පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමීර් ඛාන් පවසා ඇත්තේ ප්‍රකට අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානි සහ තිරකතා රචක අභිජාත් ජෝෂි මේ වන විටත් නව චිත්‍රපටයේ පිටපත සකස් කරමින් සිටින බවයි.
"මම දැනටමත් කතාව අසා අවසන්. එය ඇත්තටම අසාමාන්‍යයි! පළමු චිත්‍රපටයේ තිබූ ඒ හාස්‍යය සහ හැඟීම් එලෙසම මෙහිත් තිබෙනවා," යනුවෙන් අමීර් මහත් උද්යෝගයෙන් පවසා තිබෙනවා.
මේ චිත්‍රපටයේ ඇති විශේෂම දේ තමයි මෙය රීමෙක් එකක් නොවී, පළමු චිත්‍රපටය අවසන් වී වසර 10කට පසුව සිදුවන කතාවක් වීම. ඒ කියන්නේ රැන්චෝ, ෆර්හාන් සහ රාජු දැන් ඉන්නේ කොහේද? ඔවුන්ගේ ජීවිතවල මීළඟ අදියර මොන වගේද? කියන එක අපිට මේ හරහා බලාගන්න පුළුවන්.
අමීර් ඛාන් නැවතත් 'ෆුන්සුක් වන්ග්ඩු' හෙවත් රැන්චෝ ලෙසම කරළියට එන බව තහවුරු කර තිබීම රසිකයන්ට ලොකුම සතුටක්.
මේ අතර අමීර් සහ රාජ්කුමාර් හිරානි එක්ව කිරීමට සිටි ඉන්දීය සිනමාවේ පියා ලෙස සැලකෙන 'දඩාසාහේබ් පාල්කේ' ගේ ජීවිත කතාව අලලා තැනීමට ගිය චිත්‍රපටය තාවකාලිකව නතර කර තිබෙනවා. ඒ වෙනුවට ඔවුන් සියලු අවධානය යොමු කර ඇත්තේ '3 Idiots 2' වෙතයි.
2009 වසරේ තිරගත වූ මුල් චිත්‍රපටය අධ්‍යාපන ක්‍රමයට එල්ල කළ ප්‍රහාරය අදටත් වලංගුයි. ඉතින්, වසර ගණනාවකට පසු මේ අපූරු මිතුරන් තිදෙනා එක්වී කරන අලුත්ම සිනමා විප්ලවය බලන්න මුළු ලෝකයම දැන් ඇඟිලි ගනිමින් ඉන්නවා.