මේ අන්න ඒ ගැන කතාවක්. එළඹෙන ඔක්තෝම්බර් මාසයේදී ග්‍රහමාරුවීම් රැසක් සිදුවෙන්නට නියමිතයි. රවි ග්‍රහයා තුලා රාශි ගතවීමත්, කුජ ග්‍රහයා වෘශ්චික රාශිගතවීමත්, බුධ ග්‍රහයා තුලා රාශිගත වීම, ගුරු ග්‍රහයා කටක රාශි ගතවීම සිකුරු ග්‍රහයා කන්‍යා රාශියට පැමිණීම පදනම් කර ගනිමින් ඹක්තෝම්බර් මාසයේ ලග්න පලාපල ඒ ඒ ලග්න හිමියන්ට බලපාන්නේ කොහොමද කියලා හරියටම දැනගනිමු.
මේෂ ලග්නය
අරමුණූු අපේක්ෂා මල්පල ගැන්වේ
ඔක්තෝම්බර් මාසය මේෂ ලග්න හිමියන්ට කෙබඳු දැයි සැලකීමේදී පැවැසිය හැකි වන්නේ, ලග්නාධිපති කුජ, තුලා රාශියේ මේ වන විට ගමන් කිරීම යහපත් කාරණයක් වන බවයි. ඒ අනුව,
ආර්ථිකය හා රැකියාව
මේෂ ලග්න හිමියන්ගේ අරමුණූු අපේක්ෂා මල්පල ගැන්වෙන කාලසීමාවක් ලෙස මේ කාලය හැඳින්විය හැකිය. ආර්ථිකය හා රැකියාව පිළිබඳ සැලකිලිමත් වීමේදී විශේෂයෙන්ම, ප්‍රබෝධයක්, සාර්ථකත්වයක් ඇති කිරීමේ හැකියාවක් මේ මාසය පුරා පවතී. මේ තත්ත්වය තව තවත් දියුණු වන්නේ ඔක්තෝම්බර් මස 18 වැනි දින සිදුවන බ්‍රහස්පති මාරුවෙන් පසුවය. වෘත්තිය කටයුතු තව තවත් දියුණ වන බව පැවැසිය හැකිය.
ගෘහ ජීවිතය
මේ කාලසීමාව ගෘහ ජීවිතයේ කටයුතු සඳහා යහපත් වාතාවරණයක් ගෙන දේ. මේෂ ලග්න හිමියන්ගේ ග්‍රහ ගමන පොදුවේ සැලකීමේදි සිකුරු හත්වැන්නාධිපතියා වශයෙන් කන්‍යා රාශියට පැමිණීම හේතුවෙන් ගෘහ ජීවිතයේ කිසියම් ආකාරයක ඌනතාවයන් ඇති කිරීමට හේතුවිය හැකිය. එනිසා කල්පනාකාරීව, එම තත්ත්වයන් මඟහරවා ගැනීමට කටයුතු කළ යුතු වේ. දූ දරුවන්ට සුබදායක වේ.
සෞඛ්‍යය සෞඛ්‍යය පිළිබඳ තද බල පීඩාවන් ඇති නොවේ. කුජ ලග්නාධිපති ලෙස කේන්ද්‍රගතව ගමන් කිරීම සහ බ්‍රහස්පති උච්චව හතරවැන්නේ ගමන් කිරීම එයට හේතු වේ. එනිසා සෞඛ්‍යය යහපත් වේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා ද මේ කාලසීමාව මේෂ ලග්න හිමියන්ට වඩාත් යහපත් ප්‍රතිඵල ගෙන දෙනු ඇත. බුධ ග්‍රහයාගේ ග්‍රහමාරුව මෙයට හේතුවයි. මතක ශක්තිය, ස්මරණ ශක්තිය, දියුණුූ වේ. විභාග ආදියෙන් උසස් ලෙස සමත්විය හැකි කාලයකි.
