ඇප ලැබී දින කිහිපයකින්, යළි වරෙන්තු නිකුත් වූ පසුබිමක ඔහු මෙලෙස මියයාම බොහෝ දෙනාගේ සැකයට හේතුවක් වෙලා.
ඊයේ උදෑසන කපිල චන්ද්‍රසේන මහතා අත්අඩංගුවට ගැනීමට නිකුත් කළ වරෙන්තුව වළක්වන්නට ඔහුගේ නීතිඥවරයා නිවසට පැමිණි මොහොතේ, මුළු නිවසම නිහඬයි. කාමරය වසා තිබීම නිසා අමතර යතුරකින් එය විවෘත කළ නීතිඥවරයාට සහ නිවැසියන්ට දැකගන්නට ලැබුණේ කපිල මහතා බිම වැටී සිටින අයුරුයි. වහාම 119 ඇමතුමක් ලැබුණත්, ඒ වන විටත් ප්‍රමාද වැඩියි.
මරණය සැකසහිත බව නිරීක්ෂණය කළ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා, අධිකරණ වෛද්‍ය නිලධාරීන් පස් දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් පත් කරලා තියෙන්නේ මේ අබිරහස විසඳන්නයි. ඒ අනුව අද (09) පෙරවරුවේ මරණ පරීක්ෂණය පැවැත්වෙන අතර, ලබන 12 වැනිදා සාක්ෂි කැඳවීමට නියමිතයි.
කපිල චන්ද්‍රසේන මහතා නිදහස් වුණේ රුපියල් ලක්ෂ 100ක ඇප මතයි. හැබැයි ඇප තැබූ දෙදෙනා ඔහු ගැන කිසිවක් නොදන්නා බව හෙළිවීම නිසා ඔවුන් දෙන්නා හිරේට ගියා. අල්ලස් කොමිසම ඉල්ලා සිටියේ නඩුව ඉවර වෙනකම්ම ඔහු හිරේ දාන ලෙසයි. මේ සියලු පීඩනයන් මැද ඔහු මියගියේ හෘදයාබාධයකින්ද? නැත්නම් වෙනත් හේතුවක් නිසාද?
සියල්ල තීරණය වන්නේ හෙට එළිදකින පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මතයි!