තමන්ගේ කුසින් උපන් අවුරුදු දෙකක පුංචි දෝණිව රුපියල් 40,000ක මුදලකට විකුණලා දාන්න තරම් මේ අම්මා අකාරුණික වෙලා.
මේ සිද්ධියේ තියෙන දරුණුම දේ තමයි දරුවා විකුණලා ලැබුණු සල්ලිවලින් මේ අම්මා කරපු වැඩේ. ඒ ලැබුණු රුපියල් 40,000න් රුපියල් 15,000ක්ම වියදම් කරලා එයා අලුත්ම අලුත් ජංගම දුරකථනයක් මිලදී අරගෙන! තමන්ගේ දරුවාගේ ජීවිතේට වඩා මේ අම්මට ෆෝන් එක ලොකු වුණේ කොහොමද කියලා දැන් පොලීසියත් පුදුම වෙලා ඉන්නේ.
මේ අම්මයි එයාගේ අනියම් පුරුෂයයි එකතු වෙලා මේ දෝණිව විකුණලා තියෙන්නේ කොළඹ පැත්තේ කාන්තාවකට. ගමේ ග්‍රාම නිලධාරී මහත්තයාට මේ ගැන සැක හිතිලා කරපු පැමිණිල්ලකට අනුව තමයි ධර්මපුරම් පොලීසියෙන් වැටලීමක් කරලා මේ හැමෝම අත්අඩංගුවට ගත්තේ. දරුවා සල්ලිවලට ගත්ත කටුනායක පැත්තේ 37 හැවිරිදි කාන්තාවත් දැන් ඉන්නේ හිරේ...
පොලීසියෙන් ප්‍රශ්න කරද්දී මේ මවයි, අනියම් පුරුෂයයි කියලා තියෙන්නේ පුදුම කතාවක්. මේ විකුණපු දෝණිට වගේම එයාගේ අවුරුදු 4ක අක්කටත් තැලසීමියා රෝගය තියෙනවලු. ඉතින් අක්කාගේ බෙහෙත්වලට සල්ලි නැති නිසා තමයි නංගිව විකුණුවේ කියලා මුලින් කිව්වත්, එහෙනම් "ඇයි ෆෝන් එකක් ගත්තේ?" කියලා පොලීසිය අහපු ප්‍රශ්නයට මේ දෙන්නටම උත්තර නැති වෙලා.
27 හැවිරිදි මේ අම්මයි, 31 හැවිරිදි අනියම් පුරුෂයයි වගේම දරුවා ගත්ත කාන්තාවයි කිලිනොච්චිය අධිකරණයට ඉදිරිපත් කළාට පස්සේ, මේ මස 29 වෙනිදා වෙනකම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්න නියෝග ලැබිලා තියෙනවා.