Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Jun
08
දරන්න බැරි විදුලි බිල මට්ටු කරන හොඳම ක්‍රමය මෙන්න

- දරන්න බැරි විදුලි බිල මට්ටු කරන හොඳම ක්‍රමය මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

14 Views

විදුලි බිල පර්ස් එකට ප්‍රශ්නයක් නේද ? 


ඉතිං මේ වටින ලිපියෙන් කියලා දෙන්න හදන්නේ දරාගන්න බැරි විදුලි බිල මට්ටු කරන හැටි... කියවලා බලන්නකෝ...

ගෘහණියක් වශයෙන් මෙවැනි මොහොතක, තම නිවෙසේ මාසික ආදායමට සාපේක්ෂව අනෙකුත් සියලු වියදම්ද සකසුරුවම්කමින් හා අරපිරිමැස්මෙන් යුතුව සමබරව පවත්වාගෙන යෑම ඉතා වැදගත්ය. එනිසා මෙවර Her අතිරේකයෙන් අප සාකච්ඡා කරන්නේ නිවෙසේ මාසික වියදම අඩු කර ගැනීමට විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු ආකාරය පිළිබඳවයි. මූලික වශයෙන් නිවෙසේ විදුලි බිල්පත අඩුකර ගනිමින් ගෘහස්ථ විදුලි පරිභෝජනය අරපිරිමැස්මෙන් භාවිත කරන්නේ කෙසේදැයි බලමු.

රටක් වශයෙන් ගත් කල ශ්‍රී ලංකාවේ ගෘහස්ථ විදුලි පරිභෝජනය ඉහළම මට්ටමක පවතී. ගෘහස්ථ විදුලි පරිභෝජනය අඩු කරගතහොත් රටේ සමස්ත විදුලි පරිභෝජනයට වැයවන වියදමද ඒ හරහා අවම කර ගත හැකියි. ගෘහණියක ලෙස කාන්තාවන්ට තම නිවෙසේ විදුලි පරිභෝජනය අවම කර ගැනීම සඳහා වැඩි වගකීමක් පැවරී ඇත. රටක් වශයෙන් විදුලිය සංරක්ෂණය කර ගැනීමේ සංස්කෘතියක් ඇති කර ගැනීමට කාත්නාවට ප්‍රමුඛස්ථානය ගත හැකි නම් අගනේය. නිවෙසේ සියලු සාමාජිකයන් එක්කාසු වී තම ජීවන රටාවේ වෙනදා නොවූ යම් වෙනසක් ඇති කර ගැනීමෙන් නිවෙසේ විදුලි පරිභෝජනය අවම කරගෙන, ඒ හරහා රටේ සමස්ත විදුලි පරිභෝජනයද පහසුවෙන් අඩු ගත හැකිය.

විදුලි ඒකකයන් යනු kwh (Kilowatt hour) 1කි. අප භාවිත කරන විදුලි ඒකක ගණන අඩු කර ගන්නවා යනු භාවිත කරන kwh ප්‍රමාණය අඩු කර ගැනීමයි. එසේ වැය වන විදුලි ඒකක ගණන අඩු කර ගන්නවා යනු දෛනිකව භාවිත වන උපකරණයන්හි ක්ෂමතාව අඩු කර ගැනීම සහ එම උපකරණ භාවිත කරන කාලය අඩු කර ගැනීමයි. ඒ අනුව එම ක්‍රමවේදය නිවෙස තුළ ආරම්භ කරන්නේ කෙසේදැයි පහතින් කියවා බලමු.

ශීතකරණය භාවිතය කිරීම

ලංකාවේ සාමාන්‍ය නිවෙසක් තුළ වැඩිම විදුලි පරිභෝජනයක් සිදු වන්නේ ශීතකරණය මඟිනි. දෙවැනි තැන හිමි වන්නේ රෙදි සෝදන යන්ත්‍රයටයි.

ශීතකරණය කාර්යක්ෂමව භාවිත කිරීම සඳහා, ශීතකරණයේ ඇතුළත වායුව පිට නොවන ලෙස ‍ෙදාර නිසි ලෙස වසා තබන්න.