ජය අංක – 9,1
ජය වර්ණ :– රතුපාට
සුබ දින :– අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
වෘෂභ ලග්නය
ආර්ථික හා රැකියා ප්‍රගතිය
වෘෂභ ලග්න හිමියන්ගේ ග්‍රහචාරය අනුව, මේ ලග්න හිමියන්ට ඔක්තෝම්බර් මාසය යහපත් ප්‍රතිඵල උදාකරන මාසයක් වන බව සඳහන් කළ හැකිය.
ආර්ථිකය හා රැකියාව
ආර්ථිකමය හා වෘත්තීමය කටයුතු සම්බන්ධයෙන් යහපත් හිතකර වාතාවරණයක් පවතින බව පැවැසිය හැකිය. දහවැන්නාධිපතියා බලවත්ව කේන්දරයේ ගමන් කිරීම හා ධනස්ථානාධිපතියා ද කේන්දරයේ යහපත් ආකාරයෙන් ගමන් කිරීම මෙන්ම අයස්ථානාධිපතියා ධන භාවගත වීම යන කරුණූු එයට හේතු වේ. මේ නිසා ආර්ථික හා රැකියාමය කටයුතුවල ප්‍රගතියක් ඇතිවීමට හේතු කාරණා යෙදේ.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය පිළිබඳ සැලකීමේදී කුජ කේන්දරයේ හයවැන්නේ ගමන් කිරීම හේතුවෙන් විවාහය, යුගදිවිය සතුටින් සමාදානයෙන් ගත කිරීමට වෘෂභ ලග්න හිමියන්ට හැකිවනවා ඇත.
සෞඛ්‍යය
සෞඛ්‍යය පිළිබඳ සැලකීමේදී තද බල සෞඛ්‍ය පීඩාවන්ට ලක්වීමේ අවදානමක් වෘෂභ ලග්න හිමියන්ට නොමැති බව පැවැසිය යුතුය. මධ්‍යස්ථ ආකාරයෙන් සෞඛ්‍ය තත්ත්වය පවත්වාගෙන යාමට හැකියාව පවතී.
අධ්‍යාපනය
බුධ ග්‍රහයා කේන්දරයේ යහපත්ව ගමන් කිරීම සිදුවේ. මේ නිසාම වෘෂභ ලග්න හිමියන්ගේ අධ්‍යාපන කටයුතුවල සාර්ථකත්වය මෙන්ම විභාග ආදි දේ ඉතාම ඉහළ මට්ටමින් සමත්වීම, දැනුම, බුද්ධිය, ඥානය වැඩි දියුණු වීම යන යහපත් කරුණුූ මේ මාසය පුරා ඉෂ්ට සිද්ධ වන බව පැවැසිය යුතුය.
ජය අංක :– 6,5
ජය වර්ණ :– ළා නිල්, නිල්
සුබ දින :– සිකුරාදා, සෙනසුරාදා
මිථුන ලග්නය
අරමුණු, මනදොළ සපුරන කාලයක්
ලග්නාධිපති වන බුධ ග්‍රහයා ඉතා යහපත්ව කන්‍යා රාශියේ උච්චව ගමන් කිරීම සිදුවේ. බුධගේ ග්‍රහගමන අනුව මිථුන ලග්න හිමියන්ට යහපත් විපාක ගෙන දෙන්නට සමත්වන මාසයක් ලෙස ඔක්තෝම්බර් මාසය හැඳින්විය යුතුය.
ආර්ථිකය හා රැකියාව
ආර්ථිකමය හා වෘත්තීමය වශයෙන් යහපත් වාතාවරණයක් ඇතිවේ. වෘත්තිමය කටයුතු යහපත්ව සාර්ථකව සිදුකළ හැකි කාලසීමාවක් උදාවන බව පැවැසිය යුතුය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය ගැන සැලකීමේදි මිථුන ලග්න හිමියන්ට අහිතකර වාතාවරණයක් ඇති නොවේ.තම අරමුණු, මනදොළ සපුරාලන, යුගදිවියේ සංතෘෂ්ටියක් ඇතිකරන කාලසීමාවක් ලෙස මෙකී කාලය පැවැසිය හැකිය. යුගදිවිය සමබරව ගත කිරීමේ හැකියාවක් ඔබට ඇත. දූ දරුවන්ටද යහපත් වාතාවරණයක් ඇති වී පවතී.
