අදාළ වීඩියෝව වයිරල් වීමත් සමඟ වහාම ක්‍රියාත්මක වූ වැල්ලවාය පොලිසිය විසින් යතුරුපැදිය පැදවූ තරුණිය හඳුනාගෙන ඇති අතර, ඇයට එරෙහිව බරපතළ චෝදනා කිහිපයක්ම එල්ල වෙලා තියෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ...
මේ තරුණියන්ට එල්ල වී ඇති චෝදනා වන්නේ රියදුරු බලපත්‍රයක්නොමැතිව යතුරුපැදිය ධාවනය කිරීම, ආරක්ෂිත හිස්වැසුම් (Helmets) නොමැතිව තවත් දෙදෙනෙකු නංවාගෙන යාම සහ පොදු මාර්ගයක අපරීක්ෂාකාරී ලෙස රිය ධාවනය කරමින් අනෙක් රියදුරන්ගේ සහ පදිකයින්ගේ ජීවිත අනතුරේ හෙළීම.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ අත්අඩංගුවට ගත් මෙම තරුණිය මැයි මස 11 වනදා වැල්ලවාය ගරු මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි කියලා...