‍ෙදාර අරි – වහන වාර ප්‍රමාණය අඩු කරන්න.

බාහිර පරිසරයේ ඇති උණුසුම් වාතය ශීතකරණය තුළට ඇතුළු වීමෙන් ශීතකරණයේ විදුලි පරිභෝජනය වැඩි වේ.

ශීතකරණය ඝෘජු ආලෝකයෙන් හෝ උණුසුම් පරිසරයෙන් පරිබාහිරව තබන්න.

ශීතකරණය තුළ උණුසුම් ආහාර නොතබන්න. ඒවා කාමර උෂ්ණත්වයට පැමිණි පසු ගබඩා කරන්න.

ශීතකරණයේ පිටුපස කොටසට හොඳ වාතාශ්‍රයක් ලබාදීම හා ශීතකරණය හා බිත්තිය අතර අඟල් 10කවත් පරතරයක් තබන්න.

අධිශීතකරණය තුළ ද්‍රව්‍ය නොමැති විට සිසිල් වීමේ ප්‍රතිශතය අඩු මට්ටමකට මාරු කරන්න. අධි ශීතකරණය තුළ ද්‍රව්‍ය තිබෙන විට උෂ්ණත්ව පාලකය 40%ක මට්ටමකට සීරුමාරු කරන්න.

අධිශීතකරණය තුළ ඇති දිනක් තුළ පිසීමට අවශ්‍ය ආහාර පැය 10-12කට පමණ පෙර ඉවතට ගෙන සාමාන්‍ය කොටසේ තබන්න. එවිට වැයවන විදුලි ප්‍රමාණය අඩුය.

එළවළු, පලතුරු ආදිය පොලිතින් උරවල ඔතා ගබඩා කරන්න.

දියර වර්ග වසන ලද බඳුන්වල බහා ගබඩා කරන්න. එවිට ආහාරවල තෙතමනය මුදාහැරීම සීමා වී විදුලිය අඩුවෙන් වැය වේ.

අවශ්‍යම දේ පමණක්ම පිළිවෙළකට ශීතකරණය තුළ අසුරන්න.

නිවෙසේ අවශ්‍යතාවට ගැළපෙන ප්‍රමාණයේ ශීතකරණයක් තෝර ගන්න.

රෙදි මැදීම

දින කිහිපයකට වරක් එකවර රෙදි මදින්න. දළ කපු රෙදි වර්ගවලින් ආරම්භ කොට අවසානයට සිනිදු සිල්ක් රෙදි මදින්න. එවිට විදුලි සැපයුම විසන්ධි කොට රත් වූ අයන් එකෙහි තාපය උපයෝගි කොට ගෙන එවැනි සිනිදු රෙදි මැදිය හැකියි.

රෙදි මදින මතුපිට යටින් තුනී ඇලුමිනියම් කොළයක් අතුරා රෙදි මදින්න.

රෙදි මදින අතරතුර අයන් එක පසෙකින් තබනවා නම් එහි පතුල සිරස්ව තබන්න.

ස්වයංක්‍රිය තාප පාලක ඇති අයන් එකක් හැකි සෑම විට භාවිත කරන්න.

විදුලි පංකා භාවිතය

විදුලි පංකා භාවිතය වෙනුවට ස්වභාවික වාතාශ්‍රය ලැබෙන පරිදි නිවෙසේ ‍ෙදාර – ජනෙල් තිර රෙදි සකසා ගන්න.

සිවිලිං විදුලි පංකා භාවිතය සීමා කරන්න.

ඒ වෙනුවට අඩු බලශක්තියක් වැයවෙන මේස විදුලි පංකා ආදිය භාවිත කරන්න.

විදුලි පංකා සඳහා ස්වයංක්‍රිය ඉලොක්ට්‍රොනික පාලක සවි කරන්න.

කිසිවකු නොමැති අවස්ථාවලදී විදුලි පංකා නිවා තබන්න.

