මේ, එක්තරා ආයතනයක බොස් කෙනෙක් තමන්ගේ සේවකයෙක් වෙනුවෙන් කරපු හිතාගන්න බැරි තරම් වටිනා "සප්‍රයිස්" එකක කතාවක්.
මේ ආයතනයේ වැඩිම කාලයක් හදවතින්ම කැපවෙලා සේවය කරපු තරුණයෙක් ඉන්නවා. ඔහු නිරන්තරයෙන්ම තමන්ගේ වගකීම් අකුරටම ඉටු කරන කෙනෙක්. ඉතින්, ඔහුගේ මේ අවංකභාවයට සහ කැපවීමට ගරු කිරීමක් විදිහට, එම ආයතනයේ ප්‍රධානියා විසින් ඔහුට අමුතුම විදිහේ තෑග්ගක් ලබා දෙන්න තීරණය කරලා තිබුණා.
ඒ වෙන මොකක්වත් නෙවෙයි, මේ තරුණයා කාලයක් තිස්සේ ගන්න හීන මවමින් හිටපු, ඔහු වඩාත්ම ආදරය කරන බයිසිකලයයි.
තමන්ගේ ප්‍රධානියා තමන් ඉස්සරහට මේ තරම් වටිනා තෑග්ගක් ගෙනත් තියෙයි කියලා ඔහු හීනෙකින්වත් හිතන්න නැතුව ඇති. බයික් එක දැක්ක ගමන් මේ තරුණයා සතුට වැඩිකමට වෙවුලන්න පටන් ගත්තේ හැමෝගෙම දෑස් වලට කඳුළු එක් කරමින්. "මේක ඇත්තක්ද?" කියලා ඔහු කිහිපවතාවක්ම අහනවා.
"තමන් කරන රස්සාවට අවංක වෙලා වැඩ කරන අයට කොයි වෙලේක හරි හරියනවා" කියන්න මේ කතාව හොඳම සාක්ෂියක්....