කුරුල්ලෙකුගේ හිසට සමාන හිසක් සහිත මත්ස්‍යයෙකු සොයා ගැනීමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.
මෙම පුවත වාර්තා වන්නේ චීනයෙන්.
ඇතමුන් පවසන්නේ මෙම මත්ස්‍යාගේ හිස පරෙවියෙකුගේ හා ගිරවෙකුගේ හිසකට සමාන බවයි.
එසේම එම පුදුම සහගත මත්ස්‍යාගේ හිස ඩොල්ෆින් මත්ස්‍යයෙකුට යම් සමානතාවක් දක්වන බව ද ඇතමුන් ප්‍රකාශ කරනවා.
කෙසේ වුවත් එම මත්ස්‍යාගේ කඳ ප්‍රදේශය සාමාන්‍ය මත්ස්‍යයෙකුගේ පෙනුමට සමාන වනවා.
මත්ස්‍ය විශේෂඥයින් මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබුණේ මෙම මත්ස්‍ය ප්‍රභේදය සම්බන්ධයෙන් නිශ්චිත නිගමනයකට එළඹිය නොහැකි බවයි.