සෞඛ්‍යය
ඔක්තෝම්බර් මාසය මිථුන ලග්න හිමියන්ගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහිද අයහපත් බලපෑමක් ඇති නොකරන මධ්‍යස්ථ බවක් ඇති කරන මාසයකි. බුධ හා ගුරු ග්‍රහයන් කේන්දරයේ යහපත්ව ගමන් කරන බැවින් සෞඛ්‍ය තත්ත්වය යහපත් වුවත් රාහු කේතුගේ බලපෑම මත යම් යම් සෞඛ්‍යය ඌනතා ඇතිවිය හැකි වුවත් පොදුවේ ගත්කල මිථුන ලග්න හිමියන්ගේ සෞඛ්‍යයට හිතකර කාල පරිච්ඡේදයක් බව මේ කාලසීමාව හැඳින්විය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපනික කුසලතා වඩ වඩාත් වර්ණවත් වන, ධාරණ ශක්තිය මතක ශක්තිය උද්දීපනය වන විභාග ආදිය උසස් ලෙස සමත්වන කාලසීමාවක් බව පැවැසිය හැකිය.
සුබ අංක –5, 6
සුබ වර්ණ:– ළා කොළ, නිල්
සුබ දින – බදාදා, සිකුරාදා
කටක ලග්නය
අධ්‍යාපන ප්‍රබෝධයක්
ඔක්තෝම්බර් මාසය කටක ලග්න හිමියන්ට සුවිශේෂි මාසයක් බව පැවැසිය හැකිය. ගුරු ඉතාම ශීඝ්‍ර ගමනකින් පසු ඔක්තෝම්බර් 18 වැනිදා යළිත් කටක රාශියට පැමිණීම සුවිශේෂී ග්‍රහ ගමනක් වේ. මෙහිදී කටක ලග්න හිමියන්ට කාලාන්තරයක් පුරා පැවැති උකටලීභාවයත්, බාධා, පසුබැසීම්, අහෝසි වී ප්‍රබෝධයක්, උද්‍යෝගයක් ජීවිතයේ ඇති කිරීමට හිතකර වාතාවරණයක් උදාවේ.
ආර්ථිකය හා රැකියාව
වෘත්තිමය ජීවිතය හා රැකියා කටයුතු ආර්ථිකමය කටයුතු එක්තරා අන්දමක ප්‍රබෝධාත්මක බවකින් යුතුව ඉටුකර ගැනීමට අවකාශය හිමිවේ.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතය දෙස බැලීමේදී ඔබට සුබ අසුබ මිශ්‍ර ප්‍රතිඵල හිමිවන බව පැවැසිය යුතුය. විවාහය පිළිබඳ සැලකීමේදි ඉතාම ඉවසිලිවන්තව කටයුතු කළ යුතුය. එසේ කටයුතු කරන තරමට සැනසීම හිමිවේ.
සෞඛ්‍යය
සෙනසුරු ග්‍රහයා අටවැන්නේ ගමන් කිරීම හේතුවෙන් සුබාසුබ මිශ්‍ර ප්‍රතිඵල හිමිවන බව සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ කතා කිරීමේදී පැවැසිය යුතුය. මුත්‍රා ආබාධ, වැටීම්, තැලීම්, අස්ථී බිඳීම් වැනි දෑ ඇතිවිය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු යහපත් අන්දමින් ඉටුකර ගැනීමට ඔබට අවකාශ හිමිවන කාලසීමාවක් බව පැවසිය යුතුය. ගුරු ග්‍රහයා ලග්නයට පැමිණ උච්ච වීම හේතුවෙන් කාලාන්තරයකට පසුව අධ්‍යාපනික ප්‍රබෝධයක් ඇති කරලීමට සමත් කාලවකවානුවක් බව පැවැසිය යුතුය.
