2026 වසරට අදාළ ඡන්ද හිමි නාම ලේඛනය ලියාපදිංචි කිරීමේ කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, තමන්ගේ තොරතුරු නාම ලේඛනයට ඇතුළත් වී ඇත්දැයි සහ එහි පවතින දත්ත නිවැරදි දැයි පරීක්ෂා කර බැලීමට අවස්ථාව පවතිනවා.
විශේෂයෙන්ම මෙතෙක් නාම ලේඛනයට ඇතුළත් වී නොමැති පුද්ගලයන්, ලිපිනය, නම හෝ හැඳුනුම්පත් අංකයේ සංශෝධන සහිත පුද්ගලයන් සහ 2009 පෙබරවාරි 01 දිනට පෙර උපන් සියලු දෙනා මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි.
අදාළ සංශෝධන සිදු කර ගැනීම සඳහා තම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා හමුවී අවශ්‍ය විමසීම් සිදු කරන ලෙස කොමිසම දැනුම් දෙනවා.