Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
14
නිතරම හැදෙන කොන්දෙ කැක්කුම නොසලකා හරින්න එපා...

- නිතරම හැදෙන කොන්දෙ කැක්කුම නොසලකා හරින්න එපා...Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

39 Views

කොන්දේ කැක්කුම කියන්නේ ඕනම කෙනෙකුට ජීවිතේ එකපාරක් හරි වැළඳිලා තියන දෙයක්.

අද අපි මේ ලිපියෙන් කතා කරන්න යන්නේ ඒ ගැන.


විවිධ වයස් මට්ටම් වල අයට විවිධ හේතු නිසා මේ කොන්දේ කැක්කුම් එන්න පුලුවන්. පාසල් යන වයසේ පසුවෙන දරුවන්ට පවා මේ තත්වය එන්න පුලුවන්. ඉතින් ඒ ගැන ඔබව දැනුවත් කරන්නයි අපි සූදානම් වෙන්නෙ.

කොන්ද කියල අපි සාමාන්‍යයෙන් හඳුන්වන්නේ කෂේරුකාවයි. මේක අස්ථි සමූහයකින් නිර්මාණය වූ අවයවයක්. මේ අවයවයෙන් කරන ප්‍රධාන කාර්යය තමයි අපේ ශරීරය ඍජුව තබා ගැනීමට සහ අපේ චලනයන් සඳහා උපකාරී වීම.

කශේරුකාව අවට පිහිටා තිබෙන මාංශපේෂීන් වලින් තමයි මේ කාර්යය සඳහා ශක්තිය සපයන්නේ.ඉතින් මේ මාංශ පේශීන් ශක්තිමත් නොවුනොත් සහ ඒවා වල ක්‍රියාකාරිත්වය නිවැරදිව නොවුනොත් ඔබට කොන්දේ කැක්කුම් ඇතිවෙන්න පුලුවන්.

දරුවන්ට මේ කොන්ද කැක්කුම් එන්න පුලුවන් හේතු මොනවද?
  • අධික බරින් යුතු පාසල් බෑග් රැගෙන යාම
  • පසුපස ආධාරක නොමැති අසුන් වල බොහෝ වෙලා වාඩිවී සිටිම
  • ක්‍රීඩා කිරීමෙදි සිදුවන අනතුරු
  • වැරදි ඉරියව්
වැඩිහිටියන්ට කොන්ද කැක්කුම් එන්න පුලුවන් හේතු මොනවද ?
  • වැරදි ඉරියව්
  • අනවශ්‍ය ලෙස බර එසවීම්
  • වැරදි ඉරියව් වලින් බර එසවීම්
  • අඩි උස පාවහන් පැළඳ බොහෝ වෙලා සිටගෙන සිටීම
  • අධික ලෙස ව්‍යායාම කිරීම
  • අස්ථි දුර්වලතා
  • ඔස්ටියෝපොරෝසිස්
  • ආතරයිටිස්
  • ප්‍රමිතියකින් තොර මෙට්ට භාවිතය
  • ශරීර අභ්‍යන්තරයෙ විවිධ ලෙඩ රෝග
වැරදි පුරුදු නිසා කොන්දේ කැක්කුම් ඇතිවීම වළක්වා ගන්නේ කොහොමද?

නිවැරදිව බර එසවීම
සාමාන්‍යයෙන් කිලෝ දහයකට වඩා බරක් එකවර එසවීම කොන්දේ කැක්කුමක් එන්න හේතු වෙන්න පුලුවන්.එකවර කොන්ද නමා බරක් ඔසවනවාට වැඩිය කකුල් නවා පහත් වී එසවීමයි ඔබ කරන්න ඕන.වැරදි ඉරියව් නිසා එකවරම ඔබට කොන්දේ කැක්කුමක් නොහැදුනත් කාලයක් පුරා සිදුවෙන වැරදි ඉරියව් නිසා පසුකාලීනව කොන්දේ ආබාධ ඇතිවෙන්න පුලුවන්.එසේ වැරදි ඉරියව්වෙන් කොන්දට බර යෙදීමේදී කොන්ද ආශ්‍රිත පේෂිවල සහ තන්තුවල ඇදීම් සිදු වෙනවා. එවිට කොන්ද ආශ්‍රිත මාංශපේෂින් වලට අනවශ්‍ය පීඩාවන් ඇතිවී කොන්දේ ආබාධ ඇතිවීම සිදුවෙනවා.ඒ නිසා ඔබ බර එසවීමේදි ඒ ගැනත් සැලකිලිමත් වෙන්න.

අඩි උස පාවහන් භාවිතය අවම කිරීම
කාන්තාවන් කාර්‍යාලයට යන විට ,සාද වලට හෝ වෙනත් උත්සව අවස්ථාවන් වලදි බොහෝ විට අඩි උස පාවහන් භාවිතා කරනවා.කාර්‍යාලයට යනවිට ප්‍රවාහන සේවා වලදි දිගු වෙලාවක් එක දිගට සිටගෙන සිටීම නිසාත් , වෙනත් අවස්ථාවන් වලදිත් බොහෝ වේලාවක් මේවා පැළඳ සිටීම නිසාත් කොන්දේ කැක්කුම් එන්න පුලුවන්. එයට හේතුව අඩි උස පාවහන් මගින් පාදයේ, උකුල් පෙදෙසේ මෙන්ම කොන්දේද මාංශපේෂි සහ අස්ථි වෙත අනවශ්‍ය පීඩනයක් එල්ල විමයි.ඒ නිසා අත්‍යවශ්‍යයම අවස්තාවක ඇරෙන්න අඩි උස පාවහන් වලින් ඈත්වෙලා ඉන්න එක ඔබේ දෙපා වලට වගේම සෞඛ්‍යයටත් හොඳයි.

