වුණේ නැහැ. නිදහස් ලැබීමෙන් පසු එළඹි ප්‍රථම රාත්‍රිය ද ඇයට ගෙවීමට සිදු වූයේ එතෙක් සිර වී සිටි රෝහල් කාමරය තුළයි.
 
නිදහසෙන් පසු ඉරෝම් සිය දිවිය පිළිබඳ තීරණ දෙකකට එළඹුණා. ඉන් එකක් නම් නව දේශපාලන පක්ෂයක් ආරම්භ කරමින් මනිපූර් සහ මැතිවරණයට තරග වැදීම වන අතර, දෙවැන්න නම් ඩෙස්මන්ඩ් කූටින්හෝ සමග යුග දිවියට ඇතුළු වීමයි.
 
ඡන්දයෙන් ඇය දැඩි පරාජයකට මුහුණ දුන්නා. කොංග්‍රස් පක්ෂයේ සාමාජික ඔක්රාම් ඉබෝබි සිං ඡන්ද 18,649ක් ලබා ගනිද්දී ඉරෝම්ට ලබා ගත හැකි වූයේ ඡන්ද 90ක් පමණයි. මෙයින් පසු ඇය මනිපූර් හැර ගියා.
 
නමුත් දෙවෙනි තීරණය ඇයගේ දිවිය සම්පූර්ණයෙන් වෙනත් දිශාවකට යොමු කරන ලද අතර, මේ වන විට ඇය නිවුන් දරුවන් අපේක්ෂාවෙන් සිටින ගැබිනියක්.
 
සිය දරුවන් කාශ්මීරය තුළ පිහිටි ළමා නිවාසයක සිටින අනෙක් දරුවන් සමග හදා වඩා ගැනීම ඇයගේ බලාපොරොත්තුවයි. ආරක්ෂක හමුදා සහ සන්නද්ධ කණ්ඩායම් අතර ඇති වන ගැටුම්වලින් එම දරුවන්ගේ දෙමාපියන් මියගොස් හෝ 'අතුරුදහන්ව' තිබෙනවා.
 
ආරක්ෂක හමුදාවලට විශේෂ බලයක් ලබා දෙන පනත වසර ගණනාවක සිට කාශ්මීරය තුළ ද ක්‍රියාත්මක වන අතර මෙයින් දරුණු ලෙස මානව හිමිකම් කඩ වීමක් සිදු වනවා.
 
ළමා නිවාසයේ සිටින දරුවන් මෙම ගැටුමේ දුක්මුසු සංකේත බවට පත් වී තිබෙනවා.
 
පසුගිය වසරේ දී ඉරෝම් සහ ඩෙස්මන්ඩ් කාශ්මීරයේ විවිධ ස්ථානවල සංචාරය කළා.
 
1991 වර්ෂයේ දී ඉන්දීය හමුදා බලඇණියක් කාන්තාවන් සමූහ දුෂණයට ලක් කළ ලෙස සැලකෙන කුනන් සහ පෝෂ්පොරා ප්‍රදේශවල ද ඔවුහු සැරිසැරුවා.
 
එම ගම්මානවල සිටින කාන්තාවන් වැඩි කතාබහක නියැලෙන්නේ නැති බව ඩෙස්මන්ඩ් පැවසුවා.
 
"ආගන්තුකයන් ඔවුන් බලන්න ආවත් ඒ කව්රුත් ඔවුන් වෙනුවෙන් යමක් නොකරන බව ඒ අය සිතනවා. ඒ නිසා ඉරෝම් ඔවුන්ගේ නිශ්ශබ්දතාව අසන්න උත්සහ කරමින් ඇයට ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන් දේ තේරුම් ගන්න බැලුවා."
 
ඔවුන් දෙදෙනා මායිම ආසන්නයේ පිහිටි දර්ද්පෝරා ගම්මානයට ද ගියා. එහි සිටින කාන්තාවන්ගෙන් වැඩි දෙනෙකු වැන්දඹුවන් වන අතර, යුද අභ්‍යාස සහ අවි පුහුණුව සඳහා පාකිස්තානයට යෑමට හැකි ජනප්‍රිය මාවතක් මෙම ගම්මානය ඔස්සේ නිර්මාණය වී තිබෙනවා.
 
