කියලා හිතෙන තරමට ඇස් වලට කඳුළු එන කතාවක් තමයි දැන් සමාජ මාධ්‍ය පුරාම හුවමාරු වෙන්නේ. රුපියල් විසිදහසක මුදලක් ගන්න බැංකුවට ගිය මනුස්සයෙක්ට තමන්ගේ සහෝදරියගේ ඇටසැකිල්ල බැංකුව ඇතුළටම උස්සන් එන්න වුණු අවාසනාවන්ත කතාවක් මේක.
ජීතු මුන්ඩා කියන මේ අසරණ මනුස්සයාගේ සහෝදරිය මියගිහින්. ඇගේ බැංකු ගිණුමේ තිබුණු රුපියල් 20,000ක මුදල ගන්න කියලා ඔහු බැංකුවට ගිහින් තියෙන්නේ හරිම බලාපොරොත්තුවෙන්. ඔහු බැංකු නිලධාරීන්ට කිහිප වතාවක්ම කියලා තියෙනවා තමන්ගේ සහෝදරිය දැන් ජීවතුන් අතර නැහැ කියලා.
හැබැයි බැංකු නිලධාරීන් මේ මනුස්සයා කියන දේ විශ්වාස කරලා නැහැ. "සල්ලි ගන්න නම් ගිණුම් හිමිකාරියව පුද්ගලිකවම බැංකුවට එක්කන් එන්න ඕනේ" කියලා ඔවුන් තදින්ම අවධාරණය කරලා. මරණ සහතිකයක් ඉදිරිපත් කරන හැටි හෝ නීතිමය ක්‍රියාපටිපාටිය ගැන කිසිම අවබෝධයක් නොතිබුණු මේ අසරණ සහෝදරයාට අන්තිමේදී කරන්න ඉතිරි වුණේ එකම දෙයයි.
වෙන කරන්නම දෙයක් නැති තැන ජීතු මුන්ඩා තමන්ගේ සහෝදරියගේ සොහොන හාරලා, ඇගේ ඇටසැකිල්ල මල්ලක දාගෙන කෙළින්ම බැංකුව ඇතුළට ඇවිත්. "ඔන්න බලන්න මගේ සහෝදරිය ඇත්තටම මැරිලා.. මම බොරු නෙවෙයි කිව්වේ" කියලා ඔහු බැංකු නිලධාරීන්ට ඔප්පු කරන්න උත්සාහ කරලා තියෙන්නේ හරිම අසරණ විදිහට.
මේ අසාමාන්‍ය දර්ශනයෙන් මුළු බැංකුවම එකම කලබැගෑනියක් වෙලා. වහාම එතනට ආපු පොලිසිය මේ මනුස්සයාගේ අසරණකම තේරුම් අරගෙන, ඔහුට ඒ මුදල් ලබාගන්න අවශ්‍ය නීතිමය උදව් කරන්න පොරොන්දු වෙලා තියෙනවා. ඉන්පස්සේ සහෝදරියගේ අවශේෂයන් නැවතත් නිසි විදිහට භූමදානය කරලා තියෙනවා.
සමාජ මාධ්‍යයෙන්