වැරදි ඉරියව් වලින් වැළකීම
බොහෝවිට බොහෝ දෙනා අතින් සිදුවෙන වරදක් තමයි මේක.ඉඳගැනීම , නිදාගැනීම ,ඇවිදීම, දිවීම ඇතුලු දෛනික ක්‍රියාකාරකම් වලදි ,ඔබ ඒවා සිදුකරන වැරදි ඉරියව් නිසා පසුකාලීනව ඔබට කොන්දේ ආබාධ ඇතිවන්නට පුලුවන්.

කැල්සියම් අඩංගු ආහාර ගැනීම
කැල්සියම් මදිකම නිසාත් ඔබට විවිධාකාරයෙන් කොන්දේ කැක්කුම් ඇතිවන්නට පුලුවන් .නිරෝගී පුද්ගලයින්ට වඩා ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන් තියෙන අයට කැල්සියම් ඌනතාවය නිසා අස්ථි වල දුබලකම් ඇතිවීමේ අවදානම තියෙනවා.අස්ථිවල යම් බිඳීමක් සිදු උනොත් ඒක යථා තත්ත්වයට ගන්නත් සෑහෙන කලක් කැපකිරීම් කරන්නට වෙනවා.මේ නිසා කැල්සියම් අඩංගු ආහාර පාන ඔබේ ආහාරයට එකතු කරගන්න හැකිනම් ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයන් නිසා ඇතිවෙන කොන්ද අමාරු නැතිකරගන්න ඔබට පුළුවන්.

ඔබේ බර ගැන අවධානය යොමු කිරීම
සිරුරේ ඉනෙන් ඉහල බර වැඩිවීම කොන්දේ කැක්කුම් වලට හේතුවක් වෙන්න පුලුවන් .ඒ නිසා ඔබ ඔබේ බර ගැන වගේම, ඔබේ උසට සරිලන බර තියෙනවද කියලත් සැලකිලිමත් වෙන්න ඕන.ඔබේ බර වැඩි නම් ආහාර පාලනයට වගේම සුදුසු ව්‍යායාම වලට යොමු වීමත් වැදගත්
විවිධ ලෙඩ රෝග වල ලක්ශණයක් විදියටත් ඔබට කොන්ද කැක්කුම් එන්න පුලුවන් .මොනවද ඒ ලෙඩ රෝග?
  • වකුගඩු රෝග
  • මුත්‍රා මාර්ගයේ ගල්
  • ගර්භාෂය ආශ්‍රිත රෝග
  • අග්න්‍යාශය ආශ්‍රිත රෝග
  • රුධිර වාහිනී වල රෝග
කොන්දේ කැක්කුම දැනෙන ආකාරය එකිනෙකාට වෙනස් වෙනවා. මොනවද ඒ ලක්ෂණ?
  • සුලු කැක්කුමක් ලෙස
  • තද කැක්කුමක් ලෙස
  • කොන්ද දැවිල්ලක් ලෙස
  • කකුල් හිරි වැටීමක් / කකුල් පණ නැති වීමක් ලෙස
කොන්ද කැක්කුමක් සෑදුන විට ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු අවස්ථා මොනවද?

මෑත කාලයකදි තද බල ලෙස කොදු ඇට පෙලට අනතුරක් සිදුවූ යේ නම්
  • අවුරුදු 50 ට වඩා වැඩි නම්
  • සීග්‍රයෙන් බර අඩු වන්නේ නම්
  • ඔබට උණ පවතින්නේ නම්
  • ඔබට කිසියම් පිලිකා තත්වයක් තිබුනේ නම්
  • දෙපා හිරි වැටීමක් ඇත්නම්
  • දෙපා පණ නැති වේ නම්
  • ආහාර අරුචිය ඇත්නම්
  • මුත්‍රා අඩස්සිය ඇත්නම්
  • මුත්‍ර නොදැනීම පිට වේ නම්
මේ සඳහා කරන වෛද්‍ය පරික්ෂණ මොනවද ?
  • සම්පුර්ණ රුධිර වාර්තාව ( full blood count / FBC )
  • ESR Report
  • කොදු ඇටපෙලේ එක්ස් කිරණ වාර්තාව( X – Ray )
  • කොදු ඇටපෙලේ සි .ටි වාර්තාව (C.T Scan)
  • MRI ස්කෑන් පරික්ෂාව
සුලු කොන්දේ කැක්කුමක් ඇතිවූ අවස්ථාවක නිවසේදි ඔබට කල හැකි ප්‍රතිකාර මොනවද?
 
  • අයිස් වලින් තැවීම
  • උණු වතුරෙන් තැවිම
  • තෙල් සාත්තු
  • සම්බාහනය කිරීම
කොහොම උනත් කොන්දේ ආබාධයක් කියන්නේ සුලුකොට තැකිය යුතු දෙයක් නෙමෙයි.සුලු කොන්දේ කැක්කුමක් එන වලක්වා ගන්න නම් ඔබට ඔබේ සමහර වැරදි පුරුදු අත් හරින්නට වෙනවා.ඒ ඇරුනම අනෙක් අවස්ථාවලදී වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවීම නුවණට හුරුයි.
උපුටා ගැනීමක් 
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top