ඒ තමයි ප්‍රදේශයේ කා අතරත් ජනප්‍රිය, ඉතාම ගුණගරුක දියණියක් වුණු M.B. චතුමි කාවින්දි අකාලයේ දිවියෙන් සමුගෙන තිබීම.
දෙබරවැව ජනාධිපති විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් හිටපු චතුමි, මෙහෙම හිතුවක්කාර තීරණයක් ගනීවි කියලා ඇගේ යාළුවෝ හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
ප්‍රදේශවාසීන් පවසන අන්දමට, පවුලේ සාමාජිකයෙක් එක්ක ඇතිවුණු හරිම පුංචි වචන හුවමාරුවක් නිසා චතුමි ලොකු සිත් තැවුලකට පත්වෙලා තියෙනවා. ඒ මොහොතේ ඇතිවුණු ඒ දරාගත නොහැකි කලකිරීම නිසාම ඇය මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි දැනගන්න ලැබෙන්නේ.
ඇය ඉගෙනගත් බෙරලිහෙල සිරිරතන දහම් පාසල සිය නිල ෆේස්බුක් පිටුවේ තබා තිබුණේ හදවත පාරවන සටහනක්..
"මැලවී ගිය රෝස කුසුම... පුතේ, ඔයා සොයාගෙන ගිය නිවන් මඟ විවර වේවා!"
චතුමිගේ සමුගැනීමත් එක්ක ඇගේ හිතමිතුරන් සමාජ මාධ්‍ය හරහා තබපු සටහන් දැන් ලොකු කතාබහක් ඇති කරලා තියෙනවා. ඔවුන් ඉල්ලන්නේ මොන ප්‍රශ්නය ආවත් මේ වගේ මෝඩ තීරණ ගන්න එපා කියලයි.
"කවදාවත් ඉක්මන් තීරණ ගන්න එපා. මේ ලෝකෙට උඹව බිහි කළේ, කන්න අඳින්න දීලා ලොකු මහත් කළේ උඹේ අම්මයි තාත්තයි නම්, උඹේ ජීවිතේ අයිතිය තියෙන්නේ ඒ දෙන්නට මිසක් අහක යන එවුන්ට නෙවෙයි. ප්‍රශ්න තියෙන්න පුළුවන්, ඒත් ඒවා කතා කරලා විසඳගන්න පුළුවන්. ජීවිතේ එපා වෙන හැම වෙලාවෙම අහිංසක අම්මා තාත්තාගේ මූණ මතක් කරගන්න."
ඇත්තටම, මේ ලස්සන දියණියගේ සමුගැනීම අපිට දෙන ලොකුම පාඩම ඒකයි. දරාගන්න බැරි ප්‍රශ්නයක් ආවම හිතවතෙකුට ඒක කියන්න. ජීවිතය කියන්නේ පලා යාම නෙවෙයි, අභියෝගවලට මුහුණ දීමයි.