Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Apr
10
"ජීවත් විමේ ගැටලු බාධක එල්ල වෙද්දි ආදරය හිත යටම යටපත් වෙලා ගියා.." - මිහිර සිරිතිලක

- "ජීවත් විමේ ගැටලු බාධක එල්ල වෙද්දි ආදරය හිත යටම යටපත් වෙලා ගියා.." - මිහිර සිරිතිලකHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

1 Views

"මම හරිහමන් රැකියාවක් නැති ගමෙන් කොළඹට ආපු  කෙනෙක්.."

"එයා ආදරය කළේ සතයක්වත් අතේ නැති මිහිරටයි.."

තව කෙනෙකුගේ මුවගට සිනහවක් දෙන්න හැම කෙනෙකුටම පුළුවන් වෙන්නේ නැහැ. මිහිර සිරිතිලක කියන්නේ පුංචි තිරයේ ඉන්න දක්ෂ විහිළුකාරයෙක්. හාස්‍ය නළුවෙක්. ඒ වගේම ඔහුට විවිධ චරිත ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරේ දිනා ගන්නත් පුළුවන් වෙලා තිබෙනවා. කම්කටොළු මැද නළුවෙක් වුණු මිහිරට හරි අපුරූ ආදරයක් ලැබෙනවා. ඒ ආදරේ ඔහුට මුණගැහෙන්නේ රැකියාවක්වත්, මුදල් හරි හැටි  නැති කාලේ. මිහිර ඒ ආදරේ තවමත් හරි පරිස්සමින් ආරක්ෂා කරනවා. ඔහු ඒ ගැන මේ විදිහට පුවත්පතකට කතා කරලා තිබුණා. මේ ඒ ගැනයි.


මිහිර අපි පාසල වියේ ප්‍රේමණිය මතක අතරට ඇවිද යමුද?
මුල්ම පාසල අලුත්වැව මධ්‍ය මහා විද්‍යාලය මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායකයනේ පාසල් වියේ මම පෙම්වතෙක් වුණේම නැහැ ඒ කාලෙදි මම හැම වෙලාවෙම උත්සාහ කළේ පාසලේ අනිත් අයට ආදර්ශවත් ශිෂ්‍යා වෙන්නයි ඒ නිසා පෙම්වත් සිතුවිල්ලක් ආවත් ඒ දේවල් එළියට නොයාම හිත ඇතුළෙම හැංගිලා මැකිලා ගියා..

ඉතින් ඊට පස්සේ?
ඊට පස්සෙ මම උසස් පෙළ පන්තියේ ඉද්දිම අපේ අපේ තාත්ත අපෙන් වියෝවෙනව. ඒ එක්කම මටත් මගේ අයියටත් ලොකු වගකීමක් පැවරෙනව. අපේ පවුලේ වගකීම තාත්තගෙන් පස්සෙ දරන්නෙ මමයි අයියයි අපි ජීවත් වුණේ සැහැල්ලු ජීවිතයක නෙවෙයි උසස් පෙළට ජීවවිද්‍යාව හදාරමින් හිටපු මම ආර්ථික හේතු නිසාම කලා විෂයන්වලට යොමු වෙන්න හිතනවා පාසල් වියේම අපිට ජීවත් විමේ ගැටලු බාධක එල්ල වෙද්දි ආදරය හිත යටම යටපත් වෙලා ගියා කිව්වොත් හරි ඉතින් තාරුණ්‍යයේ ගෙවුණත් ආදරය වැනි මාතෘකාවලට ජීවිතයේ ඉඩක් වෙන් කරන්න අමතක වෙනවා

නාට්‍යකාරයෙක් මෙන් කලා ලෝකය හඳුනා ගන්න උත්සාහ කරන කාලයේවත් පෙම් සිතක් පහළ වුණාද?                                                                                                                    පාසලෙන් පස්සේ මම කහටගස්දිගිලියෙන් කොළඹට එනව ඒ ඇවිත් මම පිළියන්දල බෝඩිමක නවාතැන් ගන්නවා. පිළියන්දල නතරවෙලා ඉන්න කාලෙ තමයි මට ඇය දකින්න ලැබෙන්නෙ ගීතිකා මධුරුංගනී අපේ බෝඩිම අසල ආයතනයක රැකියාව කළා යන එන මාවතේ නෙත ගැටෙන යුවතියට මගේ හිත ගියා අහම්බෙන් දකින්න ලැබුණ යුවතිය වෙනුවෙන් මම ඇය වැඩට යන එන වෙලාවට ඇගේ ආයතනය ලඟින් ඇවිද යන්න හුරු වුණා.