මෙම ගම්මානවල සිටින කාන්තාවෝ බොහෝ දුක් කම්කටොළු මධ්‍යයේ දිවි ගෙවනවා. සමාජයෙන් වෙන් කොට සලකන ඔවුන්ට සිය මූලික අවශ්‍යතා වෙනුවෙන් පවා සටන් වැදීමට සිදු වී තිබෙනවා.
 
දරුවන් සමග තනිව ජීවත්වන කාන්තාවන්ට කිසිදු සැලකිල්ලක් නොදක්වන අතර, ඔවුන්ගේ දියණියන් සරණ පාවා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවේ. ඔවුන්ට කිසිදු අනන්‍යතාවයක් නැහැ.
 
ඉරෝම්ට ද සමාජයෙන් බොහෝ ගැරහුම් එල්ල වී තිබෙනවා. ඇයගේ අරමුණ අඩපණ වීමට හේතුව ඩෙස්මන්ඩ් සමග විවාහ වීම යැයි විටෙක චෝදනා එල්ල වුණා.
 
උපවාසය අත්හැර විවාහ වී සාමාන්‍ය දිවිපෙවතක් ගෙවීම ආත්මාර්ථකාමී වැරදි තීරණයක් යැයි සමහරු පවසනවා.
 
කාශ්මීරයේ පුල්වාමා නගරයේ පිහිටි 'විද්‍යා සහ තාක්ෂණ ඉස්ලාමීය විශ්වවිද්‍යාලයට' ගිය ඉරෝම්ට දැඩි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීමට සිදු වුණා.
 
"ඔබ කොහොමද ඔබේ ප්‍රතිරූපය ආරක්ෂා කරගන්නේ?" යැයි සිසුවියක් ප්‍රශ්න නැඟුවා.
 
එවැනි ප්‍රශ්න රාශියක් තමන්ට යොමු වූ බව පැවසූ ඉරෝම් කඳුළු අතරින් වේදනාකාරී සිනහවක් පෑවා.
 
"මේ සිසුන්ට වගේම මනිපූර්වල ජනතාව ඔවුන්ගේ සටනේ සංකේතය ලෙස මාව පිළිගත් බව මම දන්නවා. නමුත් උපවාසය අත්හැරිය පසු සහ ඡන්දය පැරදුණාට පසුව මම අසමත් වෙලා කියලා ඔවුන් සිතනවා,"
 
"වසර 16ක් ගෙවිලා ගියත් මට ඔවුන්ගේ ජීවිතවල වෙනසක් කරන්න බැරි වුණා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා ගිහින් තිබෙනවා."
 
යුද හමුදාවට විශේෂ බලයක් ලබා දෙන පනත අහෝසි කිරීමට කිසිදු දේශපාලන පක්ෂයක් හෝ නායකයෙකු උත්සුක නොවන බව ඉරෝම් පවසනවා.
 
මෙතෙක් කල් ඇය සිදුකළ ඉල්ලීම් කිසිවකට දේශපාලන පක්ෂ සහ නායකයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබී නැහැ.
 
ඇය ඡන්දයෙන් පරාජය වීම මෙයට හේතුවක් විය හැකියි.
 
මැතිවරණයකට ඉදිරිපත් වීම ඇයගේ පරාජයට හේතුව බව බොහෝ දෙනෙකුගේ විශ්වාසයයි. ඒ සඳහා ඉරෝම්ගේ සූදානමක් නොතිබූ අතර ඇයට සහය දැක්වූ පිරිස සමග සම්බන්ධතා නොපැවැත්වූ බවට සමහරු චෝදනා නඟනවා.
 
"වසර 16ක් ගෙවිලා ගියත් මට ඔවුන්ගේ ජීවිතවල වෙනසක් කරන්න බැරි වුණා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා ගිහින් තිබෙනවා"
 
දේශපාලනය තුළ අවංකභාවයට ඉඩ නොමැති අතර එහි බලය රඳා පවතින්නේ මුදල්, දූෂණ, වංචා සහ ශරීර ශක්තිය මත වන බව ඉරෝම්ගේ විශ්වාසයයි.
 
නමුත් මැතිවරණයට තරග වැදීමට පෙර ඇය මේ කරුණු දැන නොසිටියේ ද?
 