සුබ අංක :– 2,8,3
සුබ වර්ණ :– සුදුපාට, ක්‍රිම් පාට, රන්වන්
සුබ දින :– සඳුදා, බ්‍රහස්පතින්දා,
සිංහ ලග්නය
බුද්ධිමත්ව ක්‍රියා කිරීමෙන් සැනසීම ලැබේ
ඔක්තෝම්බර් මාසය සිංහ ලග්න හිමි ඔබට මධ්‍යස්ථ ප්‍රතිඵල අත්කර දෙන මාසයක් බව පැවැසිය යුතුය. ලග්නයේම කේතු ගමන් කිරීම හත්වැන්නේ රාහු ගමන් කිරීම හා අටවැන්නේ සෙනසුරු ගමන් කිරීම එයට හේතු වේ.
ආර්ථිකය හා රැකියාව
උත්සාහයෙන් යුතුව ක්‍රියාකළ යුතු කාලයකි. රැකියා හා ආර්ථික කටයුතුවල ප්‍රගතියක් දක්නට නම් ඔබ උත්සාහවන්තව කටයුතු කළ යුතු වේ.
ගෘහ ජීවිතය
ඔබ ගෘහ ජීවිතයේ කටයුතුවලදී ඉතාම ඉවසිලිවන්තව, විමසිලිවන්තව කල්පනාකාරීව බුද්ධි ගෝචරව ක්‍රියා කිරීම මේ කාලසීමාවේදී අත්‍යවශ්‍ය වේ. එමඟින් සැනසීමක් ඔබට ලද හැකිය.
සෞඛ්‍යය
සෞඛ්‍යය පිළිබඳව ද කතාකිරීමේදී නම් ඔක්තෝම්බර් මාසය යහපත් යැයි පැවැසිය නොහැකිය. උදරගත පීඩා, බඩවැල් සම්බන්ධ පීඩා, පීනස් අමාරු, මූත්‍ර ආබාධවලට ඇති ඉඩකඩ වැඩිය. ඒ සම්බන්ධව පරීක්ෂාකාරි විය යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා මේ කාලසීමාව ඔබට යහපත් වනු ඇත. ගුරු ග්‍රහයා 11 වැන්නේ ගමන් කිරීමෙන් අධ්‍යාපනික කටයුතුවල ප්‍රවණතාවයක් ප්‍රගතියක් ඇති කිරීමේ බලයක් තිබෙන බව පැවැසිය හැකිය.
ජය අංකය :– 1,9
ජයවර්ණ – තඹ, රතු
සුබ දින :- ඉරිදා, අඟහරුවාදා
කන්‍යා ලග්නය
වෘත්තීය ජයග්‍රහණ
කන්‍යා ලග්න හිමි ඔබට ඔක්තෝම්බර් මාසය ඉතාම ප්‍රශස්ත මාසයක් බව පැවැසිය යුතුය. එයට හේතුව වන්නේ ලග්නයට බුධහු පැමිණ උච්ච වීමය. භද්‍ර යෝගය උදාවන කාලසීමාවක් ලෙස පැවැසිය හැකිය.
ආර්ථිකය හා රැකියාව
තම ජීවිතයේ කිසියම් ලෙසක යහපත් අරමුණුූ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ කරන වෘත්තීය ජයග්‍රහණයට මග පාදන කාලසීමාවක් ලෙස මේ මාසය හැඳින්විය හැකිය.
