මැයි මාසයට අදාළව ඉන්ධන මිලෙහි සංශෝධනයක් අද (01) දිනයේ සිදු නොවන බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්‍ෂ මයුර නෙත්තිකුමාරගේ ප්‍රකාශ කළා.
අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදුකරනු ලැබුවේ පසුගිය මාර්තු 21 වැනිදායි.
එහිදී රුපියල් 317ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ඉහළ දැමූ අතර, එහි මිල සටහන් වන්නේ රුපියල් 398ක් ලෙසයි.
එමෙන්ම, රුපියල් 365ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දැමූ අතර, එහි මිල රුපියල් 455ක් දක්වා ඉහළ ගියා.
මීට අමතරව, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින්, සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් සහ භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට කටයුතු කෙරුණා.