රූපවාහිනි හා ගුවන්විදුලි යන්ත්‍ර භාවිතයේදී,

රූපවාහිනිය නරඹා අවසානයේදී දුරස්ථ පාලකය මඟින් පමණක් නොව රූපවාහිනියේ ස්විචය මඟින්ද නිවා දමන්න. එසේ නොමැතිව දුරස්ථ පාලකය මඟින් පමණක් එය ක්‍රියා විරහිත කිරීම Stand – by මඟින් වර්ණ රූපවාහිනියක් සඳහා වොට් 18-25ක් අතර අමතර විදුලිය වැය වීමක් සිදුවේ.

රූපවාහිනිය නරඹන විට නිවෙසේ අනෙකුත් අනවශ්‍ය ස්ථානවල විදුලි පහන් නිවා දමන්න.

කිසිවකු නොමැති ස්ථානවල මෙන්ම, පුරුද්දට මෙන් අනවශ්‍යය වේලාවන්හිදීද ගුවන්විදුලිය ක්‍රියාත්මක වනවා නම් එම පුරුද්ද වෙනස් කරන්න.

රෙදි සෝදන යන්ත්‍ර භාවිතයේදී,

නිවෙසේ සේදුම් අවශ්‍යතාවට සරිලන ප්‍රමාණයේ යන්ත්‍රයක් මිලදී ගන්න.

අවශ්‍ය ලෙස වැඩි වාර ගණනක් රෙදි සෝදන යන්ත්‍රය භාවිත නොකරන්න. දින කිහිපයක රෙදි එකවර සෝදන්න. අනුමත බරට වැඩියෙන් හෝ අඩුවෙන් යන්ත්‍රයට යොදන්න එපා. එමඟින් කාර්යක්ෂමතාව අඩුවේ.

වියළීමේ යන්ත්‍රයහි භාවිතය සීමා කොට සෑම විටම රෙදි වියළීම සඳහා හිරු එළිය ප්‍රයෝජනයට ගන්න.

කේන්ද්‍රීය කලතනයක් (Central Agitator) නැති යන්ත්‍ර බල ශක්තිය අඩුවෙන් පරිභෝජනය කරන බැවින් එවැනි යන්ත්‍ර මිලදී ගන්න සැලකිලිමත් වන්න.

විදුලි බල්බ භාවිතය

ප්‍රයෝජනයට නොගන්නා අනවශ්‍ය විදුලි පහන් නිවා තබන්න. සාමාන්‍ය විදුලි බුබුළු වෙනුවට 80%ක විදුලි ඉතිරියක් ඇති බලශක්ති ලේබලය සහිත CFL විදුලි පහන් භාවිත කරන්න. (CFL පහන් සඳහා බලශක්ති ලේබලය 2009 ජූලි 22 වැනි දින 1611/10 දරන රජයේ ගැසට් පත්‍රය මඟින් අනිවාර්යය කර ඇත.)

දිවා ආලෝකයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගන්න. නිවාස සැලසුම් කිරීමේදී ස්වභාවික අලෝකය හැකි උපරිමයෙන් නිවෙසට ලැබෙන ලෙස ‍ෙදාර ජනෙල් ස්ථාපිත කරන්න.

විදුලි බුබුළුවල නිරන්තරයෙන් දූවිලි පිසදා පිරිසුදු කරන්න. එවිට පහනේ උපරිම ආලෝකය ලබා ගත හැකියි.

බිත්ති, සිවිලිම, තිර රෙදි ආදිය සඳහා ලා වර්ණ භාවිත කරන්න. ළා වර්ණ මඟින් ආලෝකය පරාවර්ථනය වේ.

අවශ්‍ය ස්ථානයට පමණක් ආලෝකය ලබා ගන්න. එනම් නිතර භාවිත වන ස්ථානවලට පමණක් හෝ අඩු වොට් අගයක් සහිත පහන් භාවිත කළ හැකියි.