ගීතිකා නළුවකුගේ ආදරය එකහෙලා පිළිගන්නවද?
මේ වෙද්දි මම නාට්‍ය කරනව වෙන රැකියාවක් කළේ නැහැ හැබැයි ප්‍රසිද්ධ කලාකරුවෙක් වෙලා තිබුණෙත් නැහැ. ඉතින් ඇයට නළුවකුට ආදරය කරනව කියල හිතන්න තරම් සාධක තිබුණේ නැහැ කියලා හැඟීමක් තිබුණේ නැහැ ඇය මාව දැක්කේ අනෙකුත් සාමන්‍ය තරුණයෙක් වගෙයි ඒ කාලේ ඇත්තම කියනව නම් මම හරිහමන් රැකියාවක් නැති ගමෙන් කොළඹට ආපු සාමණ්‍ය තරුණයෙක්

මේ ආදර කතාවට බාධක විරෝධතා එල්ල වෙන්නත් ඇති නේද?
මම ඇයව විවාහ කරගන්න කැමතියි කියලා ඇයගේ ගෙදරට ගිහින් යෝජනාව කලා ඒ වෙද්දි මට රැකියාවත් තිබුණේ නැහැ සාමාන්‍යයෙන් විවාහයේදී දෙමවුපියන් සලකන ආර්ථික වත් පොහොසත්කම් මට තිබුණෙත් නැහැ එත් එයාගේ වැඩිහිටියෝ කිව්වේ තමන් කැමති නිසානේ ගෙදරට ඇවිත් මේ ගැන ඇහුවේ කියලා අපිට කැමත්ත දුන්නා පසුව අපි දෙන්නගෙ දෙපාර්වයේම කැමත්ත ලැබිලා අපි විවාහ දිවියට එළඹුනා.

සාමාන්‍ය කෙනෙක් විදිහට ඇය දුටු ඔබ පසු කලක ජනප්‍රිය තරුවක් වෙලා කාන්තාවන්ගේ ඇල්ම බැල්මට යොමුවෙද්දි?                                                                                                      
පුංචි ඉරිසියාකාරකම් තියෙනවා. ඒක එහෙම නොවෙන්නෙ නැහැනෙ ඕනම ගැහැනු කෙනෙක් ඒ වගේ තැනකදී වෙනස් වෙනවනෙ එයා වුණත් කැමති නැහැ එවැනි තත්තවකට හැබැයි ඇය මේ වෙද්දි ජනප්‍රිය කෙනකුට සමාජයේ තියෙන අවධානය තේරුම් අරන් ඉන්නේ අපි දෙන්න ගමනක් යද්දි හමුවෙන රසික රසිකාවියන් එක්ක මම කතා කරලා ඡායාරූපවලට පෙනී සිටිත්දි එයා පසෙකට වෙලා ඉන්නව කාන්තාවනන්ගෙ ඇලුම් බැලුම් නිසා ඇතිවෙන නෝක්කාඩුකම් නම් තියෙනවා. ඒක වෙනස් කරන්න නම් මහබඹාගේ ඉඳන් වෙනස් වෙන්න එපැයි..

ඔබලාගේ ආදර ගමනේ මතක සැමරුම් සිහිකළොත්
අපේ ආදරේ තියෙන ලොකුම සැමරුම තමයි අපි ආදරය පටන් ගනිද්දි මට ආර්ථීක ශක්තියක් තිබුණේ නැහැ වෙනත් පෙම්වතුන් යන තැන්වලට නෙවෙයි අපි ගියේ තොසේ කඩයකට වගේ සාමන්‍ය අඩු ආර්ථික මට්ටමක් තියෙන තැනකට තමයි මම ඇයව කැඳවාගෙන ගියේ ඇය ගැන මගේ හිතේ තියෙන ගෞරවයත් එයයි ජනප්‍රිය හෝ කිසිම ආර්ථික ශක්තියක් නැති මිහිරටයි ආදරය කළේ.

මිහිරගේ පළමු පෙම ද ඔබේ දිවියට සැනසුම සදන්න‍ෙ?
එයිට කලින් ආදරය ගැන අදහස් තිබිලා තියෙනවා නමුත් ඇය තමයි මගේ දිවියේ මල්ඵල ගැණුන ප්‍රේමය

තරුවකට බිරිඳක් වෙන එක ලේසී පහසු කාරණයක් නොවෙයි කියලයි හැමෝම කියන්නෙ?
ඇත්තටම ඒක අසීරු දෙයක් තමයි ලොකු ඉවසීමක් තියෙන්න ඕන ඒ වගේ කෙනෙකුට ජනප්‍රිය වීමත් එක්ක නිවාඩුවක් නැති කාර්ය බහුල ජීිවිතයන් තමයි අපිට ගෙවන්න වෙලා තියෙන්නේ සමහර වෙලාවට එයාටත හිතෙනවා ඇති මම වෙන රස්සාවක් කළා නම් හොඳයි කියල ඒ ඉතින් පුද්ගලික දිවියේ දෙයකට පවා කාලයක් නැති තරමට එක දිගට වැඩ කරන නිසා ඒ වුණාට මේ ජනප්‍රියත්වයට මට ලැබෙන ප්‍රතිචාර ජනතා ආදරය ගැන ඇය තුළ සතුටක් තියෙනවා

ධම්මිකා සුරංජි පතිරණ

Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top