ඒත් ඔන්න මුළු රටම මවිත කරමින්, ඒ හැම සම්ප්‍රදායක්ම කඩුලා බිඳ දැමූ අරුම පුදුම "පුංචි සිංහ පැටියෙක්" ගැන දකුණු ලකෙන් ආරංචි වෙනවා...
ඔහු නමින් කේ. ඒ. බිහදු විනාල්. ගාල්ලේ පදිංචි මේ පුංචි පුතා, වයස අවුරුදු 09ක් වැනි ඉතාමත් කෙටි කාලයකදී සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම ජයග්‍රහණය කරලා මුළු ලංකාවම හොල්ලලා තියෙනවා.
ඇත්තටම අවුරුදු 9ක් කියන්නේ තවමත් සෙල්ලම් වයසක්. අන්න ඒ වයසේදී මෙවැනි අසීරු කඩඉම් විභාගයක් ජයග්‍රහණය කිරීම සැබවින්ම ආශ්චර්යයක්. බිහදු පුතාගේ මේ අසමසම බුද්ධියත්, දක්ෂතාවයත් රටක් විදිහට අපිට ලොකුම ලොකු ආඩම්බරයක්...