සමාජ මාධ්‍ය ජාලාවල නිතරම කැපී පෙනෙන චරිතයක් වෙන ඇය, මේ දවස්වල හැමෝගෙම අවධානය දිනාගෙන තියෙන්නේ වෙනස්ම හේතුවක් නිසා.
ඒ තමයි, ඇය මේ ළඟදී කරපු අපූරු විදේශ සංචාරය! නවසීලන්තයේ සුන්දර පරිසරය අත්විඳින්න ගිය ශෙරිල්, එහේදී ගත්තු අතිශය ආකර්ෂණීය ඡායාරූප පෙළක් ඇගේ නිල මුහුණු පොතට මුදාහැරලා තියෙනවා.
මේ ඡායාරූපවල තියෙන විශේෂත්වය තමයි, වෙනදා දකිනවාට වඩා පුදුමාකාර සතුටකින්, හිනාවකින් සහ නිදහසකින් ශෙරිල් මේ හැම ෆොටෝ එකකටම පෙනී ඉන්න එක.
නවසීලන්තයේ තියෙන මනස්කාන්ත හරිත පරිසරය, කඳු පන්ති සහ නිල්වන් අහස පසුබිම් කරගෙන ඇය අරන් තියෙන ෆොටෝස්වලින් ඇගේ සුන්දරත්වය තවත් කැපී පේනවා.