නිදහස ලැබීමෙන් පසු තමන් දුටුවේ මිනිසුන්ගේ දුගී බව සහ වේදනාවන් බව ඉරෝම් පවසනවා. සාරවත් පොළොවක් සහ දක්ෂ මිනිසුන් වෙනුවට උද්ධමනය ඉතා වේගයෙන් ඉහළ යන බව ඇයට දැණුනා. මිනිසුන්ගේ මූලික අවශ්‍යතා සපුරා නොමැති අතර ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑමට ලක්ව ඇති බව ඇයගේ අදහසයි. ඉරෝම් මැතිවරණයෙන් ජයග්‍රහණය කළේ නම් මේ සියල්ල වෙනස් වන්නට ඉඩ තිබූ බව ඇය පැවසුවා.
 
"නමුත් දැන් මට දැනෙනවා මෙය එක් පුද්ගලයෙකුට විතරක් පැවරෙන වගකීමක් නොවන බව. මට තනිව මේ වෙනස සිදු කරන්න බැහැ. අපි හැමෝම මේ වගකීම ගන්න ඕනෙ"
 
ඉරෝම්ගේ අදහස් යථාර්ථයෙන් ඔබ්බට ගොස් ඇත්ද? නැතහොත් ඇය පමණට වඩා සර්වශුභවාදී ලෙස ක්‍රියා කරන්නේද?
 
මෙයට පැහැදිලි පිළිතුරක් ලබා දීම අපහසුයි. කෙසේවෙතත්, මේ වන විට දේශපාලනය පිළිබඳ ඉරෝම් තුළ කිසිදු විශ්වාසයක් නැහැ. සමාජයේ සැරිසරමින් එය වෙනස් කිරීමට උත්සහ කිරීම ඇයගේ වර්තමාන අභිප්‍රායයි.
 
ඩෙස්මන්ඩ් පැවසුවේ "ඉරෝම්ට කාශ්මීරයේ ගැලවුම්කාරිය වෙන්නත් බැහැ. කාශ්මීරයට ගැලවුම්කාරියක් අවශ්‍යත් නැහැ," යනුවෙනුයි.
 
ඉරෝම් සහ ඩෙස්මන්ඩ් කාශ්මීරය තුළ දිවි ගෙවන ආකාරය සහ ඔවුන්ට අවශ්‍ය මුදල් උපයා ගන්නේ කෙසේද යන්න අපැහැදිලිය. නමුත් ඔවුන් සාමාන්‍ය ජනතාව අතරට ගොස් දිවි ගෙවන බවට අප්‍රමාණ සාක්ෂි තිබෙනවා.
 
මේ වන විට 47 වෙනි වියේ පසුවන ඉරෝම්ට අවශ්‍ය සියලු දෙනාට සහ තමන්ට නිදහසේ දිවි ගෙවීමට අවශ්‍ය වටපිටාවක් තැනීමයි. එය සිය සටන අවසන් කිරීමට දරණ උත්සහයක් විය හැකි වුවත්, තවමත් ඇයගේ දිවිය ගැටලුවලින් පිරී තිබෙනවා.

-බීබීසී සිංහල



යුද හමුදාවට විශේෂ බලයක් ලබා දෙමින් සම්මත වූ පනතට එරෙහිව උපවාසයක් ආරම්භ කරන විට ඉරෝම් 28 හැවිදිරි වියේ පසුවුණා.



2000 වසරේ දී ඉරෝම් ආරම්භ කළ උපවාසය සිය දිවි තොර කරගැනීමට දරණ උත්සාහයක් ලෙස සැලකුණු අතර, අධිකරණ නියෝගයක් යටතේ ඇය ඉම්ෆාල් රෝහලේ රඳවා තැබුණා.



ඉරෝම්ගේ උපවාසයට සහය දක්වන පිරිසක්



වසර 16ක් රෝහල් කාමරයක සිරගත වී සිට නිදහස ලැබූ ඉරෝම්



ඉරෝම් සහ ඩෙස්මන්ඩ්



ඉරෝම්ගේ තීරණයට සහය පළ කරමින් මුහුදු වෙරළේ තැනූ අනුරුවක්



"වසර 16ක් ගෙවිලා ගියත් මට ඔවුන්ගේ ජීවිතවල වෙනසක් කරන්න බැරි වුණා. ඔවුන්ගේ බලාපොරොත්තු සුන් වෙලා ගිහින් තිබෙනවා"

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top