ගෘහ ජීවිතය
සුබ අසුබ මිශ්‍ර කාලවානුවක් ගෘහ දිවිය ආශ්‍රිතව ගෙවී යන බව පැවැසිය හැකිය. සෙනසුරු හත්වැන්නේ ගමන් කිරීම නිසා විවාහ ජීවිතයේදි යම් යම් ඌනතාවයන්, සතුට, සන්තෝෂය අඩුවීම්, සහකරු සහකාරියට නොයෙකුත් අසනීප ආබාධ ඇතිවීමේ වාතාවරණයක් පවතී. එනිසා ඉවසිලිවන්තව, සමබරව ක්‍රියාකිරීම තුළින් යුගදිවියේ සන්තෝෂය රැක ගැනීම කළ හැකිය.
සෞඛ්‍යය
බුධ හා රාහු කේන්දරයේ බලවත්ව ගමන් කිරීම නිසා සෞඛ්‍ය තත්ත්වය සමබරව පවත්වාගෙන යාමට කන්‍යා ලග්න හිමියන්ට හැකියාව පවතී. රක්තවාත පීඩා, නහරගත ආබාධ ඇති විය හැකිය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සුවිශේෂී කුසලතාවයන්ගෙන් යුතුව ඉටුකර ගැනුමට වාසනාව හිමිවේ. ලේඛකයන්ට, ශාස්ත්‍රීය, අංශයේ කටයුතු කරන අයට, සන්නිවේදන ක්ෂේත්‍රයේ පිරිසට යහපත් ප්‍රතිඵල ගෙන දෙන කාලසීමාවක් වේ. විභාග සමර්ථ්‍ය හිමිවන කාලයකි.
ජය අංක – 5, 6
ජය වර්ණ – කොළ, ළානිල්
සුබ දින – බදාදා, සිකුරාදා
තුලා ලග්නය
ආර්ථිකමය ප්‍රගතිය
කේන්දරයේ ග්‍රහ ගමන අනුව මේ මාසය තුලා ලග්න හිමියන්ට යහපත් ප්‍රතිපල ගෙන දෙන මාසයක් බව පැවැසිය හැකිය.
ආර්ථිකය හා රැකියාව
වෘත්තීය කටයුතු, අපේක්ෂාවන් සාර්ථකව ඉටුකර ගැනීමට හැකියාව ලැබේ. ආර්ථිකමය ප්‍රගතිය යන කරණු සම්බන්ධව බෙහෙවින් සතුටුදායක වාතාවරණයක් පවතින බව කිව යුතුය. තමාගේ වෘත්තිය, රැකියා අරමුණු උත්සාහයෙන්, උනන්දුවෙන් යුතුව ඉටුකර ගැනීමට මේ කාලසීමාව ඉතා යහපත් බව පැවැසිය හැකිය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතු සමබරව පවත්වා ගැනීමට මේ කාලසීමාවේ තුලා ලග්න හිමියන්ට හැකියාව ලැබෙනවා ඇත. දූ දරුවන් සම්බන්ධයෙන් වුවත් ඔවුන්ගේ ජීවිතයේ අභිවෘද්ධිය දැක ගන්නට හැකි වේ. දරුවන්ගේ විවාහ කටයුතු ආදිය පිළිබඳ ඉෂ්ට සිද්ධ වන තීන්දු තීරණ ගැනීමට එළඹෙන කාලයකි.
සෞඛ්‍යය
මේ කාලසීමාව සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ අයහපත් කාලවකවානුවක් නොවේ. මධ්‍යස්ථ ආකාරයෙන් සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට අවකාශ හිමිවේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවලටද හිතකර මාසයක් ලෙස ඔක්තෝම්බර් මාසය හැඳින්විය හැකිය. අධ්‍යාපනික ප්‍රබෝධයක්, සාර්ථකත්වයක් තමන්ගේ විභාග ආදියෙන් ඉහළ මට්ටමින් සමත් වීමේ අවකාශ ඔබට පවතී.
