දොස්තරලා ෆේස්බුක් එකේ විවිධ උපදෙස් දෙද්දී, මියගිය බිළිඳාගේ අම්මා කරලා තියෙන මේ බරපතල චෝදනා නිසා මුළු සෞඛ්‍ය පද්ධතියම දැන් හෙල්ලෙන්න පටන් අරන්.
"පැය 3ක් යනකල් මාතර රෝහලේදී දරුවා ETU එකේ විතරයි"අප්‍රේල් 2 වෙනිදා රෑ බැටරිය ගිලපු ගමන් දරුවාව මාතර රෝහලට අරන් ගියත්, කිසිම ප්‍රතිකාරයක් නැතුව පැය 3ක් දරුවාව තියාගෙන හිටපු හැටි අම්මා කියන්නේ දැඩි වේදනාවෙන්. "දැන් උපදෙස් දෙන දොස්තරලා එදා ඒ මූලික ප්‍රතිකාර නොකළේ ඇයි?" කියලා ඇය කෙලින්ම ප්‍රශ්න කරනවා.
මාතරින් කරාපිටියට යැව්වත් බැටරිය අයින් කරන්න පැය 13ක් ගතවෙලා. මව කියන විදියට මේ ප්‍රමාදය නිසා දරුවාගේ ඇතුළත තුවාල වෙලා තිබුණත්, දොස්තරලා ඒක දෙමව්පියන්ගෙන් හංගලා.
බැටරිය අයින් කරලා සති තුනක් හොඳින් හිටපු දරුවා අප්‍රේල් 28 වෙනිදා එකපාරටම ලේ වමනය කරන්න ගත්තේ ඇතුළත තිබුණු තුවාල වලට නිසි ප්‍රතිකාරයක් නොලැබුණු නිසයි. අන්තිමේදී දොස්තරලා කොච්චර උත්සාහ කළත් මැයි 3 වෙනිදා ඒ අහිංසක පැටියා මෙලොවින් සමුගත්තා.
බැටරියක් වගේ මාරාන්තික දෙයක් ගිලපු දරුවෙක්ව පැය 13ක් පරක්කු කළේ ඇයි?
ඇතුළේ තුවාල තිබුණා නම් ඒක හංගලා දරුවාව ගෙදර යැව්වේ ඇයි?
මෙච්චර විනාශයක් වෙලත් කරාපිටිය රෝහල තවමත් නිහඬ ඇයි? දරුවාගේ මව වේදනාවෙන් අසයි.
දොස්තරලාගේ නොසලකා හැරීම නිසා තමන්ගේ දරුවා මියගිය බවට අම්මා කරන මේ සටහන දැන් අන්තර්ජාලය පුරා වේගයෙන් පැතිරෙනවා.
මුහුණු පොත ඇසුරෙන්....