උදාහරණ _ නිදන කාමර, මුළුතැන්ගෙය, ආලින්දය, රූපවාහිනි නැරඹුම් ස්ථානය, නාන කාමරය

අතීතයේදී නිවෙස් තුළ බහුලව භාවිත වූයේ කහ පැහැති ආලෝකයක් සහිත සූත්‍රිකා පහන්ය. පසුව එයට වඩා කාර්යක්ෂම CFL බල්බ හඳුන්වා දුනි. නූතනයේදී CFL වලට වඩා වැඩි කාර්යක්ෂමතාවක්, ආයු කාලයක් සහිත LED පහන් වෙළෙඳපොළේ තිබේ. මෙම කාර්යක්ෂමතාව වැඩි විදුලි පහන් භාවිතයෙන්, විදුලි බිල විශාල ලෙස අඩු කරගත හැකිය.

ලංකාවේ වැඩිම විදුලි ඉල්ලුමක් සහිත වේලාව වන්නේ හවස 06.30-9.30 අතර කාල සීමාවයි. එය දවසේ Peak Time එකක් නොහොත් සමස්තයක් වශයෙන් විදුලිය බහුල වශයෙන්ම වැයවන කාලය වශයෙන් හැඳින්විය හැකියි. එනිසා එවැනි වේලාවන්හිදී විදුලි උපකරණ ක්‍රියාත්මක කිරීම හැකිතාක් සීමා කළ හැකි නම් වඩාත් සුදුසුයි.

සාමාන්‍යයෙන් නිවෙසේ හෝ කාර්යාලයේ වායු සමීකරණ යන්ත්‍ර භාවිත කරන්නේ නම්, උෂ්ණත්වය සෙල්සියස් අංශක 26ට පමණ තබා ගැනීම සුදුසුය. උදෑසන කාලයට පරිසර උෂ්ණත්වය අඩු නිසා ඒ කාලයේදී එම යන්ත්‍ර ක්‍රියාවිරහිත කරන්න. කාර්යාලයක නම් කාර්යාලයෙන් පිටවීමට විනාඩි 15-20කට කලින් ක්‍රියාවිරහිත කරන්න. මක්නිසාද ඔබ රැඳී සිටින අවසාන කාලයේදී අදාළ අවකාශය තුළ සිසිලස ඇති නිසා උණුසුම් බව නොදැනේ.

විදුලි උදුන්, විදුලි කේතලය, රයිස් කුකරයක, අවන් එක, වතුර මෝටරය, නාන කාමරවල භාවිත වන හීටර් වර්ග, ග්‍රයින්ඩරය, බ්ලෙන්ඩරය, ජංගම දුරකථන, ටැබ් පරිගණක ඇතුළු විවිධ තාක්ෂණික උපකරණ, රූපලාවණ්‍ය උපකරණ වන හිසකෙස් වේලන යන්ත්‍ර, Hair Iron ආදිය අවශ්‍යතාව මත පමණක් භාවිත කරන්න.

විශේෂයෙන්ම නිවෙසක විදුලිය වැඩිපුර වැයවන රෙදි සේදුම් යන්ත්‍රය අයන් එක ආදිය Peak Time එකේදී භාවිතය හැකිතාක් අවම කරන්න. මක්නිසාද එවැනි වේලාවකදී අප පරිභෝජනය කරන්නේ, වැඩි පිරිවැයක් යොදා නිෂ්පාදනය කරන විදුලි ඒකකයි.

ඉහත සාකච්ඡා කළ කරුණු ඔබගේ දෛනික ජීවන රටාවට එකතු කර ගැනීමෙන්, අප සැවොම මුහුණ දී ඇති මෙම අභියෝගාත්මක කාලයට තරමක හෝ අස්වැසිල්ලක් ලබාගත හැකි වේවි.

මව්බිම
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්




Hiru FM01 Hiru FM07 Shaa FM01 Shaa FM02



Recent Gossip Post







Master Sir
Master Sir
Master Sir
Master Sir
Paata KUrullo
akurata yana welawe
Follow Us

facebook
X
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
..
Top