ජය අංක – 6, 5
ජය වර්ණ – ළා නිල්, කොළපාට
සුබ දින – බදාදා, සිකුරාදා
වෘශ්චික ලග්නය
ප්‍රමාද වූ අපේක්ෂා ඉටු වේ
ඔබගේ කේන්දරයේ ග්‍රහ ගමන අනුව මේ මාසය ඔබට සුබපල අත්කර දෙන මාසයක් බව පැවැසිය යුතුය.
ආර්ථිකය හා රැකියාව
ඔබගේ වෘත්තීමය කටයුතුවල බෙහෙවින් සුබපලදායක තත්ත්වයක් ඇති කරන මාසයක් බව පැවැසිය යුතුය. ආර්ථික සංවර්ධනයත් ඇතිවන බවද පැවැසිය යුතුය. තම ජීවිතයෙහි ප්‍රමාද වූ අරමුණූ අපේක්ෂා පැවැතියා නම් ඒවා සාර්ථක කර ගැනීමට ඉටුකර ගැනීමට හැකියාව ලැබේ.
ගෘහ ජීවිතය
ගෘහ දිවියේ කටයුතු මධ්‍යස්ථබවකින් යුතුව ගෙන යාමට ඔබට හැකියාව ලැබේ. ඉවසිලිවන්තව ක්‍රියාකිරීම තුළින් යුගදිවියේ බාධාවන් ඉවත් කර ගනිමින් සමබරව පවත්වා ගත හැකිය.
සෞඛ්‍යය
ග්‍රහ ගමන අනුව, උදරගත පීඩා, හෘදය සම්බන්ධ, හෘදනාලවලට සම්බන්ධ යම් යම් පීඩාකාරි තත්ත්වයන් ඇතිවිය හැකිය. ඒ නිසා ඒ පිළිබඳ වඩාත් කල්පනාකාරිවීම යහපත් වේ.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සාර්ථක ප්‍රගතියක් ඇති කිරීමට සමත් මාසයක් ලෙස ඔක්තෝම්බර් මාසය හැඳින්විය හැකිය. මෙතෙක් කල් උසස් සාමාර්ථ්‍යයක් ලබා ගැනුමට බැරි විෂයයන් පැවතියේ නම් මේ කාලසීමාවේදී එම බාධාකාරී තත්ත්ව ඉවත් වී උසස් ප්‍රතිඵල ලැබීමේ භාග්‍යය ඔබට පවතී.
ජය අංක – 9,1
ජය වර්ණය – රතු, තඹ
සුබ දින – අඟහරුවාදා, ඉරිදා
ධනු ලග්නය
හදිසි ධන ලාභ හිමිවන කාලයක්
ධනු ලග්න හිමියන්ට ඔක්තෝම්බර් මාසය යහපත් ප්‍රතිඵල ගෙන දෙන මාසයක් බව පැවැසිය හැකිය. ඔබගේ කේන්දරයේ ග්‍රහ ගමන අනුව මේ මාසය ඔබට එක්තරා මට්ටමක ප්‍රබෝධමත් ආකාරයෙන් ගත කිරීමට හැකිවන මාසයක් බව පැවැසිය යුතුය.
ආර්ථිකය හා රැකියාව
වෘත්තිය කටයුතුවල සාර්ථකත්වය, දියුණුව වගේම බලාපොරොත්තු නොවන හදිසි ධන ලාභ හිමිවන කාලසීමාවක් බව පැවැසිය යුතුය. උරුමයෙන් තමාට යම් යම් දේ හිමිවන කාලයක් ද වේ.
ගෘහ ජීවිතය
ගෘහ දිවිය ගෙන යාමේදී එයද සමබරව පවත්වාගෙන යාමේ ඉඩකඩ මේ මාසයේ දී ධනු ලග්න හිමියන්ට උදාවේ. දූ දරුවන්ට ද යහපත් කාලයකි.
සෞඛ්‍යය
සෞඛ්‍යය පිළිබඳ කතාකිරීමේදී සෞඛ්‍යය ද මධ්‍යස්ථ ආකාරයෙන් පවත්වාගෙන යාමට ධනු ලග්න හිමියන්ට හැකියාව ලැබේ.
උදර මාර්ග ආශ්‍රිත රුධිරගත සුළු සුළු පීඩා ඇතිවිය හැකිය. ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතුවලට ද යහපත් කාලසීමාවකි. ගුරු කේන්දරයේ උච්චව ගමන් කිරීම එයට හේතුවයි. අධ්‍යාපනමය වශයෙන් සුබ ප්‍රතිඵල සපුරා ගැනීමේ අවකාශ පවතී.
ජය අංක – 3,1
ජය වර්ණ – රන්වන්, රතු
සුබ දින – බ්‍රහස්පතින්දා, ඉරිදා
මකර ලග්නය
අපේක්ෂා අනපේක්ෂිතව ඉටුවේ
මකර ලග්න හිමියන්ට ඔක්තෝම්බර් මාසය මධ්‍යස්ථ ආකාරයෙන් ප්‍රතිපලවලට වඩා වැඩියෙන් ප්‍රතිඵල ලබා දෙන මාසයක් බව පැවසිය යුතුය. මෙයට හේතුව සිකුරු කේන්දරයේ නව වැන්නට ගමන් කිරීමත්, පසුව දහවැන්නට ගමන් කිරීමත්ය.
ආර්ථිකය හා රැකියාව
රැකියා කටයුතුවල දියුණුව, ආර්ථික ප්‍රගතිය මෙන්ම තමන්ගේ වෘත්තීය ජයග්‍රහණ ළඟා කර ගැනුමට සුබවාදි මාසයක් වේ. තම අපේක්ෂාවන් අනපේක්ෂිත ආකාරයෙන් ඉටුවීම, ජීවිතයේ ප්‍රබෝධය යන බොහෝ යහපත් කරුණු රැසක් ඉටුවන බව පැවැසිය යුතුය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතුවලදි ඉවසිලිවන්තව ප්‍රවේසම් සහගතව කටයුතු කළ යුතුය. සහකරු හා සහකාරියට කිසියම් ආකාරයක සෞඛ්‍යමය පීඩා ඇතිවිය හැකිය.
සෞඛ්‍යය
මකර ලග්න හිමියන්ට එතරම් ප්‍රශස්ත බවක් ඇතැයි පැවැසිය නොහැකිය. සුළු වශයෙන් හෝ හෘදයාබාධවලින් පෙළෙන්නේ නම්, යම් යම් අර්ශස් වැනි පීඩා, බඩවැල් සම්බන්ධ පීඩා ඇතිනම් වඩාත් සුපරීක්ෂාකාරී වීම අත්‍යවශ්‍ය වේ. එමෙන්ම එවැනි රෝගවලට පාත්‍ර වීමේ ඉඩකඩ ඇත.
අධ්‍යාපනය
අධ්‍යාපනික කටයුතුවලට ඉතාම යහපත් මාසයක් බව පැවැසිය යුතුය. විභාග සමත්වීම, සම්මුඛ පරීක්ෂණවලින් සමත්වීම, සිදුවන ඉතා යහපත් කාලසීමාවක් බව පැවසිය යුතුය.
ජය අංක – 6,5
ජය වර්ණ – ළා නිල්, කොළ
සුබ දින – සිකුරාදා, බදාදා
කුම්භ ලග්නය
කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතු කාලයක්
කේන්දරයේ පවත්නා ග්‍රහ ගමන අනුව කුම්භ ලග්න හිමියන්ට සමපලදායක මාසයක් බව පැවැසිය හැකිය.
ආර්ථිකය හා රැකියාව
තමාගේ වෘත්තීය කටයුතු සම්බන්ධයෙන් ප්‍රමාණාත්මක මට්ටමේ සාර්ථකත්වයක් ලබා ගැනීමේ අවකාශයක් ඇත. ආර්ථික කටයුතු සමෘද්ධිමත් වන කාලයකි. එහෙත් යම් යම් බාධා මතුවිය හැකිය.
ගෘහ ජීවිතය
ගෘහ ජීවිතයේ කටයුතුවලදී ඉතාම ඉවසිලිවන්තව, විමසිලිමත්ව කටයුතු කළ යුතු වේ. කල්පනාකාරීව තීන්දු තීරණ ගත යුතු අතර ආවේගශීලි නොවිය යුතුය. ඒ මඟින් ගෘහ ජීවිතයේ සමබරතාවය පවත්වාගත යුතුය.
සෞඛ්‍යය
සෞඛ්‍යය පිළිබඳ විමසිලිමත්විය යුතුය. වැටීම්, තැලීම්, අනතුරු පීඩා, ලේ සෙලවීම්, උදරගත පීඩා මතුවීමෙන් සෞඛ්‍යමය ඌනතාවයක් ඇති කිරීමේ ප්‍රවණතාවයක් පවතී.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු යහපත්ව ගෙනයා හැකි කාලසීමාවකි. බුධගේ යහපත් ග්‍රහ ගමන එයට හේතු වේ. යම් යම් බාධා ඇති වුවද අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගත හැකිය. විභාග ආදිය සමත් වේ. විදෙස් අධ්‍යාපනය හිමිවේ.
ජය අංකය – 8,6
ජය වර්ණ – නිල්, ළා නිල්
සුබ දින – සිකුරාදා, සෙනසුරාදා
මීන ලග්නය
අධ්‍යාපනයෙන් විශේෂ ජයග්‍රහණ
ඔක්තෝම්බර් මාසය මීන ලග්න හිමියන්ට ප්‍රතිඵලදායක, යහපත් සංතුෂ්ටිමත් වාතාවරණයක් ඇති කරන මාසයක් බව පැවසිය යුතුය.
ආර්ථිකය හා රැකියාව
තමාගේ වෘත්තීමය, රැකියා කටයුතුවල සාර්ථකත්වය, ප්‍රගතිය, ඇතිකරන ආර්ථිකමය වශයෙන් සාර්ථකත්වය ඇතිකර ගැනීමට හැකියාව ලැබෙන කාලසීමාවක් වේ.
ගෘහ ජීවිතය
සුබ අසුබ මිශ්‍රව ගෘහදිවියේ කටයුතු සිදුකර ගැනීමට හැකිවන මාසයක් වේ. ගෘහ දිවියේ කටයුතුවලදි සුළු සුළු බාධා පීඩා ඇති වුවත් සමබරව කටයුතු පවත්වා ගත හැකි වන කාලසීමාවක් වේ.
සෞඛ්‍යය
සෙනසුරු ග්‍රහයා රෝග කාරකයා බැවින් සෙනසුරු ලග්නයේ ගමන් කිරීම යහපත් නොවේ. එනිසා නිරන්තරයෙන් ඇති කරන වාත අමාරු, උදරාබාධ, ශරීරයේ සමබරතාවය බිඳීයාම, කුමන හෝ පීඩාවක් නිසා ඇඟපත රිදීම්, වේදනාව මතුවිය හැකිය. එනිසා මේ පිළිබඳ සැලකිලිමත් විය යුතුය.
අධ්‍යාපනය
අධ්‍යාපන කටයුතු සඳහා ඉතාම යහපත් කාලසීමාවක් උදාවන බව පැවැසිය යුතුය. විශේෂ ජයග්‍රහණ, සපුරා ගැනීමට, නොහැකි වූ ඉලක්ක ජය ගැනුමට හැකි වාතාවරණයක් උදාවේ. විශේෂ හැකියා කුසලාත ඉස්මතු වේ.
සුබ දින – බ්‍රහස්පතින්දා, අඟහරුවාදා,
ජය අංක – 3,9
සුබ වර්ණ – රන්වන්, රතු
සුබසෙත පුවත්පත ඇසුරෙන්..