ඒ තුර්කියේ අන්තාලියා නුවර පැවැත්වෙන 2026 "Miss Aura International" කිරුළ ශ්‍රී ලංකාවට රැගෙන ඒමේ අදිටනින්.
මෙම තරගාවලියට සහභාගී වන දෙවීනා නවීක්ෂි මෙනෙවිය ගැන කතා කරන විට ඇයගේ තිබෙන සුවිශේෂීම දක්ෂතාවය තමයි ඇය වෘත්තියෙන් වෛද්‍යවරියක වීම. සුදු කෝට් එක ඇඳගෙන රෝගීන් සුවපත් කරන අතරතුරම, ලෝක රූ රැජින වේදිකාවත් තමන්ගේ රූ සපුවෙන් ආක්‍රමණය කරන්න දෙවීනා සූදානම් වෙලා ඉන්නවා.
ඇය අද අලුයම එමිරේට්ස් ගුවන් සේවයට අයත් EK-649 ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළෙන් තමයි මේ ගමන ආරම්භ කළේ. ලොව පුරා රටවල් 50ක සුරූපිනියන් සමඟ කරට කර තරග කරන්නට යන දෙවීනාට මඟ පෙන්වන්නට සහ සුබ පතන්නට පිරිසක්ද ගුවන් තොටුපොළට පැමිණ සිටියා.
ලෝකයේ දක්ෂතම රූ රැජිනියන් 50 දෙනෙකු සහභාගී වන මෙම Miss Aura International තරගාවලිය මැයි 10 වනදා සිට මැයි 22 වනදා දක්වා තුර්කියේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට නියමිතයි.
රංගනයට හෝ නිරූපණයට පමණක් සීමා නොවී, වෛද්‍ය වෘත්තියේ නිරත වෙමින් මෙවැනි ජාත්‍යන්තර වේදිකාවක ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලැබීම ඇත්තටම ඇය ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්.