මේ අන්න එවැනි අපූරු පුවතක් පිළිබඳ ඇසෙන කතාවක්. කොහොම වුණත් මේ පුවත පසුගියදා චීනයේ බීජිං නුවරින් වාර්තා වුණා.
ලොව විශාලතම විද්‍යුත් වාහන නිෂ්පාදන සමාගම වන BYD හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී වෑන්ග් චුවාන්ෆූ (Wang Chuanfu), බීජිං මෝටර් රථ ප්‍රදර්ශනයට (Beijing Auto Show) සහභාගී වීම සඳහා පොදු ප්‍රවාහන සේවය භාවිතා කර තිබෙනවා.
ඩොලර් බිලියන 24කට අධික ශුද්ධ වත්කමක් හිමි මෙම ප්‍රකෝටිපතියා, මෙම තීරණය ගෙන ඇත්තේ ඇයි කියලා දන්නවාද..?
සිය සුඛෝපභෝගී රථ වාහන සහ රියදුරන් පසෙකලා මෙලෙස දුම්රියෙන් ගමන් කිරීමට තීරණය කර ඇත්තේ බීජිං නුවර පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් වශයෙන් බවයි දැනගන්න ලැබෙන්නේ..
1966 වසරේ අන්හුයි පළාතේ අන්ත අසරණ ගොවි පවුලක උපත ලැබූ ඔහු, කුඩා කලම දෙමාපියන් අහිමි වූ ඔහු හැදී වැඩුණේ සිය සහෝදර සහෝදරියන්ගේ රැකවරණය මධ්‍යයේය.
1995 වසරේදී බැටරි නිෂ්පාදන සමාගමක් ලෙස BYD ආරම්භ කළ ඔහු, අද වන විට එය ලොව බලගතුම විද්‍යුත් වාහන සන්නාමය දක්වා වර්ධනය කර ඇති බවට මේ වන විට නම් ලෝකයේ බොහෝ දෙනා සාක්ෂි සපයාවි..