පසුගිය 20 වැනිදා මේ දරුවා රැගෙන යාමට පියා පාසල අසලට පැමිණ සිටියදී, කිසිදු හෘද සාක්ෂියක් නැතිව විදුහල්පතිවරයා මෙම සිසුවාව දණගස්වා කනට සහ පිට ප්‍රදේශයට දරුණු ලෙස පහරදී තිබෙනවා.
මේ සිදුවීමේ වඩාත්ම කනගාටුදායක පැත්ත තමයි, පහර කෑමට ලක්වූ 12 හැවිරිදි සිසුවා මොළේ ඌණතා සහිත දරුවෙකු වීම. අධික තරබාරුව, සීනි සහ කොලෙස්ටරෝල් වැනි රෝගී තත්ත්වයන්ගෙන් පීඩා විඳින මේ අසරණ දරුවාට තමයි විදුහල්පතිවරයා මේ විදිහට තමන්ගේ "ගුරු හයිය" පෙන්නලා තියෙන්නේ.
නිවසට ගිය පසු දරුවා අවදි කිරීමට උත්සාහ කළ මවට අසන්නට ලැබුණේ හදවත කඩා වැටෙන කතාවක්. "විදුහල්පතිවරයා කනට ගැහුවා, මට කන ඇහෙන්නේ නෑ" යැයි දරුවා පවසා තිබෙනවා. වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ දරුවාගේ කන්බෙරයට හානි වී ඇති බවයි.
දරුවා දින තුනක් රෝහලේ ප්‍රතිකාර ලැබුවත්, ඒ පිළිබඳ සොයා බැලීමට විදුහල්පතිවරයා හෝ පාසලේ කිසිදු ගුරුවරයෙක් දුරකථන ඇමතුමක්වත් ලබා දී නැති බවයි දෙමාපියන් චෝදනා කරන්නේ. මේ පිළිබඳව තෙබුවන පොලිසියට අද (24) නිල වශයෙන් පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබෙනවා...